දොස්තරවරුනි, සැරසෙන්! එල්ලවෙන්! එන්න!

දොස්තරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දක්වන්නට කැමති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ පාදෙනිය පවසයි. 

හොඳයි. මේ දෙගොල්ලන් බොහෝදුරට සමානය. මන්ද ආචාර්යවරු PHD කර Dr. අහවලා ලෙස පෙනී සිටින අතර වෛද්‍යවරු MBBS කර Dr.අහවලා ලෙස පෙනී සිටිති. 

සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිදහස් අධ්‍යාපනය රැක ගන්නට යයි කියනු ලැබේ. අධ්‍යාපනයට රාජ්‍ය වියදමින් 6%ක් වෙන් කරවාගන්නට ඔවුන්ට උවමනාය. 

වෛද්‍යවරුන්ටද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ උවමනාව ඇත. පෞද්ගලික වෛද්‍ය කඩ බිහි වී දොස්තරලා සුලබ වී, රෝගීන්අඩු වුණොත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් අඩු වීම පිළිබඳ ප්‍රශ්නයකුත් තිබේ. 

දොස්තරලා වනු වෘත්තිකයෝ පමණක් නොව පංතියකි. ඒ නිසා පහළම මට්ටමේ රාජ්‍ය ‍සේවකයාගේ ආරම්භක වැටුප මෙන් දොළොස්ගුණයක ආරම්භක වැටුපක් ඔවුන්ට උවමනාය. වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවේ. වැටුප් පරතරය වැඩිකිරීමද අත්‍යවශ්‍යය. 

ඒ කියන්නේ රෝගීන් ලෙස තමන් ළඟට එන රජයේ සේවකයන් සිඟන්නන් වීමද අත්‍යවශ්‍යය. 

හැබැයි දොස්තරලාට කොහොම පඩි වැඩි කළත් අනෙකුත් රජයේ සේවකයෝ විරුද්ධ නැත. මන්ද, රජයේ සේවකයන්ගේ සිහිනය තම දරුවන් දොස්තරලා කිරීමයි. කවුරුද තමන්ගේ දරුවන් අනාගතේ කරන්න ඉන්න රස්සාවට පඩි වැඩි වෙනවාට විරුද්ධ?

ලංකාවේ වාමාංශිකයන්ට මේ මධ්‍යම පාංතික කෑදර ප්‍රතිගාමිත්වය නොපෙනේ. මන්ද, ඔවුන්ද මේ පංතිය වන්දනා කරන බැවිනි. ඔවුන්ගේ අරමුණද මේ පංතියට තම දරුවන් තල්ලු කර ගැනීමයි. දොස්තර කෙනෙක් තමන්ගේ පක්ෂයට සම්බන්ධ නම් බුදු අම්මෝ ඊට වඩා දෙයක් වාමාංශිකයන්ට නැත. 

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. ලංකාව යමින් තිබෙන්නේ ම්ලේච්ඡත්වය දෙසට බව අපි නැවත කියමු.

(දොස්තරවරුනි, මෙහි කමෙන්ට් දමනවිට කලින් අප ඔබ විවේචනය කළ අවස්ථාවලදී මෙන් නොකර තමන්ගේ වැදගත්කම ගැන සිතන්න. අප ඔබගේ වෘත්තිය සමග තරහක් නැත. ඔබගේ සේවය අත්‍යවශ්‍ය බව අපි දනිමු. අප විරුද්ධ ඔබගේ සංගමයේ මධ්‍යම පංතික කෑදරකමට හා එහි ප්‍රතිගාමිත්වයටයි.)

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. irisiyakaraya.... Oya kiyanne, mahansiwela iganagena, dawasema wada karala, oya wage hingannek wela inna kiyalada?
    meka thamayi apita thiyena hene...
    hamoma satan karala padi wadi kara ganilla..
    8 pas amathiya koti ganan hambakaranawa...
    igena gaththa ekata hulan...
    emadiwata mun thawa irisiya karanawa....
    ayi oya amathila ge padi, deemana gana liyanne neththe audu Van walata bayada?

    ReplyDelete
  2. Ape minissu ohoma thamayi, thaman bicycle eke yaddi allapu gedara eka three wheel ekak gaththoth ekatath irisiya karanawa....
    Handiye gini poleee mudalali Benz car gannawa, ewata katha neee...
    kuhaka kame uparimaya, saha heenamanaya....

    ReplyDelete
  3. තමන් දොස්තර කෙනෙක් කියලා පෙන්නන්න, ස්ටිකර් එකක් ගහගෙන යන එකම රට මේක වෙන්න ඇති. අපේ උන්ටත් ඉතින් දෙවිවරු නේ. බෙහෙහ් වරද්දලා, ඔපරේෂන් වරද්දලා මැරුවත් නෝ ප්‍රෂ්. අපි එයාලට බය වෙන්න ඕන. අපි එයාලට ගරු කරන්න ඕන. එයාලව ප්‍රශ්න කරන්න බෑ. (ලෙඩේ ගැනවත්.) අපි එයාලා කියන හැම දෙයක්ම අහන්න ඕන. වෛද්‍ය වෘත්තිය යනු කුමක්දැයි වටහාගෙන, එයට ගෞරවයක් ලබාදෙන පිරිස අල්පයි. කවදත් වගේ ඔවුනට අපගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත.බොහෝ වයිද්‍ය වරු තමන් අසාමාන්‍ය, දේවත්වයට ලංවූ පිරිසක් ලෙසයි සිතන්නේ.සාමාන්‍ය මිනිසෙකු ඔවුනට මැඩම් හෝ සර් නොකීයා ඩොක්ටර් ලෙසින් ඇමතුවොත් අදාල මිනිසා පරික්ෂාවට පවා ලක් නොකරන අවස්ථා තිබේ.තමන් කරන්නෙත් එක්තරා වෘතියක් බව ඔවුනට අමතකය.ඔවුන් සිතන්නේ තමන් රෝගී නොවෙන අමරණීය පිරිසක් ලෙසිනි.

      Delete
    2. ඔයාගේ ලෙඩේ ගැන ඔයා වෛද්‍යවරයා/වරියගෙන් ප්‍රශ්න කරන්න බය නම් මොනවා කරන්නද? ඔයා ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් වෛද්‍යවරයා/වරියත් නිහඬව ඉඳීවී. මම නම් නිතරම මගේ ලෙඩේ ගැන ප්‍රශන අහනවා. ඒ වගේ ම මට කාරුණික උත්තරත් ලැබෙනවා.

      ඔයා කියන ආකාරයේ වෛද්‍යවරු/වරියොත් ඉන්නවා. ඒ වුණත් ඒකෙන් කියන්න බෑ සියළුම වෛද්‍යවරු/වරියෝ එහෙම යි කියලා.

      නීල් ආම්ස්ට්‍රෝං මැරුණෙත් ඔපරේෂන් එකකට පස්සෙ යි. එතකොට ඒ ඇමරිකන් දොස්තරටත් වැරදුණා ද?

      Delete
    3. "ඔයාගේ ලෙඩේ ගැන ඔයා වෛද්‍යවරයා/වරියගෙන් ප්‍රශ්න කරන්න බය නම් මොනවා කරන්නද? ඔයා ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් වෛද්‍යවරයා/වරියත් නිහඬව ඉඳීවී."

      නොදන්නා දේවල් කතා කරන්න එපා. දොස්තර කෙනෙක් (ලංකාවේ නම් මේඩික් කෙනෙක්, මොකද MBBS විතරනේ) විදියට වුර්තියක යෙදෙනකොට ලෙඩා ඇහුවත් නැතත් ලෙඩේ සම්බන්දව, දෙන බෙහෙත් ගැන, අතුරු ආබද ගෙන සහ ප්‍රවේසම් වියයුතු දේ ගැන අනිවාර්යෙන්ම ලෙඩාට පැහැදිලි කිරීමේ වගකීමක් දොස්තරට තියෙනවා. ලෝකේ දියුණු රටවල දොස්තරලා එහෙම නොකලොත් ලෙඩ්ඩුනට පුළුවන් ඒ දොස්තරගේ registration එක නැති කරන්නත් කොම්ප්ලේන් කරලා. ලෙඩා ඇහුවොත් විතරක් කියනවා නම් මොන කෙහෙම්මලකටද දොස්තර කෙනෙක් (ෆාමසිස්ට් කෙනෙකුත් ඇති තුන්ඩු ලියන්න).

      ඔයා වගේ ආකල්ප තියෙන අය නිසා තම ලංකාවේ දොස්තරල අලි ඔලුවෙන් ඉන්නේ (බහුතරයක්).

      Delete
    4. yako umba kiyana tharam pita rata doctorslata nadu watenne ne.. neethi thiyenawa aeth thamanta beheth dena doctor ta wiruddawa nadu daanna suddek unath kemathi ne ban.. guu katha nokiya danne nethi deta kata daanne nethiwa hitapan...

      Delete
    5. In USA,UK and EU countries (I have experience) Doctors and GPs (General Practioners) know their limits. Because of that they just play a professional role as similar to any other job. They don't try to become Godfathers of the country's healthcare... That's why people respect them and dont sue them even if they do a mistake. But in Sri Lanka, these so called world class doctors practice the complete opposite. So we need more laws to regulate their behaviour. If they behave good, people will respect and forgive even if they do a mistake.

      Delete
    6. @ Anonymous, Sept. 7, 2012, 6:26 PM,

      //නොදන්නා දේවල් කතා කරන්න එපා.....blah, blah, blah..//

      දැන් එතකොට ලංකාවේ දොස්තරවරු දෙන බෙහෙත් ගැන, අතුරු ආබාධ ගැන සහ ප්‍රවේසම් වියයුතු දේ ගැන ලෙඩුන්ට පැහැදිලි කිරීමක් කරන්නේ නැතුව ම ඇති නේද? ලංකාවෙත් පුළුවනි හරියට වැඩ කරන්නේ නැති දොස්තර ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කරලා එයාගේ registration එක නැති කරන්න.

      මට නම් එහෙම කරන්න තවම අවස්ථාවක් උදා වුණේ නැහැ, මොකද, තවම මට එහෙම කරන්න අවශ්‍යතාවක් ඇති නොවුණ නිසා. එහෙම වෙච්ච අය complain නොකළා නම් දෝශාරෝපණය කර ගන්න තියෙන්නේ ඒ ගොල්ලන්ටම යි.

      ඔයා නම් කවමදාකවත් ලංකාවේ දොස්තර කෙනෙක් ගාවට ගිහින් නෑ වගෙයි මට පේන්නේ. ගිහිල්ලා තියෙනවනම් මෙහෙම උත්තරයක් ලියන්නේ නැහැ.

      Delete
    7. @ AnonymousSeptember 7, 2012 8:29 PM,

      //yako umba kiyana tharam pita rata doctorslata...//

      tho inna pita rataka hitapiya, nikam lankaave vena dheval gena hota dhaanne nethiva, parayaa.

      Delete
    8. @ AnonymousSeptember 8, 2012 4:21 AM,

      //But in Sri Lanka, these so called world class doctors practice the complete opposite....//

      Can you give just one example where a doctor in Sri Lanka has practiced the "complete opposite"?

      Delete
    9. @ විජේසූරියSeptember 8, 2012 7:30 PM

      I know handful of such incidents with SL Doctors/Specialists. My own exp: One sp. doc prescribed a medicine which was quite expensive (about 2000/- Rs. in 2008) without telling me anything or about side affects. I could only have one dose and got severe neusia, headache and pains etc. then I went to meet him again, he just said "then take this, reduced strength" which was abt 600/- without any explanation..."later I found that the first drug could have even cause internal bleeding or brain damage as side affects. Are we slaves of these idiots? Sad thing is still there are people to protect these morons at anycost even when someone explains his or her first hand experiences. Pathetic!

      Delete
    10. @ AnonymousSeptember 9, 2012 2:44 AM,

      As I'm not a doctor, I can't comment on the side effects of the drug prescribed to you. But I don't think that it's fair on your part to judge the entire doctor folk in Sri Lanka by the action of one single doctor.

      Delete
  4. දැනට අවුරුදු තුනක පමණ සිට විශේෂඥ දොස්තර මහතුන් හතර පස් දෙනෙකුව සමීපව හඳුනා ගැනීමට මට හැකි වුණා. ඔබ සඳහන් කරන ආකල්ප ඒ අය තුළ නොමැති බව යි මට කීමට ඇත්තේ.

    මා කලින් මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීම සුබදායක දෙයක් ලෙස දැක්කත්, ලංකාවේ ව්‍යාපාර කෙරෙන ආකාරය දැකීමෙන් එම අදහස වෙනස් කර ගත්තා. Crony capitalism ක්‍රමයක් ක්‍රියාත්මක වන ලංකාවේ පිහිටු වනු ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිකම් ම නිකම් උපාධි කඩ බවට පත් වීම කිසිකෙනෙකුටත් වැළැක්විය නොහැක්කක්. එම නිසා මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමට ඉඩ නොදිය යුතු යි.

    බැරිවෙලා වත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කෙරුණොත්, දැනට රජයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහි වන වෛද්‍යවරුන්ගෙත් ගුණාත්මක භාවය දියාරු වීමට වැඩි කලක් ගත වන්නේ නැහැ.

    මගේ පුද්ගලික අත්දැකීම්වලින් මට කීමට හැක්කේ, පුද්ගලික රෝහල්වල රජයේ වෛද්‍යවරුන් විසින් කෙරෙන ශල්‍යකර්මවලට අය කෙරෙන ගාස්තු අඩු මට්ටමක පවතින බව යි. ඉතා සංකීර්ණ ශල්‍යකර්මයකට වෛද්‍යවරයෙක් අය කරන ගාස්තුව, නගරයක පිහිටි ලොකු වෙළඳ සලක දෛනික අදායමට වඩා අඩු යි.

    ReplyDelete
  5. ඉරිසියාවෙන් පිරිලා ලියපු post එකක්.

    ReplyDelete
  6. මේක මසුරන් දාන්න ඕනේ කතාවක්! පැරාටනොවේ හීනමානය. කොමෙන්ටු දමපු ජනතාවට. දැන් මේ දොස්තරලත් සටනට එකතු වෙන්නේ ලෙඩුන්වබිල්ලට දීල මිසක් ජනාධිපතිව බිල්ලට දීල නොවේ. මේ ගොල්ලන්ට තියන අසීමිත බලය රැක ගන්න මිසක් මොන නිදහස් අධ්යාපනේද. එයාලගේ පුතුන් පිට රටවලයි, ලංකාවේ පෞද්ගලික විශ්ව විධ්යාලයෙයි. අපේ හරක් දන්නේ නැහැ.

    ReplyDelete
  7. ඉරිසියාවෙන් පිරිලා ලියපු post එකක්.. share karanna tharam watinne ne ban... guu jaraawak..

    ReplyDelete
    Replies
    1. උඹම ලියල උඹම කියවපන්...

      Delete
  8. සුද්දො ලංකාවේ ඇති කරපු අධ්‍යාපන ක්‍රමයෙන් තමයි මෙ වාගේ අය බිහි වෙන්නේ ඒක දැන් යල් පැනලා ,ඒ අය අපි පාලනය කරන්න පහසු වට තමයි ඔය යටත්විජිත ප්‍රගතිගාමී මානසිකත්වය හැදුවේ.ඒ අය දැන් ඒක අත හැරලා එකයි ඒ රටවල් දියුනු වෙලා ඉන්නේ මුලින් සිවිල් සාමාජයේ පොරවල් වුනේ සුද්දො,පස්සේ රට පාවාල දුන්නු කලු සුද්දෝ( බන්ඩාරනායක ,සේනානායක,ජයවර්ධන.විජේවර්දන,වික්‍රමසිංහ,රාජපක්ශ ) නිදහස් අධ්‍යාපනයෙන් ඉහල ගියපු (කැම්පස් ගිය ) මොඩ සිංහල යොත් එහෙම තමයි ඉන්නේ,අර කැම්පස් එකේ සමාජ වාදීයොත් එහෙමයි.කවුරුත් යන්නේ එකම තැනට ,ඒකනේ අහිංසක මිනිසුන්ගෙන් ඉගෙන ගෙන මේ මෙඩිකල් කට්ටිය රගපාන්නේ,කොහොම හරි ට්‍රයි කරලා ගමේ ඉස්පිරිතාලයකට රිංගලා වැඩ නැති වෙලාවට නලාව කරේ දමාගෙන කොරිඩො දිගේ රගන්නේ,ඒක ඉතින් මොඩ රජයේ සෙවකයන්ට හරි ලොකුයි,මම දන්නවා නයිට් කල්බ් යන්න සල්ලි ඉල්ලන් කොන්සො ගැන සල්ලිවලට ඔන දෙයක් කරයි.අර ජෙප්පොන්ටයි,ප්‍රගතිගාමියොන්ටයි මුන් හරිම ලොකුයි.සිවිල් සාමාජෙ පොරක් ඉහත කට්ටියට හරි මාර්කට්

    ReplyDelete
  9. මම හිතන්නේ මුගේ ළමයින්ට ඉගෙනගන්න බැරිවුණ නිසා ඉරිසියාව...
    මුට ඕන එක පිට කරන්න...
    වෙන බයිලා ගහල අන්තිමට එන්නේ එකම තැනට..
    ඒ මදිවට තව ෂෙයාර් කරන්න කියනවා..
    උඹම ලියල උඹම කියවපන්...
    හොඳ වෙලාවට මේ මගුල 100ක් වත් බලන්නේ නෑ ..

    අච්චර කමබ හොරු ගැන ලියන්නේ නෑ.. සුදු වෑන් වලට බයේ...

    ReplyDelete
    Replies
    1. මචන් මම නම් එහෙම හිතන්නේ නැහැ. මේ බ්ලොගය මාසයකට 25000 ක් වත් බලනවා (උඹ ලියන එක වගේ නොවේ). මූ තමයි මචන් කම්බ හොරුන් ගැන ලියන එකා. උඹට තේරෙන්නේ නැහැ බන්, ඒකයි සද්දේ දාන්නේ. ඔය දොස්තරලගේ සටන් ගැන මට කියන්න තියෙන්නෙත් මුගේ සිතිවිල්ලට සමාන දෙයක්. මේක තමන්ගේ සමාජ තත්වය රැක ගන්න කරන අරගලයක් මිසක්, නිදහස් අධ්‍යාපනය රැක ගන්න කරන අරගලයක් කියා මෙයාලගේ අතීත කෙරුවාවල් වලින් හිතා ගන්න බැහැ. මේ ගොල්ලෝ වැඩ වර්ජනය කරන කිසිම වෙලාවක දුප්පත් මිනිසුන් ගැන හිතනවාද? නැහැ. අනික මෙයාලට අවශ්‍යයි මචන්. උපාධිය ඉවර කරපු ගමන් රැකියාව සහතික කරන තත්වය ඉදිරියටත් තියා ගන්න. අර කියන්න වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ. මොකද ඊළඟ ලෙඩාව ගන්න එක තමා හිතේ තියෙන්නේ. මචන්, මටත් පත්තර වල බන කියන දොස්තරලා දෙතුන් දෙනෙක් හම්බ වෙලා තියනවා ලෙඩෙක් හැටියට. අර පත්තර වල බන කියන්නේ වෙන එවුන්නේ බොලේ. ඒ ගති ගුණ කොහේ ගියාද? මචන්, උඹ කලින් බැලුව නම්, මූ සුදු වෑන් වලට නම් බයයි කියල කෙලින්ම ලියල තියනවා. Anaatha

      Delete
    2. @ Anonymous, September 8, 2012 10:25 AM

      //මම හිතන්නේ මුගේ ළමයින්ට ඉගෙනගන්න බැරිවුණ නිසා...//

      ඒ කතාව වැරදි යි, සහෝදරයා. මේ බ්ලොග් රචකයා ලියන්නේ තමුන්ගේ අදහස. ඒකට එයාට පූර්ණ නිදහස තියෙන්න ඕනේ. අපි ඒකට එකඟ නැත්නම්, අපි කරන්න ඕනේ අපි එකඟ නැත්තේ මොකද කියලා කාරණා සහිතව උත්තරයක් ලියන එක මිසක් බ්ලොග් රචකයාටයි එයාගේ පවුලේ අයටයි ගරහන එක නොවෙ යි (මොකද එහෙම කරන එක ශීලාචාර නැති නිසා).

      Delete
  10. ඔය ඔච්චර සාදාරන නම්..
    අයි කුඩු දුමිය, හිරුනික, භාරත , මර්වින් , සුදර්මන්, කෙහෙළිය, අනිත් ඇමතියෝ..
    බන්දුල පද්මේ, මහින්ද අසුන්දර, තව...කොච්චර..ඉන්නවද හොරු...
    උන් එකෙක් ගැන ලියන්නේ නෑ ..
    පොඩ්ඩක් හිට්ස් වැඩි කරගන්න..
    ගැලරියට සද්ද දානවා
    මේවා බලන්නත් ඉතින් ගොන්නු ඉන්නවනේ...

    ReplyDelete
    Replies
    1. යකාගෙ කතාවක්නෙ. ලියන මිනිහෙක් ලංකාවෙ ඉන්න ඔක්කොම හොරු පිලිවෙලට අරන් ලියන්න ඕනෙද? අනික මොකටද එහෙම ලියන්නෙ? ඔයාව දැනුවත් කරන්ඩද?

      අනික මේකෙ ලියල තියෙන්නෙ හොරු ගැන නෙමේනෙ. තක්කඩි ගැන.

      මොකට නැතත් මේ පෝස්ට් එකට එකඟයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා