දොස්තරලාට රෝහල් වෙලාවේත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න ඉල්ලීමක්

ලංකාවේ වෛද්‍යවරු වනාහි විස්මිත වෘත්තිකයෝ පිරිසකි.ඔවුන්ට ඇත්තේ අරුම පුදුම වෘතිතීය ඉල්ලීම්ය. නිදසුනක් ලෙස ඔවුන්ට වැටුප් වැඩි කරගන්නට පමණක් නොව සෙසු වෘත්තීන්හි යෙදී සිටින මිනිසුන්ගේ වැටුප් හා ඔවුන්ගේ වැටුප් අතර පරතරයක් තබාගන්නටද උවමනාය. තමන්ට ගෙවන සන්නිවේදන දීමනාව සෙසු තමන් වැනි රාජකාරිවල යෙදෙන අයට ගෙවනවාට ඔවුහු විරුද්ධය. 

මේ අලුත්ම ඉල්ලීමයි. ලංකාවේ මිනිස්සු ලෝකයේ බොහෝ රටවල වැඩකරති. එහෙත්, ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඉන්දීය වෛද්‍යවරු වැඩකිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් යෝජනා කරන විසඳුම කුමක්ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් (?????????) ඉල්ලා ඇත්තේ රජයෙන් වැටුප් ලබමින් දවස පුරාම පෞද්ගලික රෝහල්වලද මුදලට වැඩ කිරීමට අවස්ථාව දෙන ලෙසයි. (දැනට සවස හතරෙන් පසු කරන දේට අමතරව)

මේ ඉල්ලීම හරියට ගුරුවරුන් පාසලේ පොතේ අත්සන් කර ටියුෂන් පංතිවල ඉගැන්වීමට ඉල්ලාසිටිනවා වැනිය.

කොහොමද දේශප්‍රේමයේ තරම? විලිලජ්ජාවක් නැතිව මෙවැනි ඉල්ලීමක් කරන්නට පුළුවන්කමක් තිබීමම සම්මාන දියයුතු තත්වයකි.

Release govt. docs to replace Indians in pvt. sector – GMOA

 

article_image

by Don Asoka Wijewardena


The GMOA has urged President Mahinda Rajapaksa and Defence Secretary Gotabhaya Rajapaksa to permit doctors and consultants attached to State-run hospitals to work for private hospitals too.

GMOA President Dr. Anuruddha Padeniya yesterday requested that government medical officers and consultants be allowed to provide round-the-clock health care services at private hospitals, instead of allowing unscreened Indian doctors to do so.

About 184 Indian registered medical practitioners had become consultants in the private hospitals although they did not possess the required qualifications and it was a flagrant violation of the Sri Lanka Medical Ordinance, he told a Media Conference at the GMOA head office.

Dr. Padeniya said that the GMOA General Committee had held a fruitful discussion with President Mahinda Rajapaksa and Defence Secretary Gotabhaya Rajapaksa on the possibility of releasing the doctors and  consultants attached to the government hospitals, as now the government doctors could only visit the private hospitals after 4.00 p.m.

The GMOA was concerned that the patients in the private hospitals had to see either consultants or general practitioners after 4.00 p.m. But, if they sought timely medical attention at the private hospitals before 4.00 p.m. it was often not available. The cardiac and stroke patients were in need of urgent medical attention, he said.
Dr. Padeniya added that the President and the Defence Secretary had consented to implement the programme and wanted the request in writing.
මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මේක තමයි නිදහස් අධ්‍යාපනයේ තියන පරස්පරතාවය. මේ දොස්තරලා මෙහෙම ඉල්ලනවා. පා ගමන් යන ආචාර්ය වරුත් තමන්ගේ දරුවන් පෞද්ගලික පාසල් යවන්න වෙනම දීමනාවක් ඉල්ලනවා. මේ ඉල්ලීම් දෙකෙහිත්, ඔවුන් පෙනී සිටින "නිදහස්" අධ්‍යාපනයත් අතර නොගැලපීමක් තියනවා කියලයි මට නම් හිතෙන්නේ. ලංකාවේ නිදහස් අද්යාපනයෙන් බිහිවුන දොස්තරලාත් 10,000 ක් පිට රටවල සේවය කරනවා. මා හිතන්නේ නැහැ ඔවුන්ට නැවත ලංකාවට ඇවිත් වැඩ කරන්න පුළුවන් කමක් තියනවා කියා. මේ ගාණ පසුගිය අවුරුදු තිහ ඇතුලත බිහි වුන දොස්තරලාගෙන් තුනෙන් එකක් පමණ වෙනවා. ඒ රට යන එකටත් කඩුලු දාන්න පුළුවන් කමක් නැහැ. අනික් අතින් ඔවුන් විරුද්ධයි, තමන්ගේ සල්ලි වියදම් කර ඉගැන්වීමේ අවස්ථා පුළුල් කරන්නත්. මේ සේරම දේවල් විය යුත්තේ ඔවුන්ට ඕනේ ආකාරයට. මිනිසුන්ගේ සහයෝගය මේවාට නොලැබෙන එක පුදුමයක් නොවේ. මොකද ඔය කොච්චර කියුවත් දැනට තියන "නිදහස්" අධ්‍යාපනයෙන් ඇත්තටම තමන්ට ප්‍රතිලාභ නොලැබෙන බවයි බහුතර පිරිසකට තේරෙන්නේ.

    ReplyDelete
  2. http://obanodutulowak.blogspot.com/2012/09/blog-post.html

    Read with comments.
    the doctors are also people who live in this community. they also need money to live. to build a house, feed their children.....Do you think doctors are paid well? the basic of a MBBs doctor is 26000/. they are the people who got highest marks at A/L. they are the brightest students in school. they studied 5 years following hardest course in the universities. do you think the salary paid to them is sufficient?

    at the same time they have sacrificed their life for the patients.they have to work six days per week and every other week ends. ( 13 days for 14 Days) Do you ( the author of this article) work as that? you get leave evry week end. is not it?

    only small proportion is doing private practice. not all.

    ReplyDelete
    Replies
    1. I would like to point out few factors regarding your comment.
      First of all the (doctors) are the people who got highest marks in "bio science" stream in A/Ls. Lets not forget that there are three other main streams in A/Ls and therefore doctors are not necessarily the "brightest students" in school!
      Secondly if you consider a lecturer in an Engineering faculty, they spend 4 years for their Bachelors degree-2 years for the Masters degree-and finally another 3.5/4 yrs for the PhD. Which means they spend 9-10 years of their lives to get qualified. And they have to work weekends too because most postgraduate degree courses are held over the weekends in universities.

      Delete
  3. "at the same time they have sacrificed their life for the patients"

    ARE YOU NUT ?????? really ? please see a doctor immediately :)

    "only small proportion is doing private practice. not all. "

    This author discuss about that "small proportion" not about "all" by the way no one in real sense expect to work two places in same time and get paid from both places ..... If they really want to do so Gov need to pay for them according to numbers of hours work in a Gov hospital... .....if this happen no one can find a doctor in a Gov hospital other than the salary date.


    Unlike other countries doctors in SL are talented and intelligent but when they deal with society there is no difference between doctors and con-doctors.

    ReplyDelete
  4. dostharalaa kere rachakayaage pudgalika wayirayak ati bawa pene. meeta perada me ichchaa bhangathwaya mohuge lipi thulin pene.namut ohu kiyana deya boruwakda nowe.dawsata eklaksaya abibawaa soyana wedun sitee. ebadu wisheshasgna wedun saahena pramaanayak sitee. namut saatishaya bahutaraya eya nowe. owun ihalatama igena me sooraa kaama sidu karati.privat practis walata gaha maraaganiti.rata pura tawat dostaralaa dahasgananakda sitina bawa amataka nokaranna. rachaka mahataaneni.oba kiyanne ek pattak pamani.anit patte kataawada kiwahaki nam manawi.


    a dr frm maaligaawaththa

    ReplyDelete
  5. පලවෙනි ඇනෝ,
    //පා ගමන් යන ආචාර්ය වරුත් තමන්ගේ දරුවන් පෞද්ගලික පාසල් යවන්න වෙනම දීමනාවක් ඉල්ලනවා.//

    උමත් කතා කරන්නේ අර එස් බී ගෙ අවජාතක පුතාල වගේමනේ. කොහෙද බොල මී හරකො ආචාර්යවරු ළමයින්ය පෞද්ගලික පාසල් වලට යවන්න දීමනා ඉල්ලන්නේ. ගිහින් FUTA සයිට් එකේ රි වෙන තැන් වල හරි ආචාර්්‍යවරුන්ගේ ඉල්ලීම් 06 බලපන්.මැටි කතා කියන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ, ඔය සාවී බලන්න ඉංගිරිසි දැනුමක් තියෙනවා නම්, අප වගේ හෙන්චයියල මේ වගේ අඩවි වලට එනවද? මා ලියුවේ, දිවයින පත්තරේ දැකපු දෙයක්. ඒක වැරදියි කියල නිවැරදි කරන්න කියල ඉල්ලීමක් තිබුනේ නැති හින්දා හිතුවා ඇත්ත කියලා. මොකද මහත්තයෝ ඔය වගේ දෙයක් තප්පුලන්නේ නැතුව සරල සිංහලෙන් ලියන්න බැරි? බලන්න ඔබගේ සිංහලත්? අනේ මහත්තයෝ, ඔබ කන්නාඩියක් ඉදිරියට ගියහම කන්නාඩියෙන් එස්බී වගේ රූපයක් දැක්කොත් කලබල වෙන්න එපා. ඒ ඔබගේ ප්‍රති බිම්බය. ඔබ වගේ මහත්තයලට 6% ක් නොවේ 26% ක් වෙන් කලත් වැඩක් වේවී කියා නම් හිතන්න අමාරුයි මහත්තයෝ!

      Delete
    2. To Racki,

      Any idea of following demand (from http://futa-sl.org/wp-content/uploads/2012/08/FUTA_FrameWorkForMouFinal.pdf)

      "2.5.2 Propose to add Need Base Allowances to the salary. (The details and the types of these
      allowances need to be decided.)"

      However, it seems like FUTA describe these so called "allowances" as per colombotelegraph and some other news papers/sites, FYI, here is the published "alowances" which is NOW DISAPPEAR from FUTA final demands list. so, anyone can see how FUTA is cunning by removing that part and adding "(The details and the types of these
      allowances need to be decided.)".

      Delete
    3. Sorry, missed to add what FUTA was demanding at the beginning... before introduce 2.5.2 (check above comment). check carefully 3.5.2.3, isnt that mean that FUTA "parents" wish to enroll thier kids to international/private schools???

      -------------------------------
      3.5.2 Proposed to add the following Need Base Allowances to the salary

      3.5.2.1 House Rent Allowance for those not living in the university quarter or house owned by the member or spouse (25% to 30% of the basic salary).

      3.5.2.2 Transport Allowance to compensate the cost incurred by the members to travel to work station by their own vehicle or hiring a vehicle or utilizing the public transport.

      3.5.2.3 Children Education Allowance up to two children. The allowance could be varied depending on the category of school attended i.e. government school/private school/in hostel.

      3.5.2.4 Internet and broad band allowance to facilitate the members to maintain private access to internet and email

      Delete
    4. ඔබට ස්තුතියි ඇනෝ විස්තර දැම්මට. මා තමයි අර "එස්බීගේ අවජාතක පුතා". මට අවශ්‍ය නැහැ මේ සටන ට එරෙහිව කරුණු කියලා ආණ්ඩුවට කඩේ යන්න. මේ රජ පවුල පන්නන්න ඕනේ කියන එක මගේ මතය උනත්, තාමත් රටේ බහුතරයකගේ අදහස ඒක නොවේ කියල අප දන්නවනේ. එතකොට මේ ගෙදර ඉන්න චන්දෙ නොදාන කට්ටිය කොහොමද විපක්ෂයට දිනා ගන්නේ. එහෙම වැඩ පිළිවෙලක් රනිල් ඉදිරිපත් කරලා තියනවද? ඔවුනගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද? රටේ අනෙක් දේවල් ගැන ප්‍රතිපත්තිය මොකක්ද? මේවා ගැන හරියට කියලත් නැහැ, ඒ වගේම අතීත ක්‍රියාකාර කම් ගැන වචනයක් කියන්නෙත් නැහැ. එදා ජේ ආර්ගේ කාලේ ධවල පත්‍රිකාව ගෙනාවේ ඔය රනිල් තමා. එය වැරදීමක් කියල නිකමට කියල තියෙනවද? මේ පාරත් එළුවාගේ පස්සේ නිකම් ගිහින් වැඩක් නැහැ. ඕවා හැලෙන්නේ නැහැ. අපට තව දුරටත් රෙජීම් මාරු කරන්න විතරක් අවශ්‍ය නැහැ. මේ ඇදුරු සටනින් මොනවා හරි ලැබෙනවා නම් ලොකු දෙයක්. නමුත් ඔවුනගේ සටනෙත් ලොකු පරස්පරතා තියනවා. මා මුලින් කොමෙන්ටුවෙන් කියපු දෙය එකක්.

      Delete
  6. So, here are the main three demands by FUTA, see how 6% is become number three while they market it as the number 1.

    1. Recognizing University Academics as a distinct professional category, with a new salary
    scheme.
    2. The implementation of the salary proposal made by the Jiffry‐Malik Ranasinghe
    committee
    3. Immediate steps to be taken toward increasing spending on education up to 6% of the
    GDP.

    ReplyDelete
  7. And why it's "Rajya adhyapanaya surakimu"?, it should be "nidhahas adhyaapanaya surakimu". seems some hidden plans by FUTA

    ReplyDelete
  8. ක්‍රිෂ්ණාSeptember 27, 2012 at 8:35 PM

    මහින්ද ජඩාධිපති වෙලා කරන වැඩ බලුවාම ඔය ඉල්ලිම් ඉල්ලිම්ද.

    ReplyDelete
  9. මේ තියෙන්නේ ජුලි මස මාධ්‍ය ආයතන වලට නිකුත් කල FUTA ඉල්ලීම්

    http://www.colombotelegraph.com/index.php/futa-submitted-a-comprehensive-framework-for-discussion/

    3.5.2 Proposed to add the following Need Base Allowances to the salary
    3.5.2.1 House Rent Allowance for those not living in the university quarter or house
    owned by the member or spouse (25% to 30% of the basic salary).
    3.5.2.2 Transport Allowance to compensate the cost incurred by the members to travel to
    work station by their own vehicle or hiring a vehicle or utilizing the public
    transport.
    3.5.2.3 Children Education Allowance up to two children. The allowance could be varied
    depending on the category of school attended i.e. government school/private
    school/in hostel.
    3.5.2.4 Internet and broad band allowance to facilitate the members to maintain private
    access to internet and email

    1. පඩිය 30%කි වැඩිකරව්
    පඩි ගිය වසරෙත් වැඩිකලබව, විශ්ව විද්‍යාල ආචාර්යවරුම පිලිඅරන් ඉවරයි
    2.පඩියෙන් 30%ක නිවාස දීමනාවක් දියව්
    3.ඉන්ටනෙට් දීමනා දියව්
    4.ලමයිට පුද්ගලික පාසැල්වලට යන්න දීමනා බොඩිංගාස්තු දීමනා දියව්
    5.ප්‍රවාහන දීමනා දියව්
    6. රජයේ මුදලින් වාරික ගෙවන මෙඩිකල් ඉන්ෂුවරන්ස් දියව්

    මෙන්න මේ ලිස්ට් එකට FUTA එකේ වෙබ් අඩවියේ ලින්ක් එක

    http://futa-sl.org/wp-content/uploads/2012/07/FUTA_FrameWorkForDiscussionOnMoU_05_07_2012.pdf

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා