දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩුකීම

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩු පවරා ඇති බව දිනමිණේ පළවූ පහත සඳහන් වාර්තාවෙන් කියැවේ.

ඒ අසත්‍ය ප්‍රවෘත්තියක්, ද්වේශසහගතව, අගතියක් කිරීමේ චේතනාවෙන් පඝ කිරීම නිසාලු.

හත්ඉලව්වේ එතකොට දිනමිණ කරන්නේ ඒක නොවේද? ලංකා ඊ නිව්ස්හි පළවන වාර්තාවලට සමාන හා ප්‍රතිවිරුද්ධ වාර්තා නොවේද දිනමිණේ පළවන්නේ?

ඉතින් මේ වාර්තාකරණය නිව්ටන්ගේ තුන්වන නියමය අනුව තුලනය වන්නේ නැද්ද?

මේ ජනමාධ්‍ය දෙකම ප්‍රබන්ධ සාහිත්‍යය පැත්තෙන් ගත් කල එකකට එකක් නොපරදින අන්දමින් තරගකාරීය. ද්වේෂය පැත්තෙන්ද එසේමය. එකම කාසියේ දෙපැත්ත වැනිය. 

වෙනසකට ඇත්තේ දිනමිණ බලවත් පාර්ශ්වයත්, ලංකා ඊ නිව්ස් ජනප්‍රිය පාර්ශ්වයත් නියෝජනය කිරීමයි. කෙතරම් මුදල් තිබුණත්, කෙතරම් සම්පත් තිබුණත්, රාජ්‍ය බලය තිබුණත් ලංකා ඊ නිව්ස් අභිභවායන්නට නොහැකිවීම ගැන දිනමිණ කණගාටු වනබව පෙනේ. 

අහෝ දුකකි!

ද්වේශ සහගත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකිරීමෙන් සිදු වූ අගතියට රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම “ලංකා ඊ නිවුස්” වෙබ් අඩවියට විරුද්ධව පැවරූ නඩුව දෙසැම්බර් 12 දින විභාගයට ගන්නා බව කොළඹ දිසා අධිකරණය ඊයේ (20) දන්වා සිටියේ ය.
මේ නඩුව ඊයේ (20) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු විභාගයට වෙනත් දිනයක් නියම කරන ලෙසට දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව නඩුවේ විභාගය එදිනට නියම කෙරිණි.
ලේක්හවුස් ආයතනය මඟින් ලංකා ඊ නිවුස් කර්තෘ හා හිමිකරු වන ඩී. පී. සඳරුවන් සේනාධීර, ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් මේ නඩුව පවරා තිබිණි.
2008 ඔක්තෝබර් 15 දින “ලේක්හවුස් මහදැනමුත්තා සහ ගෝලයන්ගේ අලුත් කතාව” යන මැයෙන් ඊ නිවුස් හි පළ වූ පුවතට විරුද්ධව මේ නඩුව 2009 පෙබරවාරි 29 දින පවරන ලදී.
මේ අසත්‍ය ප්‍රවෘත්තිය ද්වේශසහගතව අගතියක් කිරීමේ චේතනාවෙන් ප්‍රසිද්ධ කර ඇති බවත්, එමඟින් පැමිණිලිකාර සමාගමට සිදු වූ හානියට රුපියල් මිලියන සියයක් අයකරදෙන ලෙසත් ඉල්ලා මේ නඩුව පැවැරිණි.=

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මේක නම් පැරා හරිම ඇත්ත එකම කාසියේ දෙපැත්ත තමා. මේ දෙකෙන්ම සමාජයට යහපතක් වන්නේ නැහැ.
    මගේ කවි සහකරු දැන් මොකද පේන්න නැත්තේ. අයියා පටන් ගමුද කවියක්?
    Anaatha

    ReplyDelete
  2. නිව්ටන්ගේ 3 වැනි නියමය යොදන්න වස්තු දෙකක් ස්පර්ෂ වෙලා තියන්නේ ඕනා ..
    නිකන් මෝඩ තර්ක දාන්න එපා.............

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයා රූපක කියන ඒවා අහලා නැත්ද?

      Delete
  3. ගොං වහංගතේSeptember 23, 2012 at 4:14 PM

    හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා
    සිංහ බලු කොඩිය වැසිකිළි වළක තියා
    තියෙන කුඹුරටත් නියඟය වරෙන් කියා
    අනාත ඕං මං ආවා නටමු ගයා

    උගත් කමයි, බුද්ධිය දෙක හොඳට අනා
    මුන්ට දිය යුතුයි ඡන්දෙට පළමු මනා
    එහෙම නොවෙන කල් මේ බලු කොඩිය වනා
    වලපල්ලට අරිනතුරු රට හිඳිමු සනා

    නිය‍ඟෙට කුඹුරු පාළු ලු වහ බොනවාලු
    ඡන්දෙ දාට වගේ වගක් නැතුවාලූ
    අම්මප මෙහෙම නරි ජීවත් වෙනවාලූ
    බූ වල්ගෙන් නෙමෙයි මුන් හැඳි ගෑ යුතු යාළු

    බල්ලෙක් රජවෙලා රට බලු ගඳේයා
    බේරේ, ටොරින්ටං ඒ ගඳ දිගේයා
    සැළලිහිනියත් කපුටෙකි ගඳ කතේයා
    එහෙව් අමන රට කෝවක මැකේයා

    මැකිලා නැවුම් ඉර පායා වරේයා
    සොයුරෙක් රජ කොරන් රත් පැහැ ගැනේයා
    කවලම් ජාතියට පිං බිම සැදේයා
    අවුරුදු අසූවක් ඉන්නට ලැබේයා

    මෙයට ගොං වහංගතේ........

    ReplyDelete
  4. හිටියේ උඹ කොහෙද අපේ ගොන් වහන්ගතේ
    ගැහුවා මනාපය නම් අප උන්ට පුතේ
    මේ වගේ හරක් නම් ලොවේ කොහේ වත්ම නැතේ
    ගෙදර ඇවිත් වහ බොනවා මෙන්න පුතේ

    කුඹුරු ගිනි තියයි වී ටික විකුනන්න බැරී
    රට කර වන්නේ බල්ලන් සහ කපටි නරී
    ඒ කිසි දෙයක් චන්දෙදි සිහි වෙන්නේ නැතී
    කුඩු දුමියාගේ මතක ලෙඩේ හැමට ඇතී!

    විකල්ප කියා නරිවාදම් දෙන අඩවී
    මේකෙම අනික් පැත්ත තමයි පැරා හරී
    මුන් පන්නලා ගෙන ආවත් අරුන් ගෙරී
    කබලෙන් ලිපට වැටුන වගෙයි මගේ සොඳුරී!
    Anaatha

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් උබලා ඵ් දවස්වල කිව්වේ මේක තමා අශ්චර්ය කියලයි.
      දෑන් කියනවා මෙයාලා නරකලු ඵ්ත් මීට වඩා අලි නරක නිසා මෙයාලාව තියාගමුලු.
      ඵතකොට පලවෙනි ඵක තොපි ඵ් කාලේ මෙයාලා හොදයි කියකියා නටලා තියෙන්නේ බොරු නාඩගම්ක්.ඵ් නිසා උබලා බොරු කාරයෝ.
      අලිත් හොරු තමා ඵත් මුන් වගේ මoකොල්ලකාරයෝ නෙවෙයි.

      Delete
  5. ගොං වහංගතේ.....September 23, 2012 at 9:27 PM

    අමතක වුනා ''අනාත'' මට මේ ඩිංග
    කියුමට කතා ඊ නිවුසේ කැත අංග
    හිටියෙම ඊළමත් එක්කයි නැති සංග
    අද නම් කරන්නේ ''මරා''ව නැති භංග

    ඒ හින්ඳා ඊ නිවුසට නොබැනල්ලා
    මැටියෙන් වුනත් ඌ මියන් කයි අල්ලා
    ඕනයි මේ වෙලාව්දි, එකමුතු වෙල්ලා
    එළවන්නට ''මරා'' කැස පොට ගහපල්ලා

    ''මරා'' එළෙව්වට මදි ඊළඟට එන
    සතා ගැනත් ඇහැ ගහගෙන ඉවෙන් මැන
    ඉන්ඳුවොතින් මහ පුටුවේ නොසෙල්වෙන
    රටට ඉතිං දෙවි වැඩියා, අපගෙ පින

    ගොං වහංගතේ.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා