ළිංපඩියේ දන ඇනගෙන නානකොට

ඔන්න කලකට ඉහතදී අගලවත්ත පැත්තේ එක්තරා පාසලකට කොළඹින් ආවා ගුරු මෙනෙවියක් අලුතින් පත්වීමක් අරගෙන. 

කොළඹ නෝනා ගමේ ඉස්කෝලෙට කැමති වුණේ නැහැ. වැඩ බාරගත්තේම මාරු වී යනවායි කියාගෙන. තරහටම හරියට ඉගැන්නුවෙත් නැහැ. 

විදුහල්පතිතුමා ඇයට නතරවෙන්න අසල ගෙයක් සොයාදුන්නා. ඒ ගෙදර අය නාන ළිඳ තිබුණේ ගෙදර සිට මඳක් දුරින්. නිවස අසලම තිබුණා ගමේ බොහෝදෙනෙක් වතුර බොන ළිඳ. අර ඉස්කෝලෙ නෝනා දුර යන්න බැහැ කියලා නෑවේ අර වතුර බොන ළි‍ඳෙන්. 

මේක ගමේ වැඩිදෙනෙකුට ඇල්ලුවේ නැතිවුණාට කවුරුවත් කිසිවක් කීවෙ නැහැ. ඒත්, එක්තරා ගැමි කවියෙක් මෙහෙම දෙයක් කළා. ඔහු ළිං බැම්මේ අඟුරු කැටයකින් ලියූ කවිය තමයි පහත පළවෙන්නේ. ඒ කවි‍ය ප්‍රසිද්ධ වුණාට පසුව අර නෑම නැවතුනාලු.

හිටිඅඩියේ ඇවිල්ලා ඇය අපෙ  ගමට
පිංපඩියේ අනුහස පෙන්වා       සැමට
ළිංපඩියේ දන ඇනගෙන  නානකොට
සිම්පිඩියේ කුණු සේදී යයි         ළිඳට

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ළිං පඩියේ දණ ඇණ ගෙන නෑම හොඳයි නේද, ගෙයි පඩියේ උඩ නානවට වඩා?

    ReplyDelete
  2. අද මොකද අමුතු සැහැල්ලුවක්?

    ReplyDelete
  3. first post ever like this rite?

    ReplyDelete
  4. අද වෙනසක් මේව හොදයි කලින් ඒවා හොදා....යි

    ReplyDelete
  5. පුලුවන්නම් දන්න කෙනෙක් "සිම්පිඩිය" කියන්නේ මොකක්ද කියල දාන්නකෝ.. ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. ගුද හා ලිංගික අවයව පොදුවේ හැදින්වුවා විය යුතුය

      Delete
    2. ඇත්තටම හොද ප්‍රශ්නයක්, ඒ වචනේ තේරුම නැතුව කවිය සම්පුර්ණයෙන් රස විදින්න බැ වගේ. නොදන්නා ගොඩක් දේවල් දන්නවා වගේ ඉන්න සමාජෙක අහපු පැනය වටිනවා. හරිම තේරුම දන්නා කෙනෙක් ඉන්නවනම් ලියන්න.

      Delete
    3. මා මේ වචනනය මීට පෙර දකුණු පලාතේ ගැමියන්ගෙන් අසා ඇත. ඔවුන් කීවේ රිම්පිඩිය..! කියාය. භාවිතා කලේ සාමන්‍යයෙන් පිලිගත නොහැකි විශ්වාස කල නොහැකි දෙයක් කෙනෙකු පැවසූ විට ඊට ප්‍රතිචාරයක් ලෙසයි. ඉංග්‍රීසි වහරේදී bullshit යන වචනය භාවිතයේදී මීට සමාන අරුත් ගෙන දේ.
      උදා:-
      ගුණපාල: මං ඊයේ කනත්ත රෑ හොල්මනක් දැක්ක මගේ ලඟට ඇවිත් ලමය වඩාගන්න කිව්වා
      සිරිසේන:- රිම්පිඩිය..! අනේ පල බොරු නොකිය..
      (bullshit..! don't talk bullshit man)
      භාවිතයෙන් වියුක්තව තනි වචනයක් ලෙස ගත් විට මේ වචනය කාන්තා ජනනඉන්ද්‍රිය ඉඟි කරයි.



      Delete
    4. ස්තුතියි!!

      Delete
    5. ඒ කියන්නෙ "පිලිගත නොහැකි විශ්වාස කල නොහැකි දෙයක්"!!

      Delete
  6. මමත් අදමයි ඒ වචනේ ඇහුවේ... මොකෝ පැරා.. අරක එපා උනැයි.... පොඩ්ඩක් රිලැක්ස් වෙයන්. නැත්නම් ප්‍රෙෂර් හැදෙයි...

    ReplyDelete
  7. පැරා ට ද, අයිවන් ගේ ලෙඩේ බෝවෙලා වගේ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා