රබර් කැලේ ඉස්මත්තෙන් උලලේනෙක් ඇඬුවයි

ඊයේ රෑ එළිවෙනකල් උලලේනෙක් ඇඬුවා
දුකකුත් නැති සැපකුත් නැති හීනෙක මං හිටියා
ඒ හීනේ අතරමැදින් උලලේනත් ඇඬුවා
රෑ පුරාම කඳුළු වගේ පොද වැස්සක් වැටුණා

රබර් කැලේ උඹෙ කූඩුව
උලලේනෝ තෙමෙනවාද
උඹේ පුංචි පැටවුන් ගැන 
අපි වාගෙම උඹත් බයද

බත් බඳින්න ලයිට් දාන
උදෙන්ම උඹ කොහි ගියාද
සීතල සිරිපොද මැඩගෙන 
මාත් වැඩට ගොස් එන්නද

සපත්තුවේ මැහුම් ලිහී
කුණු වතුරක් ගැලුවා
මේස් සිදුර තුළින් ඇවිත් 
ඇඟිලි කොනිත්තනවා

පුංචි එවුන් ඉස්කෝලෙට 
වෑන් එකෙන් යනවා
මාරක අනතුරු හැමතැන
ඒත් හිනාවෙනවා

උලලේනෝ උඹටත් දැන් 
යන එන මං තියෙනවාද
ලයිට් වැටුණු හොල්මන් නැති
ලෝකෙට උඹ හඬා කුමට?

අපේ දුකත් අලුත් වෙලා
උඹේ දුකත් අලුත් වෙලා
සංසාරේ දුකට කියන 
කවි නම් නැහැ පරණ වෙලා

W3Lanka

නිමිත්ත: ඊයේ රෑ පුරාම උලලේනෙකු හැඬූ අතර උදේ අප අවදිවෙද්දීත් ඌ අඬනු ඇසිණි. උලලේනාට මා තුළ පාළුව හෝ දුක ඇති කළ හැකි වූයේ නැත. උලලේනාගේ හඬ මහා දුක්ඛිත එකකැයි මට නොසිතේ. එයද හරියට නිර්මානයක් වැනිය. සංවේදනා ඇති වන්නේ එය විඳින්නාගේ මනෝභාවය අනුවය. උලලේනා සමග සහෘද වන්නට බැරි තරමට අපි පුද්ගලයින් ලෙසද, සමාජයක් ලෙසද වෙනස් වී ඇත්තෙමු. 

රූපවාහිනියක් ඇඟට වැටී දරුවකු මියගිය පුවතක් ඊයේ කියවීමි. අපේ ගෙදර රූපවාහිනී ධාරකයද හබල්බබල්ය. චූටිම තමන් අකැමැති චරිතයක් රූපවාහිනියේ දකින විට අතින් ගසයි. අලුත් එකක් ගන්නට මුදල් නැත. හදන්නට අදත් නිවාඩුවක් නැත. හෙටවත් කළ යුතුය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. KOCHCHARA LASSANA KAVI PANTHIYAKADA.

    ReplyDelete
  2. ඔය මළදානේ කැඩුන එකමයි හොඳ. ඒත් කීයක් හරි හම්බ වෙච්ච වෙලාවක සැටලයිට පාරක් පොඩි උන්ට අරන් දියන්. ඩිස්කවරි, නැෂනල් ජියෝග්‍රොෆි බිබිසී වගේ ඒවල හොඳ වැඩසටහන් යනවා.

    නිර්මාණයනම් උපරිම. උල ලේනා කෑ ගහනවා වගේම ගුණදාස අයියා කියන උල ලේනෝ මතක් උනා.

    ReplyDelete
  3. http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-snc6/271005_526951360653772_674033529_n.jpg

    ReplyDelete
  4. යන එන නවතින හැම තැන
    අන්තරාව දුටුවා
    කුමක් කරන්නද ලේනෝ
    දරාන මා සිටියා

    මඟ තොට යන එන මහ මඟ
    පමනක් සිදු නොවනා
    හිසට නිවන ගෙයි වහලය
    නොමවන බව සිතුනා

    ReplyDelete
  5. "රූපවාහිනියක් ඇඟට වැටී දරුවකු මියගිය පුවතක් ඊයේ කියවීමි."
    කණගාටුවට කාරණය වන්නේ මේ වැනිම සිද්දියක් කලින් සිදු වීමය. මෙවැනි ප්‍රවුත්ති දෙවැනි වරට දැකීමට තරම් අප අවාසනාවන්ත වීමු.

    ReplyDelete
  6. හිතට වදින කවියක්...

    ReplyDelete
  7. ටී.වී ස්ටෑන්ඩ් එක හදාගන්න.
    මමත් සාමාන්‍යයෙන් අලුතෙන් ගන්න දේවල් බොහොම අඩුයි. හුඟක් ‍දේවල් අළුත්වැඩියා කරගත්තුවා. මටනං ඒක ලොකු සතුටක් දැනෙන වැඩක්. මගේ අයන් එක, ටීවී එක, ෆෝන් එක, ගෙදර සී.එෆ්.එල් බල්බ් සේරම වගේ, සීලින් ෆෑන්, තව ගොඩක් ඒවා.... ඔය සේරම වෙනත් අය භාවිතා කරලා අහක දාපුවායින් රෙපෙයාර් කරල, පේන්ට් කරල හදාගත්තුවා. කොච්චර ෆන් වැඩක් වුනත් දැන් නම් කාලවේලාව තමා හරහට හිටින්නෙ. :)

    ReplyDelete
  8. උල ලේනෝ , උල ලේනෝ මොකද හඬන්නේ
    පළාත් සභා චන්දයටද උඹ වැළපෙන්නේ
    සාරුවා සුනිල්ලා හට මනාප දෙන්නේ
    මේවගේ ජාතියක් වෙන කොහෙද තියෙන්නේ

    භාරත දැරිවිත් අනාත වන්නේ
    මාලක සමගින් ධාතු වඳින්නේ
    ධාතු වඳින කොට මුක්තිය එන්නේ
    මිනි මරල අප ධාතු වඳින්නේ
    Anaatha

    ReplyDelete
  9. මේ මොන මගුල් ද මේ W 3 ලංකා එකේ දන්නේ දන් , ඉස්සර වගේ වැදගත් දෙයල් නෙමේ මේකේ දන් වැටෙන්නේ , කිසිම තේරුමක් නැති පිස්සුම පිස්සු විකාර , වෙනස් කල කිව්වට කලින් තිබ්බ විදිය නම් මට නම් හොන්ධ්ය් ,

    ReplyDelete
  10. WWW 3 අලුත් වෙලාද? නැතිනම් බය වෙලාද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා