මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඡන්දයකින් පරාජය කළ හැකිද?

මෙය සාකච්ඡා කළයුතු ප්‍රශ්නයකි.

ඡන්දයකින් ආණ්ඩුව පැරදවිය නොහැකි බව කියන්නන්ගේ යෝජනාව විය යුත්තේ මහජන නැගිටීමකින් හෙවත් විප්ලවයකින් ආණ්ඩුව පෙරළා දැමීම විය යුතුය.

කළ යුත්තේ ආණ්ඩුව වෙනස්කිරීම නොව ක්‍රමය වෙනස් කිරීම යයි නැගෙන තර්කයද මෙහි පාර්ශ්වයකි. මෙම තර්කය කිසිත් නොකර සිටින්නට කැමති හා කිසිත් කරගන්නට හැකියාවක් නැති අයට මුවාවීමටද කදිම තර්කයකි.

මහජන නැගිටීම් යනු ඇති කළයුතු දේ මිස ඉබේ ඇතිවන දේ නොවේ. ඉබේ ඇතිවුවත්, ඒවා මෙහෙයවන්නන් විසින් ඒවායේ අරමුණ තීරණය කරනු ඇත.

මහජන නැගිටීම් ඇති කිරීම හෝ ඇතිවීම හෝ පැත්තකින් තිබියදී අප මෙහිදී සාකච්ඡා කරන්නට යන්නේ වෙනත් කරුණකි.

එනම් ඡන්දයකින් ආණ්ඩුව පැරදවීම සඳහා අත්හදා බැලිය හැකි උපායකි. 

ආණ්ඩුව ඡන්ද දිනන රහස කුමක්ද යන්න බොහෝ අය තේරුම් ගෙන නැත. සත්‍ය වශයෙන්ම ආණ්ඩුව ඡන්ද දිනන්නේ සිය දූෂණයෙහි හවුල්කාර ජනතාවක් නිර්මානය කරගැනීම ඔස්සේය. ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙන්ම මේ ජනතාවටද තමන්ගේ දූෂණය පවත්වාගෙන යාම අවශ්‍යය. දූෂිත ජනතාව කියන්නේ හොරෙන් වගා වන්දි ගන්නා අය, හොරට සමෘද්ධි ගන්න අය, ආණ්ඩුවට කත් ඇද ටකරං තහඩු, උදලු, එළවලු ඇට ආදිය ලබාගන්නා අය, නිවාස ණය ලබාගන්නා අය, ආණ්ඩුවේ හයියෙන් වැඩ නොකර පඩි ගන්නා අය, උසස්වීම්, මාරුවීම් ලබා ගන්නා අය, හොර පාරෙන් පාසල්වලට ළමයින් දමා ගන්නා අය, පත්වීම් ලබාගන්නා අය ආදී පුළුල් පරාසයක පිරිසකි. කොටින්ම කීවොත්, දූෂණයට සම්බන්ධ නැති මිනිසුන් සොයාගැනීම අතිශය දුෂ්කරය. මේ සියලුදෙනාම පවත්නා සංදර්භය තුළ දූෂණයට ලොල්ය. ඒ අතර, දූෂණයෙන් තොර සමාජයක් ගැන පරමාදර්ශද ඔවුන්ට තිබේ. එහෙත්, ඒ පරමාදර්ශය වෙනුවෙන් දැන් සිටම දූෂණයෙන් තොරව ජීවත් වීමේ ධෛර්යයක් ඔවුන්ට නැත. 

කෙළින්ම ආණ්ඩුවට විරුද්ධව සිටගෙන තමන්ගේ දූෂණ පංගුව අහිමි කරගන්නට මේ මිනිස්සු සූදානම් නැත. මන්ද, මේ දූෂණයන් හා සම්බන්ධ නොවී ඔවුන්ට එදිනෙදා ජීවිතය ගෙන යාමද ප්‍රශ්නයකි. 

මේ දූෂිත ජනතාව තුළ පවා යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තු ඇත. එය කුළුගැන්විය යුතුය. සමාජයක් යහපත් කරන්නට අවංක උත්සාහයක් ඇති බව දකිනවිට ඔවුන් සිය කුඩා සොරකම් නවත්වා මහා සොරුන්ට විරුද්ධව නැගී සිටින්නට පවා ඉඩ තිබේ. 

දේශපාලන ව්‍යාපාර මෙම තත්වය හමුවේ නැවුම් සිතුවිලි, උපාය උපක්‍රම හා වැඩපිලිවෙලවල් ගොඩනඟාගත යුතුය. එහෙම නැතිව, පරණ ශෛලියෙන් වැඩ කරමින් ‍පවත්නා ක්‍රමයට එරෙහිව ජනතාව බලමුළුගැන්විය නොහැකිය. මේ වනාහි කොඩි උස්සාගෙන පටන් ගතහැකි දේශපාලනයක් නොවේ.

අපේ යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයකි. එය ප්‍රසිද්ධ දේශපාලනයක රහසිගත අංශයක් විය යුතුය. ආණ්ඩුවේ සහයෝගිතා පදනම යටිතලයේ සිට ඉහළම මට්ටම දක්වා රහසින් රිංගා ආක්‍රමණය කරන ගරිල්ලා ව්‍යාපාරයක් මේ සඳහා අවශ්‍යය.

මේ ගරිල්ලා හමුදාව ගොඩනැඟිය යුත්තේ වඩා යහපත් සමාජයක් ගොඩනඟන්නට කැමති අර පුංචි පහේ හා මධ්‍යම මට්ටමේ සොරුන්ගෙනි. 

සරළව කිවහොත්, මේ ගරිල්ලා භටයෝ ආණ්ඩුවේ යාන්ත්‍රණය තුළ සිටිති. ලැබෙන වාසියක් ඇතිනම් එයද භුක්ති විඳිති. එහෙත්, ආවරණය වූ ඡන්දය දෙන ස්ථානයේදී තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ඡන්දය දෙති.

පරිස්සම් විය යුතු කාරණය වන්නේ මේ සොරුන් වෙනත් සොර නායකත්වයක් වටා නැවත ගොනු නොවන තත්වයකි නිර්මානය කිරීමයි. එක අතකින් ඔවුන්ට වෙනත් සොර නායකත්වයක් අවශ්‍යද නැත. මන්ද වත්මන් නායකත්වය ඒ අතින් උපරිමය බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අනේ පැරෝ,

    උඹ තමා මේ ගරිල්ලා යාන්ත්‍රණයේ මුල් පුරුක වෙන්න ඕනි. මොකද උඹත් හොරෙං ගෙස්ට් හවුස් කර කරං යන ගමන් කෙල්ලෝ දෙතුන් දෙනෙක් දාලා කරගෙන යන බිස්නස් එකත් හංගගෙන ඉන්නේ ඔය කියන දූෂණ ක්‍රියාමාර්ගේ අනුවනේ. උඹ ඒකත් කරං යන ගමන් ආණ්ඩුව වට්ටන්න චන්දේ දීහං.අනිත් උඹ වගේම පොරවල් ටිකත් ලං කර ගනින්.හැබැයි ඉතිං උඹට වගේ දූෂණ වංචා නැති එවුන් උඹට කඩේ යවන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කට අරිනකොටම පේනවා ගුනෙ අය්යගෙ බජව් දාන කාමරේ ඉන්න බාබරා ජයේ කෙනෙක් කියල. කරන්නම දෙයක් නැත්තන් උබලගෙ එන්ජීඕ වැඩක් බලාගෙන ඉදහන් බන් මොනව හරි වැඩකට ඇති මාතෘකාවක් කතා කරන්න ගත්තම විහිලු සපයන්නැතුව

      Delete
    2. සරම උස්සන් හතර වටේට ගේම කෝල් කරනවා? කෝල් කරපු උන් ගේමට ආවහම දාර්ශනිකයෝ කල්පනා කරන හැටි ලියනවා. තමන්ගේ වෙබ් එකේ කොමෙන්ට්ස් බ්ලොක් කරලා අනුන්ගේ බ්ලොග් වල ඇනෝ කොමෙන්ට්ස් දානවා. දීප්ති අයියා (51?) ලොරි ටෝක්ස් දෙන්න කලින් රීල පුක හොද ගත්තොත් හොදයි නේද? ගදයි බන්.

      Delete
    3. හරියට හරි. තමන්ගේ බ්ලොග් වල ලියන්න දෙන්නේ නැහැ. අනුන්ගේ ඒවායේ කුණු කතා ලියනවා.

      Delete
  2. MEMA KATHAWA NAM HARIYATA HARIYA.

    ReplyDelete
  3. //ඉතිං උඹට වගේ දූෂණ වංචා නැති එවුන් උඹට කඩේ යවන්න අමාරුයි.//

    did you mean like Peratugami Pakshaya lead by DKG alias barber jaye guys who are absent and refrain from corruption , fraud and betrayals?

    Clement Peris
    Calgary

    ReplyDelete
  4. සම්පූර්ණයෙන් එකග වෙමි.එහෙත් ගැටලුව වන්නේ මෙවැනි දෙයකට නායකත්වය ගත හැක්කේ කාටද?

    ReplyDelete
  5. අත්හදා බැලීම ගුරුවරුන්ටම ඇරඹිය හැක. පාසලේ සිටින කාලය තුල දරුවන්ට තමන්ගේ දෙමාපියන් දුෂණ වංචා හොරකමින් දෙන බත් ඇටය පවා ඔක්කාරෙට එනතරමට පන්ති කාමරය තුලදී අපහාසාත්මක ලෙස කතා කරමු. එතකොට ළමයි ගෙදර ගිහින් දෙමවුපියන්ව ප්‍රශ්න කරාවි. ළමයි ළමයි අතරත් හොරුන්ගේ ළමයින් අපහාසයට ලක් කෙරේවි. එහෙම ළමයින් ප්‍රශ්න කරනකොට අම්මලට කාල ඉන්න බෑනේ. එහෙම පටන් ගමු.

    ReplyDelete
  6. "මේ දූෂිත ජනතාව තුළ පවා යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තු ඇත. එය කුළුගැන්විය යුතුය. සමාජයක් යහපත් කරන්නට අවංක උත්සාහයක් ඇති බව දකිනවිට ඔවුන් සිය කුඩා සොරකම් නවත්වා මහා සොරුන්ට විරුද්ධව නැගී සිටින්නට පවා ඉඩ තිබේ."
    පැරෝ මේ කුඩා සොරුන් කුඩා වී ඇත්තේ උන්ට මහසොරුන් වීමට අවස්ථාවක් නොලද නිසා මිසක අන් කුඩා සොරකමකින් සංතෘප්ත වී ඇති නිසා නොවේ. එහෙයින් උන් මහසොරුන්ට එරෙහි වනු ඇත්තේ ලොකු සොරකම් කිරීමේ අවස්ථාව තමන්ට ලබාගැනීමට මිසෙක කරන සොරකමත් නවතා දැමීමට නොවේ.

    ReplyDelete
  7. අපි අපේ ආගමික නායකයින්ට කියා සිටිමු ආගමික ව්‍යාප්තවාදය, ආගමික අන්තවාදයේ යෙදීමෙන් වලකින ලෙස. ඔවුන් ආගමික සහජීවනයේ වග උත්තරකරුවෝ කරමු! https://www.facebook.com/photo.php?fbid=520573697956953&set=a.104712976209696.9718.100000129834746 පහතින් තිබෙන්නේ උපුටා ගත් සබැධි ලිපියකි. "සදාකාලික සාමය උදා කළ ආගමික සහජීවනයක් ගොඩ නැගූ ජනාධිපතිතුමා-මුස්ලිම් ජනතාවට සිදුකළ සේවය අපමණයි" (source link http://islaamaya.com//සදාකාලික-සාමය-උදා-කළ-ආගමි/ ) "..ආගමික සහජීවනයට ජාතියට මහඟු නායකත්වයක් ලබාදුන් ඉතිහාසගතවන එකම නායකයා.. "

    Poll ජන්ද විමසීම Link https://www.facebook.com/groups/194075563979436/permalink/406072936113030/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා