කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?

කතාව හැදුවෙ මේ කාටුන් එකෙන්
ඔන්න ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වුණා ආහාර පිළිබඳව.

එහි එක් සැසියක තේමාව තමයි, 'ලෝකයේ සෙසු රටවල්වල ආහාර අර්බුදය පිළිබඳ බුද්ධිමත් ජනතාවගේ මතය'

හැබැයි සාකච්ඡාවට කලින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඕනැවුණාලු මේ මාතෘකාව පිළිබඳ කරුණු පැහැදිලි කරගන්න. ඉතින් ඒගොල්ලො තමන්ට නොතේරෙන දේ අහලා. 

අප්‍රිකානු කලාපය නියෝජනය කළ රාජ්‍ය තාන්ත්‍රිකයා ඇහුවලු "හැබෑට මොනවද ඔය ආහාර කියන්නේ?" කියලා. 

යුරෝපා රටවල් නියෝජනය කළ පුද්ගලයාට තිබුණු ප්‍රශ්නය "මොකක්ද හිඟය කියන්නේ?" කියන එක.

ඇමරිකන්කාරයා ඇහුවලු "ලෝකයේ සෙසු රටවල් කියන්නේ මොනවද?" කියලා. 

අරාබිකාරයන්ට තුබුණු ප්‍රශ්නය තමයි " මතය කියන්නේ මොකක්ද?" කියන එක. 

දකුණු ආසියානු කලාපය නියෝජනය කරලා තියෙන්නේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. එයා අහනවලු, "කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?" 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. සුපිරි කාටූන් එක.
    බුද්ධිමත් ජනතාව කියන්නේ. කුඹුරු කරලා. අඩු මිලට ඇමතිගෙ මල්ලිට පූජා කරලා, පෝලිමේ ඇවිත් ධාතු වැඳලා. අතිගරු ජනාධුපති තුමා ගෙනයන සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය අනුමත කොට එතුමාගේ දෑත ශක්තිමත් කරන ජනතාවට.

    අනික් උන් දේශද්‍රෝහී බූරුවෝ.

    ReplyDelete
  2. මේ රට නැවත ගොඩගත නොහැකි දේශපාලන,ආර්ථික සහ සදාචාරාත්මක පරිහානියකට ලක්ව ඇත.වැඩවසම් ගෝත්‍රික යුගයක් කරා වේගවත් ගමනක යෙදන බව පෙනේ.

    ReplyDelete
  3. මට තියන ගැටලුව මොකක්ද මේ "සමුළුවක්" කියන්නෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා