මසාජ් ක්ලිනික් එකේදී පොලිසියට අසු වූ සහෝදරයාට - V r with u. Dont Wory.

ජාත්‍යන්තර ලිංගික ශ්‍රමික හිමිකම් දිනය නිමිත්තෙන් එක්ස් කණ්ඩායම විසින්
කොළඹ කොටුවේ පවත්වන පෙළපාලියක්
වමේ දීර්ඝ කාලීන ක්‍රියාධරයකු ලිංගික ශ්‍රම සේවාවන් සැපයූ ස්ථානයක් හා සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ‍ගෙන ඇති බවට කතාවක් පැතිරෙමින් තිබේ. මෙ කතාව පතුරවමින් සතුටින් උඩ පනින්නේ කලක් මෙම සහෝදරයා වැඩ කළ කණ්ඩායමේ අයයි. එහි ඇත්ත නැත්ත සොයන්නට අපි නොවෙහෙසෙමු. මක් නිසාද යත්, චරිත ඝාතනය වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයක් බැවිනි.

ලංකාවේ වාමාංශික නායකයෝ බොහෝ දෙනෙක් තුවක්කු නැති ත්‍රස්තවාදියෝය. තමන්ගේ නායකත්වය පිළි නොගන්නා සියලු දෙනා ඝාතනය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවයි. ඔවුන්ට ඇති ප්‍රශ්නය තුවක්කු නැතිකමයි. තුවක්කු තිබුණත් මොවුන්ට තව එකක්ද නැත. ඒ වනාහි කොකා ගැස්සීමට ආත්ම ශක්තියක් නැතිකමයි. එබැවින් හැම විටම එවැනි මොළ සේදූ හෝ සෝදන්නට තරම් මොළයක් නැති අමනයන් පිරිසක් ඉතා ළඟින් තබා ගැනීම මේ වාමාංශික නායකයන්ගේ සුලබ ලක්ෂණයකි. ඔබ දන්නා වාම කල්ලි නායකයන් තුළින් මෙය ඇත්තද බොරුද යන්න විග්‍රහ කරගෙන බලන්න. 

ලාංකික වාමාංශිකයන් බහුතරය සාමාන්‍ය මිනිස්කම් නොදත් අධමයන් පිරිසක් බව අප පුන පුනා කියන්නේ මෙවැනි කරුණු නිසාය. විශේෂයෙන්ම ලිංගිකත්වයපිළිබඳ කාරණාවලදී ලංකාවේ වාමාංශිකයෝ වනාහි වික්ටෝරියා මහා රාජිනියගේ සදාචාරය සුරකින, අමු කුහක, ගොඩේ උපාසකම්මලා පිරිසකි. 

ලංකාවේ වාම කල්ලි, කණ්ඩායම්වල පැවැත්මේ එක් මූලික පදනමක් වන්නේ ලිංගික කුහකත්වයයි. මේවා බොහොමයක නායකයෝ දේශපාලනය තුළින් කීර්තිය තරමටම ලිංගික සතුටද සොයන්නෝය. අපට ඒ ගැන කිසි අහිතක් නැත. අප තරහ මොවුන් තමන් ලිංගික සතුට ලබන ගමන් අනෙක් සාමාජිකයන්ගේ කර අඹන්නට දක්වන කැමැත්ත සමගය. 

අප මේවා කියන්නේ නිකම් නොවේ. වාමාංශික ව්‍යාපාරයේ දශක ගණනාවක අත්දැකීම්වලිනි. වෙන් වෙන් වශයෙන් සිද්ධි විස්තර නොකරන්නේ කුණු රසය බෙදීම මෙහි අරමුණ නොවන නිසාය. 

ලාංකික වාමාංශිකයා කියන එකාට සැබෑ වාමාංශිකයකු විය හැක්කේ ධනේශ්වර හෝ සුළු ධනේශ්වර පුරුෂෝත්තමවාදී, ජාතිවාදී ගතානුගතික අදහස් ඉක්මවා ගිය පුළුල් අදහස් ඇති කර ගැනීමෙනි. මිනිස්කම, සහෝදරත්වය වැනි ගුණදහම් වගා කර ගැනීමෙනි. ලංකාවේ වාමාංශිකයන් බහුතරයක් තුළ මේවා ගෑවී හෝ නැත. 

ලිංගික ශ්‍රමිකයන් යනු තවත් කම්කරුවන් පිරිසක් මිස ලංකාවේ වාමාංශිකයන් සිතන අන්දමේ 'බඩු' නොවේ. ඔවුන්ටද සෙසු සියලු කම්කරුවන්ට හා සමානව අයිතිවාසිකම් භුක්ති විඳීමේ හිමිකම තිබිය යුතුය. 

වෙළඳපොළ ලිංගික සේවා සම්පාදනය තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකි. වාමාංශිකයන් සටන් කළ යුත්තේ ලිංගික ශ්‍රම සේවා වෙළඳපොළ නිදහස් කර ගැනීමටය. 

නිදහස් වෙළඳපොළේ මුදලට ලිංගික සේවා සපයන්නන්ටද, දේශපාලන බලය හා වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ලිංගික සේවා විකුණන්නන්ට ඇති නිදහස හා පිළිගැනීම ලැබිය යුතුය.

ඒ සහෝදරයාට අප යැවූ කෙටි පණිවුඩය අපි ප්‍රසිද්ධියේ මෙහි සටහන් කරමු.

V r with you. Dont Wory. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ලංකාවේ වාමාංෂිකයන් නැත, ඔබ ඔය නමින් හඳුන්වන්නේ රතු කමිස අඳින, රැවුල් සහ කොන්ඩා අපිලිවලට තිබෙන, ගෝත්‍රික මානසිකත්වයක් ඇති, තලේබාන් (තම ආගම හැර අන් ආගම් සියල්ල පච.) දේශප්‍රේමින් පිරිසකි. ඒ අතරේ සමාජයේ ඉහලම බැබෙලන චේගේ තොප්පි දමන අයත් සිටිති.

    ReplyDelete
  2. නියම පෝස්ට් එකක්. ලිංගික කුහකත්වය මේ අය අතරේ නෙවෙයි, බහුතරයක් අතර තියෙනවා. ඒක දැන් දැන් වැඩි වෙනවද කියලත් මට හිතෙනවා

    ReplyDelete
  3. අවසන් වැකිය මෙලෙස නිවරද විය යුතුය.

    V R wit U. DW <3

    ReplyDelete
  4. හතරවෙනි මස්වාතිAugust 23, 2012 at 4:03 PM

    ලිඟුව තියෙන්නේ මූණේ නොවෙන කොට
    කකුල් මැද්දෙ දැම්මේ ලොව දහම කොට
    වැහුනේ ඒ නිසයි අඹුඩෙට වුනත් කොට
    හෙළුවෙන් කුඹුරු කෙටුවෙ නෑ හෙළ සිරිතෙ සිට

    ප්‍රශ්ණය ඇත්තෙ එක අඹුවක් මදි කමය
    ජාන නිසා තව වෙනසක් විය හැකිය
    දකින දකින විට දික් කරගෙන සුදිය
    ගන්නට ගෑණු කඩ දැම්මම රට ගොඩය

    හතර වටේ හිඟන කමමයි බේරෙන්නේ
    ඔලුවට බේත් දෙන තැන් අවුලක ඉන්නේ
    ජාතිය බාල්දුයි ලොව නෑ පිළිගන්නේ
    එහෙව් රටේ ලිඟුව පෙරමුණ ගත යුත්තේ

    සතුන් වුනත් කලට වැඩ ටික කරගන්නේ
    මිනිසා ටිකක් වෙනස් මනසින් වැඩ දෙන්නේ
    එහෙව් උන්ට ලිඟුම පිනවන සිත් එන්නේ
    අනේ ඉතිං කොරල බලපිය හෙළයින්නේ

    යුරෝපයක් ගිය දුර පිම්මේ බැරිය
    බෝසත් වුනත් පළමු බැලුවේ පස් මහය
    බඩට කන්න දීපිය පළමුව එයය
    නැත්නම් ලිඟුව වත් දික් කරගනු බැරිය

    ReplyDelete
  5. නාකිය උනත් මීමා, නැත අඟ නාකි
    මේ බව දන්නවා අපෙ ඔය පුංචි කෙලි
    මිනිසත් බවක් ලැබුවත් පෙර පිනෙන් සකි
    බුරියෙන් පහල තියෙන්නේ නම් බලු ඇඟකි

    ReplyDelete
  6. "2005 සිට මේ දක්වා මොහු විසින් අපව විනාශ කරන්නට කියා කළ කැත වැඩ ලැයිස්තුව දිගු එකකි. අප විසින් තවමත් කතා නොකළ විශාල තොරතුරු ප්‍රමාණයක් අප සතුව ඇති බව සියලු බබ්බුන් දැනගත යුතුය. උදාහරණයක් ලෙස, වරක් මොහු තමාට අහඹු ලෙස ගොඩනැගුණු දුරස්ථ පාතාල සම්බන්ධයකට බොරු ගොන්නක් කියා පණිවුඩ යවා, ඞ පක්ෂයේ (අප x පක්ෂය ලෙස වැඩ කළ 2006 දී පමණ) රැස්වීමකට පාතාලය ලවා පහරදිය හැකිදැයි යන්න පවා උත්සාහ කර බැලුවේය (එහි පටිගත කළ හඬපටය අප සතුව ඇත). “දේශපාලන පරිචයක්” සහිත මේ ගණිකා මඩම් හිමියා එම සිදුවීමේදී මැදට බිල්ලට දැම්මේ, එවකට යන්තමින් වයස විසි ගණන්වල මුල සිටි කොලු පැටියෙක්වය."

    http://3mana.com/%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F/

    ReplyDelete
  7. සහතික ඇත්ත කතාව. තමන්ගෙ වචනයක් පිලිනොගන්න හැම අනුගාමිකයටම පන්න පන්නා ගැහීම, ඔය ලොක්කා තමන්ම හොයාගත්තු 'පශ්චාත් නූතන' වැඩක් කියල හිතාගෙන හිටියට, ලන්කාවෙ වමට පොදු නියමයක්. (ඌට ඒ උණ වැඩි වෙලා තියෙන්නෙ ඌ වටේ ඉන්නෙ ලන්කාවෙ ගොන්ම සෙට් එක නිසා) මුන්ට කියල දෙන්න ඕන මාක්ස්වාදයවත්, ඔය පශ්චාත්වාදවත් නෙමෙයි, ඔය ඔක්කොටම මුල්වුන 'මනුස්සකම' කියන එකයි. කොහෙද මුන් දහම් පාසල්වත් ගිහින් නෑනෙ
    - ප්‍රතිගාමී-විපරීත-භ්‍රෂ්ටයෙක්

    ReplyDelete
  8. බාබ්රා ජයරත්නAugust 26, 2012 at 7:54 AM

    වාමාංශික පෝලෝ සීයා
    ලංකාවේ රූපවාහිනී ප්රේමක්ෂකයන් අතර පසුගිය කාලයේ වඩාත් ජනප්රිපය වූ වෙළෙද දැන්වීමක් වූයේ පෝලෝ සීයා පිණුම් ගහන දර්ශණය සහිත දැනවීමයි. තරුණ යුවලක් පෙම්න් වෙලී සිටිනවාට එරෙහිව දොස් නගන මේ වයස් ගත පුද්ගලයා තමන්ට තරුණ කාලයේ අත් විදින්නට නොලැබුන පෙම් සබදතාවයන්ට එහෙිව විරුද්ධ වන්නේ කුහකත්වයෙනි. නමුත් අහම්බෙන් මොහුගේ බුලත් හපයට පෝලෝ එකක් එකතු වීමත් සමගම මොහු මුලුමින්ම වෙනස් වෙයි.
    ඉහත දැන්වීම අපට මතක් වූයේ මේ දවස් වල අන්තර්ජාලයේ තමන් විසින්ම පවත්වාගෙන යනු ලබන බ්ලොග් අඩවියක් තමන්ම හැක් කල බවටත් යළි එය වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරණ බවටත් පොර ටෝක් දෙන උමතු රෝගියෙකු කියන ගොන් කතාවක් නිසාවෙනි. මේ ගොන් වස්නා පැරණි වාමාංශිකයෙකි. ව්ශේෂයෙන් භාෂණගේ හිරු කණ්ඩායම නිසා තමන් පොරක් යැයි නම හදා ගත් මේ අමනයා. වෘත්තියෙන් ගුරුවරයෙකි. මූට ඇත්තේ අතීත වෙිදනාවකි. හිරියටම මූ පෙනුමින් මෙන්ම ක්රිපයාවෙන් ද පොලෝ සීයා වගේමයි. මූට කරන්නට බැරි වුන වාමාංශික දේශපාලනය කරන්නට කැපවී සේවය කරන තරුණ කොටස් මුගේ ගොන් පාටි වලින් අවුල් කිරීම මුගේ වෑයමයි. ආණ්ඩුවෙන් පඩි ගත්න මේ විශ්රා මික වාමාංශිකයා ගැන අපි කිහිප වරක් කරුණු ඉදිරිපත් කළද දැන් මූට හොදටම පිස්සු තද වී තිබෙන නිසා තව ටිකක් මූ ගැන කියන්නට මම කල්පනා කලා. විශේෂයෙන් කාන්තාවන්ගේ අයිතාවාසිකම් වෙනුවෙන් මේ වගේ නරුමයන්ව හෙළි කිරීම මගේ වගකීමක් යැයි මම සිතනවා.

    ReplyDelete
  9. බාබ්රා ජයරත්නAugust 26, 2012 at 7:55 AM

    පසුගිය දිනෙක ගල්කිස්ස ප්ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්යමස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයේ කලමනාකරු සහ තරුණියන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව දැන් හොදටම පැහැදිලිය. සිදු වූ සිදු වීම පහත පරිදිය..
    මේ අනුව ගල්කිස් ගණිකා මධ්ය ස්ථානයේ හිමිකරු පෝලෝ සීයා නම් වන හිටපු වාමාංශිකයා බව අපට පැහැදිලිය. මේ නිසාම මෙහි කළමණාකරු සමග ඉදිරියටත් තමන් සිටින බව මේ පිස්සු පූසා තමන් විසින් හැක්කර තමන්ටම අනිචානත සංඛාරා යැයි කියා ගන්නා මුගේ විකාර බ්ලොග් අවකාශයක ලියා තිබෙන අයුරු අප දුටිමු. මේ පිස්සු පූසා නැතිනම් පොලෝ සියා හිටපු වාමාංශිකයෙකු මෙන්ම රජයෙන් පඩි ලබන ගුරුවරයෙක. මේ නිසා මේ රජයේ ගුරුවරයා ගණිකා නිවාස හිමියෙකු සමග සම්බන්ධ වී ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන්නට සහය දක්වන බවත් එහි කොටස් කරුවකු බවත් දිනපතාම එම මධ්යවස්ථානයෙන් සේවා ලබා ගත් අයෙකු යන්නත් අප විසින් අධ්ය පන අමාත්යාං ශය වෙත යවන්නට කටයුතු සම්පාදනය කරමින් සිටින්නේ මොහු ජනතාවගේ බදු මුදලින් පඩි ලබන රජයේ සේවකයෙකු වන බැවිනි. මේ අනුව මොහුට එරෙහිව විනය පරීක්ෂණයක් කැදවා සේවයන් නෙරපීමට අදාල සියලු කාරණා සම්බන්ධයෙන් අපි අධ්යහපන අමාත්යාං ශයට කරුණු දක්වන්නට කැමැත්තෙමු

    ReplyDelete
  10. බාබ්රා ජයරත්නAugust 26, 2012 at 7:56 AM

    මන්ද යත් මේ පොලෝ සීයා නම් පිස්සු බුවා රජයෙන් පඩි ලබන ගමන්ම වාමාංශික විප්ලවාදියෙකු වන්නට ද උත්සහා කරන නිසා පමණක් නොව මෙරට වාමාංශිකයන්ට චන්ඩිපාටි ද දමන බැවිනි. රෝහිත භාෂණ සහෝදරයා සමග හිරු කණ්ඩායමේ දේශපාලනය කළ අතීතය අද වන විට වෙබි පිටු අතර විකූණමින් සිටින මේ පිස්සු පූසා අතීතයේ කළ කී දෑ වලින් එකක් කියන්නට කැමැත්තෙමු
    මූ ජ.වි.පෙ කැරැල්ල සමයේ හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබූ පසු මූ කිසිම විප්ලවාදියෙක් නොවන බව තේරුම් ගන්නා රජයේ හමුදාව මූ ලාවා තමන්ගේ පෙම්වතියන්ට පෙම් හසුන් ලියවා ගයි. හමුදා සෙබලුන්ට කාලයක් තිස්සේ පෙම් හසුන් ලියන මූ අවසානයේ කිවියෙක් බවට පත් වෙයි. දැන් නම් මූට කිසි දෙයක් මතක නැති අතර පිස්සුව හොදටම තද වී තිබෙන බව පෙනේ ඒ නිසාමිූ වාමාංහිකයන්ට කින්ඩි දමයි මූට අනුව ලංකාවේ වාමාංශිකයන් නැත මූ තමයි පොර ඒත් මූට ඇත්තටම තියෙන ප්රිශ්ණය මූගේ මූන පුදුමාකාර තරම් කැත වීමය. වරක් දැනට ජනප්රිතයව තිබෙන පෝලෝ දැන්වීම සදහා මූ යොදා ගන්නට තීරණය කර ඇති අතර මූ මහත් ආශාවෙන් තමන්ගේ මුහුණ රූපවාහිනි තිරයේ පෙන්වා ගැනීමට ඇති දැඩි ආශාව නිසාම සතපහක්වත් තමන්ට එපා යැයි කියමින් අවස්ථාවක් ලබා දෙන්න යැයි මෙහි අධ්යතක්ෂකවරයාට බැගෑපත් වී ඇත. නමුත් එහි අධ්යටක්ෂකවරයා අප සමග පැවසුවේ මුගේ මුහුණ රූපවාහිනියේ පෙන්වීමෙන් විශාල වශයෙන් පොඩි දරුවන් බියට පත් විය හැකි බැවින් මූව ඒ සදහා තෝරා නොගත් බවයි. මූ කොයි තරම් කැත මිනිහෙක් ද යත් මූ කණ්නාඩියකින් තබා දියකඩිත්තකින්වත් තමන්ගේ මුහුණ නොබලයි. මුගේ මුහුණ මූටවත් බලන්නට බැරි තරම් කැතය. මේ නිසා මූ ජීවත් වෙන්නේ දැඩි ලිංගික හීනමානයක් සහිතවයි. මූට කිසිම ගැහැණියෙක් කැමති වන්නේ නැති අතර විශාල මුදලක් ගෙවා මූට රමණයේ යෙදෙන්නට කාන්තාවකගේ සේවය ලබා ගත්තත් මූට වැඩේ කරන්නට වී තිබෙන්නේ තම මුහුණ හංගාගෙන පිටි පස්සෙනි. මේ නිසා මූ ජීවත් වන්නේ දැඩි කළ කිරීමෙනි. මේ ගැන අපිට කීවේ මුගේම යහලුවන් පිරිසකි. මූ වැඩිපුරම වාමාංශික ගණිකා නිවාස හිමියාට කැමති වන්නේ මේ හේතුව නිසාය. මේ වාමාංශික ගණිකා නිවාස හිමියා මුගේ දුක තේරුම් ගෙන ඔහුගේ ගණිකා මධ්යේස්ථානය තුළ මූට වෙනමම ගණිකාවක් දිනපතා පහස ලබා ගන්නට සපයා දී ඇත. ඒ කළ උපකාරයට ප්ර ති උපකාරයක් ලෙස මූ ඔහු වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සටනට ඉදිරිපත් වී සිටියි.
    ඒ නිසාම මූ මොනවා කළත් කීවත් අපට දොස් කියන්නට බැරිය. ගුරුවරයෙකු ලෙස සේවය කරන මොහු වැඩිපුරම බාලිකා පාසල් වල සේවය කරන්නට අවස්ථාව ඉල්ලා සිටියත් මුගේ හැටි දන්නා බලධාරීන් මුට පිරිමි පාසල් පමණක් ලබා දී තිබේ. හමුදා සෙබලුන්ට බයට පෙම් හසුන් ලියා දුන් මූ තවමත් තමන් වාමාංශිකයෙක් යැයි කියන අතරම වාමාංශික ගණිකා නිවාස හිමියන් සමග එක්ව ව්ය පාර කරයි. ඒ අස්සේ රජයේ වැටුප් ලබන ගුරුවරයෙකු ලෙසත් සේවය කරයි. මේ නිසා මුලින්ම මුගේ හැටි අධ්යාපන දෙපාර්ථමේන්තුවට ලියා දන්වන්නට අපි තීරණය කළෙමු.
    මූ ගැන කියන්නට තවත් ගොඩක් දේ අපට ඇත. ඒවා සියල්ලම අපි ලියන්නෙමු. රෝහිත භාෂණ සහෝදරයා සමග දේශපාලනය කලා යැයි කියන සංසිද්ධිය විකුණාකමින් වාමාංශික හැවක් පොරවාගෙන හෙළුවෙන්ම ධනවාදයට කඩේ යන මේ නරුමයා ගැන මේ ආකාරයෙන් හැර වෙන ලියන්නට ක්ර මයක් නැත

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, බාබරා මම මේක පළ කරන්නයි හිටියේ ඔයාට ඔයාවත් ඔයා වැනි වාමාංශිකයන්වත් කණ්ණාඩියෙන් පේනවා වගේ පේන්න.

      මම හිතන්නේ ඔයාට අපි මහපු තොප්පිය හරියටම හරි.

      ඔයාගේ නම බාබරා වීමත් හරි ෂෝක්. අපි දැන් ලියමින් ඉන්න බාබේරියාව ගැන විස්තරයේ බාබේරියාවේ මෙහේ තානාපතිකම අපි ඔයාට දෙන්නම්.

      Delete
    2. සහතික ඇත්ත. මා බාබරා කියන දේ වල ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් ලියලා තියන කුණු විලාශයෙන් තේරෙනවා ඇය/ඔහු/අතරමැදි කොයි වගේ අයෙකුද කියලා. අනුන්ගේ කැත ගැන කීමට පෙර කන්නාඩිය ඉදිරියට ගිහින් බලන්න සහෝදරයා. අප කව්රුවත් ඔය හිතාගෙන ඉන්න තරම් ලස්සන නැහැ!

      Delete
  11. අමුතු දීටි ගලAugust 26, 2012 at 2:41 PM

    මට නම් තේරෙන්නෙ නෑ මොනවත් දෙයියෝ
    එකෙක් කියයි මේක ලියයි වල් දෙයියෝ
    හිටියෙත් ඌ රතු පොරවන්මලු අයියෝ
    පෙරටුද පසුද මම නම් දන්නෑ දෙයියෝ

    රතු කමීසය එපා වී බලනට ඩිස්නී
    දොල දුක පහළ වුනු දා ගැස්සී කිඩ්නී
    නැතහොත් ඊළමක් ගැන හිතමින් සිඩ්නී
    යෑමේ අයිතියට ඇයි නුඹ මල පැන්නී

    ReplyDelete
    Replies
    1. බාබර ඇන්ටිහට මල පැන්නේ මොකද?
      පැරකුම් ලියනවට ඒ ඇත්තිට දුකද?
      අනුන්ගේ අමුඩයේ හොයනා හිල් ලොකුද?
      හෙළුවෙන් ඉන්න කොට කොතරම් ලස්සනද?

      Delete
  12. හිමුද්‍රා සක්කඩුවAugust 26, 2012 at 8:28 PM

    මේක ඇත්තනම් ලීලෝ පරිස්සමෙන්
    නැත්නම් ඔයා දැනටම අඹු වීද කියන්
    හිටපු ගමන් වේසා වුර්තියක් දොඩං
    ආවේ ඒ නිසාදැයි මට හනික කියං

    ReplyDelete
  13. ප්‍රශ්නෙ තියෙන්නේ කෙනෙක් වෙනත් වෘත්තියක් තෝර ගන්නකොට වගේ ස්වාධීනව හිතල තමන්ගෙ කැමැත්තෙන් ලිංගික සේවා සපයන්න යොමු වෙනවද කියන එක.කාන්තාවන් බොහොමයක් මේවට යොමු වෙන්නෙ විවිධ අපචාර හා බලාත්කාරකම් වලට ලක්වීමෙන් අනතුරුව.ලංකාවේ sex workers ලගෙන් අති බහුතරය එහෙම අය.එතකොට forced prostitution, sex slavery ගැන X කණ්ඩායම මොකද කියන්නෙ? බ‍ංගලාදේශයේ ගණිකා වෘත්තිය නීතිගත කලා.ඒකෙන් සිදු වුණේ බාල වයස්කාර දැරියන් පවා බලාත්කාරයෙන් ගණිකා වෘත්තියට යොමු කිරීම වැඩි වීම පමණයි.ගැහැණු ලමෙක් පැහැරගෙන හරි රවට්ටගෙන හරි ගෙනිහින් කට්ටියක් එක්ක දූෂනය කරලා ඊට පස්සෙ ගණිකා මඩමකට විකුණුවට පස්සෙ ඒ රස්සාව කරනවා ඇර වෙන මොනව කරන්නද? පස්සෙ ඇය ගණිකාවක් විදිහට ලියාපද‍ිංචි වෙන්න(නීතිගත කිරීමේ පසු බිමක් තුල)කැමති වුණත් එයින් කියවෙන්නෙ නෑනෙ ඇය තමන්ගෙ කැමැත්තෙන් එම වෘත්තියට යොමු වුණා කි‍යලා.එතකොට ඒක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් නෙමෙයිද? මෙතන තියෙන්නෙ සදාචාරයවත් සංස්කෘතියවත් පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි මානුෂිකත්වය පිළිබද ප්‍රශ්නයක්.ලිංගික ශ්‍රම වෙළදපල පැවැත්ම ධනපති ක්‍රමයේ අංගයක්.X කණ්ඩායම ප්‍රශ්නයේ අනිත් පැත්ත කථා නොකරන්නෙ ඔවුනුත් ඔය කියන ධනේෂ්වර පුරුෂධිපතිවාදීන්ගෙ ගොඩට අයිති නිසා.

    ReplyDelete
    Replies
    1. child prostitution in B'desh was always there and is still there. the good of legalization is taht it offers the sex worker to have a say in things, like protection, which matters a great deal.

      Delete
    2. X කණ්ඩායම ට sex කණ්ඩායම කියල කිව්ව වාමාංහිකයෝ සේරම දැන් දන්නව ද දන්නෙ නෑඇත්තටම X එක කෙරුවෙ විප්ලවයක් කියන එක. හැබැයි X එක කවදාවත් sex promote කෙරුවෙ නෑ. එයාල එයාලගෙ සඟරාවෙ layout වලට පාවිච්චි කරපු XX sex pictures දිහා බලල කවුරු හරි එහෙම වුනා නම් ඒක අපරාදයක්. මම මම ද්න තරමින් මේ ලෝකෙ කිසි කෙනෙක් වෘත්තියක විදිහට ලිංගික සේවා සැපයීමට බලාපොරොත්තුවෙන් නෙමේ ජීවිතේ පටන් ගන්නෙ. මේ මුළු ලෝකෙම කොහේ හරි පිරිමි හරි ගැහැණු හරි ලිංගික සේවා සපයන කෙනෙක් ඉන්නව නම් එයා එතැනට ඇද වැටිල තියෙන්නෙ මේ සමාජ ක්‍රමයේ එයාට හිමි තැන දිනා ගන්න එයාට ඒ ගමන යන්න අවස්ථාව නොලැබීම නිසා. ඔයා කියන දේ ඇත්ත. මේකට අපි විරුද්ධ වෙන්න ඕන. මේ සමාජ ක්‍රමය නැවැත්වීමෙන් පමණයි මේකට උත්තරයක් ලැබෙන්නේ. අපි මේ ජීවත් වෙන ක්‍රමය, අපි මේ පවත්වාගෙන යන ක්‍රමය මේ මිනිස් දුහුවිලි බවට පත්වූ මිනිසුන් එතැනට ඇද දැමීමට හවුල් වෙලා තියෙනවා. ඔබත් මමත් එදිනෙදා මේ ක්‍රමය වෙනුවෙන් සටන් කරනු මිනිස්සු. අපි කිසි දිනක මේක වෙනස් කරන්න උත්සාහ කරද්දි අපි ජීවත් වෙන විදිහ ඒක වෙනස් කරන්න බැරි වෙන තරමටම මේ ක්‍රමයත් එක්ක සම්බන්ධයි කියල කල්පනා කරන්නෙ නෑ නේද? X කණ්ඩායම කියා දෙයක් මේ මොහොතේ පවතින්නේ නැති අතර එහි වාමාංශික ප්‍රවණතාවය නියෝජනය කළ පිරිසෙන් කිහිපදෙනෙක් එකතුවී පවත්වාගෙන යන බ්ලොග් අඩවියේ පළකර ඇති ලිපියකට අනුව දැන් ඇත්තේ පශ්චාත් X තත්වයකි. ඒ නිසා පශ්චාත් X අයට ඔබේ පැනය යොමුකරන්නට සිතා සිටිමි http://centrelk.blogspot.com/2012/08/x.html

      Delete
  14. ගේදොර අඩුපාඩු කිසිවක් නැති හින්දා
    දූ දරු සැමගේ ගැටලුත් නැති හින්දා
    රටතොට වෙන ගැටලුත් නැති හන්දා
    අපි දැන් ලිගුව ගැන හිතමුද මන්දා

    ReplyDelete
  15. Vipul
    පසුගිය දා මිරිහාන අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ වාමාංශික ගණිකා නිවාස හිමියා සමග සමීපව ඇසුරු කළ දාර්ශනිකයන්, කලාකරුවන් සහ වාමවාදී දේශපාලන ක්‍රියාධරයන් අතරින් කිහිප දෙනෙකු ගේ නම් පළ කරන්නෙමු.
    01-දීප්ති කුමාර ගුණරත්න
    02-පියංකාරගේ බන්දුල ජයවීර
    03-සුනිල් විජෙසිර්වර්ධන
    04-ජගත් වීරසිංහ
    05-නදීක ගුරුගේ
    06-ඉසුරු ප්‍රසංග
    07-ප්‍රසන්න විතානගේ
    08-විමුක්ති ජයසුන්දර
    09-විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි
    10-පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ
    11-‛ජනරළ’ පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත
    12-ඊ නිවිස් ප්‍රධාන සංස්කාරක සඳරුවන් සේනාධීර
    13-මහාචාර්ය සුමනසිරි ලියනගේ
    14-ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්
    15-ශෂී ප්‍රභාත් රණසිංහ
    16-ධර්මසිරි බණ්ඩාරනායක
    17-මාධ්‍යවේදී ප්‍රභාත් තරින්ද අත්තනායක
    18-චමීර පෙරේරා

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා කියන්නේ මොකක්ද? කට්ටියම බඩු ගහල ඒඩ්ස් කියලද?

      Delete
  16. http://www.facebook.com/madhyasthanaye.api

    ReplyDelete
  17. ලිංගික ශ්‍රමිකයින්ට නිසි තැන ලබාදීම කියලා කිව්වම ගොඩක් අය හිතන්නෙ එයාල හිරගෙදරට ගාල් කිරීම තමයි සුදුසුම වැඩේ කියලා..ඒ ක නෙව ඔය මසාජ් පොට් එකක් ගණිකා නිවාසයක් ඇල්ලුවම ඒවා හිට් නිවුස් විදියට ටොප් පේජ් වල යන්නෙ... එයාලගෙන් සේවය ගන්නට එන පිරිස උපාසක පිරිසක් වෙලා තියෙනවා..සේවය සලසන අය නරක පිරිසක් වෙලා තියෙනවා..ඒක නම් පුදුම ආකාරයේ රක්ෂාවක් තමයි.ත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා