ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොවේ (අනාගමිකයකුගේ ධර්මදේශනාව)

පිංවත්නි,
සතුන් මෙන්ම මිනිසුන්ද මැරීම හැමදාමත් ලෝකයේ තිබිණි. මිනිසා සර්වභක්ෂක සතෙකු වන බැවින් ඔහු සතුන් මරා කයි. මස් මිනිසාගේ ආහාරයේ ප්‍රධාන ‍කොටසකි.

පසුකාලීනව මිනිසා මස් පිණිස සතුන් ඇති කිරීම ආරම්භ කළ අතර අද වන විට එය සතුන් වගාකිරීමක් වැනි දියුණු කර්මාන්තයක් බවට පත් වී තිබේ.

මිනිස්සු මස් කන එක තහනම් කරන්නට ලංකාවේ ජාතික හෙළ උරුමයට තබා ඉතිහාසයටවත් බැරිය.

සත්ව හිංසනය තහනම් කිරීම කියා දෙයක් කළ නොහැක. පරිණාම ඉනිමගේ ඉහළින් සිටින ලොකු සතුන්ට හිංසා කිරීම අවම කිරීම හොඳය. මන්ද, මිනිසා ඇතැම් සතුන්ට ආදරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් සත්තු මිනිස් ඇසුරේ ජීවත්වෙති. මිනිසුන්ට සේවය කරති. සතුන්ට වුණත් කළගුණ සැලකීම හොඳ දෙයකි.

මස් කෑමට මෙන්ම තමන් සංවේදී මිනිසුන් බව පෙන්වීමටද මිනිසුන්ට අයිතියක් තිබේ. ඒ නිසා ගව ඝාතනාගාර මෙන්ම සත්ව මිතුරු සංවිධානද ලෝකයේ ඇත. ආණ්ඩුව මේ දෙකම ලියාපදිංචි කර ලියාපදිංචි ගාස්තු හා බදු ආදිය ලබා ගනියි.

ප්‍රදර්ශනාත්මක සත්ව ඝාතන නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මස් කනවානම් කන එක වෙනම දෙයකි. ප්‍රසිද්ධියේ සතුන් බිලි දීම වැනි ක්‍රියා තහනම් කළ යුතුය. ඒවා ශිෂ්ට රටවල නොතිබිය යුතු ඒවාය.

නීති ප්‍රකාරව මිනිසුන් එල්ලා මැරීමද එවැනිම ක්‍රියාවකි. මෙයද නතර කළ යුතුය. ශිෂ්ට සමාජයන්හි මිනිසුන් මැරීමේ නීති නැත. එසේම ශිෂ්ට සමාජයන්හි මිනිස්සු අළුගෝසුවන් වීමට පෙළගැසී ඉන්ටවීව් යන්නේද නැත.

ආණ්ඩු හා වෙනත් බලවත් පුද්ගලයන් සුදු වෑන්වලින් පැහැරගෙනගොස් මිනිසුන් අතුරුදහන් කිරීම නම් කිසිසේත්ම ශිෂ්ට නැත. එසේම, පොලිසිය සැකකරුවනට වධ දීමද නැවැතිය යුතුය. 

මිනිස් සමාජයට එරෙහිව අපරාධ කළ, ජාතීන්ට එරෙහිව අපරාධ සිදු කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් පමණක් නොව අනෙකුත් සියලුදෙනාද දඬුවම් ලැබිය යුතුය. යුද්ධය පැරදී මරණයට පත්වීම හෝ යුද්ධය ජයගැනීම වැනි කරුණු මෙහිදී අදාළ නොවේ. මිනිස් වර්ගයාට එරෙහි අපරාධ, ජාතීන්ට එරෙහි අපරාධ ආදියට කිසි කලෙක මුක්තිය නොදිය යුතුය.

රටක අනාගත පරම්පරා පවා ලෝකයට උගස් කර ණය ගෙන, ඒ සල්ලි පිල්ලි ගසා, රටේ ජනතාව දුගීභාවයේ පතුළටම හෙළා, බදු ගෙවන, බර උසුලන මිනිසුන් බඩගින්නේ මියයද්දී තමන්ගේ දරුවන් අජටාකාශගත කරන්නට දරණ පාපතර උත්සාහයන්ද ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුතුය. 

එවැනි පව්කාරයන් පුදන සමාජය ම්ලේච්ඡ සමාජයකි.

ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොව සියලු අපරාධවලට එරෙහිව අරගල කිරීමයි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. // ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොව සියලු අපරාධවලට අරගල කිරීමයි.// කවුද පෙරමුණගෙන ඉදිරියට එන්නේ?දැක්ක නේද පෙරේද ළමයින්ට කරපුදේ??????

    ReplyDelete
  2. ශිෂ්ට සමාජය යනු සමාජයේ සෑම දෙනාම අනුන්ට ගරුකරමින් අනුන්ගේත් තමන්ගේත් අයිතීන් අනුව කටයුතු කරන තැනකි. මෙතන ගැටලුව වී ඇත්තේ ශිෂ්ට සමාජය මේ අයුරින් පැවැතිය යුතුද කියා නියමාකාර නිර්නායකයක් නැතිකමය.
    සමාජයේ යහපතට මිනීමරුවෙකුට මරණ දඬුවම දීමත්. සතුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමට මස් කෑමේ අයිතිය නැතිකිරීමත් යන දේවල් හරිද වැරදිද යන්න දෙපාරක් නොව සියපාරක්වත් යලි යලි සිතිය යුත්තේ මේ නිසාය.

    ~~~ හෙල උරුමය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ගෙන එන්නේ ආගමේ නාමයෙන් සතුන් මැරීම වැලැක්වීම පමණක් යැයි අතුරුලියේ රතන හාමුදුරුවන් පුවත්පතකට පවසා තිබුනා. ~~~

    ReplyDelete
  3. තම තමා කරන අපරාධ හැකි තරම් අඩු කරගන්න පුළුවන් උනොත් එච්චරයි

    ReplyDelete
  4. Truth is bitter yet it is the truth..

    ReplyDelete
  5. කුමන හේතුවකට හෝ සතුන් ප්‍රසිද්ධියේ මැරීමත්, වධදී මැරීමත් තහනම් කල යුතුය.බිලි පූජා තහනම් කල යුතුය. කන්නට මරණ සතුන්ව ඒ සඳහා වෙන්වුන, අවසර ලත් තැන්වල, ක්‍රමවේදයකට අනුව සිදු කිරීම එක අතකින් සමාජ සාර ධර්ම වලට විතරක් නොවේ මහජන සෞඛ්‍යයටද, මස් වල ගුණාත්මක බව රැක ගැනීමටද එකසේ වැදගත්. මිනිසුනට වධදී අප්‍රසිද්ධියේ මැරීමත්, ප්‍රසිද්දියේ මැරීමත්, අතුරුදහන් කිරීමත් දැනටම තහනම් නේ. ඒ කියන්නේ නීතියත් ඉස්තාපනය කල යුතුයි. සතුන් ප්‍රසිද්ධියේ මැරීම තහනම් කලත්, නිතිය ක්‍රියාත්මක නොවේ නම් ඒත් දැන් තියන ආනිසංසෙම තමයි. හෙළ කරුමය පෙනී ඉන්නේ මේ එකකටවත් නොවේනේ. මහා නායක ගනින්නාන්සේලාට මොබයිල් ෆෝන් වලින් වෙන විනාශේ පේනවා. නමුත් පාරේ දෙපැත්තේ තරුණයන් පුළුස්සන කොට කිසිම විනාශයක් උනේ නැහැ. උතුරේ කිසිම විනාශයක් උනේ නැහැ. -අනාත

    ReplyDelete
  6. පූජ්‍ය අතුරලියේ රතන හිමිAugust 31, 2012 at 1:50 PM

    පැරකුම් ගේ සිතීම බැලූ බැල්මට දේශපාලනික යයි සිතුනද ඇත්තෙන්ම මෙය අදේශපාලනිකය. මන්ද ප්‍රදර්ශනාත්මක සතුන් මැරීම තහනම් කිරීම වැනි දේ පැරකුම් කිව්වත් නැතත් ආණ්ඩුවට පහසුවෙන් කල හැකි දෙයකි. එනිසා මෙය එක්පසකින් ඔවුන්ට දැනටමත් කල හැකි දෙයකට රුකුල් දීමක්.අකෙන් පසින් යුද්ධයෙන් පසු තර්ජනයට ලක්වූ වාර්ගික පසමිතුරුතාවය අඛන්ඩ කරගැනීමට පහසුකම් සැලකීමක්. මෙය හින්දු වතාවතක් නිසා මෙම ඝාතන නැවැත්වීම තුලින් සිංහලයින් සතුටු වනු ඇත. හින්දු භක්තිකයින් තරහ වනු ඇත. මෙය ආන්ඩුවේ දෘෂ්ටිවාදී සුජාතභාවය උදෙසා අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒකනිසා පැරකුම් කිව යුතුව තිබුනේ මේක නෙමෙයි. සත්ව ඝාතනය ‍මොන අරමුණකින් කලත් ඒ කි්‍රියාව මනුෂ්‍යත්වයට තරම් නොවේ යන නිශ්චිත සංදර්බීය දේශපාලන සටන්පාඨය හෙල උරුමය ප්‍රමුඛ සන්ධාන රජයට අභිමුඛ කිරීමයි. එය ඔවුන්ට කිසිදාක සිදුකල නොහැක. මන්ද එය කලහොත් දෙගොල්ලො තුන්ගොල්ලොම තරහ වන බැවිනි. එහෙම කලානං එය දේශපාලනික වශයෙන් හෙල උරුමයේ සහ ආණ්ඩුවේ දෘෂ්ඨිවාදී තිරය පළුදු කිරිමක් වනු ඇත.

    ReplyDelete
  7. කාලි අම්ම එළුවෝ මරයි
    "අපේ තාත්ත" දරුවෝ මරයි
    දුමින්දලා කුඩු විකුණයි
    මිහින්ලන්තේ තත්වේ මෙයයි

    බුදු පිළිමයක් කිස් කෙරුවොත් වරදක්ය
    සිරස කැඩුවේ නම් වෙන දේ කට ය
    නිධන් ගන්නේ හැමදා රජ වෙන්නටය
    කුඩු කාරයන් අල්ලන්නේ ඒකටය

    මෙදා සැරෙත් මනාපයට නැත බාදා
    වෑන් වලින් උස්සමු මේ පෝදා
    මරුට නොමැත කිසි විට බාදා
    ඉන්නාතුරු බලයේ මේ ආඳා

    ReplyDelete
  8. නීල් ආම්ස්ට්‍රෝංAugust 31, 2012 at 5:55 PM

    අම්මප උඹෙ කටේ මසුරං පොදියක්ම
    දැමිය යුතු කථාවක් නොවැ වැදගත්ම
    සතුන්ටත් වඩා තිරිසං පවුලක්ම
    කරවයි රටක් හූරන් හැම ලොඳයක්ම

    ආගම් බේද කිසිවිට ඇති නොකළ යුතු
    ජාතිය එකකි හැමටම එය දැනිය යුතු
    උතුරේ උන්ට උන්ගෙ ගම් බිම් ලැබිය යුතු
    උන්ගේ සංස්කෘතියක උන් නැටිය යුතු

    නොකියමි දහස් ගණනින් මැරුමට සත්තූ
    දෙවියනි උඹේ සතුටට පලි නෑ සත්තූ
    එනමුත් මසට මරන කෝටියකට සත්තූ
    ෆුඩ් සිටි, මස් කෙඩේ ගැන කට වහ ගත්තූ

    වටේට මුහුද මාළුන්ටත් නෑ නිවනක්
    ඌරට කුකුළටත් නෑ කිසිවිට නින්දක්
    මට තේරෙන්නෙ නෑ මෙය මහ අවනඩුවක්
    හෙළ උරු රතනයට නොකියවු මෙය රහසක්

    ඉන්නේ රටේ තුන්කාලක් අමන වැසී
    යුද්ධය දිනූ විට එය තළු මරපු වැසී
    කන්ට නැතුව තාමත් දුක් විඳින වැසී
    සර්වඥතා ධාතු දැක අත ලොවින වැසී

    පවුලක් රටේ සාරය රැස් කරන හැටී
    රැස් කරමින් පිට රටකට යවන හැටී
    ඒ මුදලින් පුතා හඳ මත ලගින හැටී
    බලමින් අනේ ඉඳිවු ඔහොමම එකට වැටී

    මට ඇති පැනය දැන්වත් විසඳා දීපන්
    එක පවුලක්ද වැඩි දෙකෝටියද කීපන්
    එහෙනම් යකෝ ලේසිනෙ පිළිතුර අහපන්
    කුදලන් මේ ''මරා'' බැරි නම් වහ දීපන්

    නීල් ආම්ස්ට්‍රෝං

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්දියේ කියුවත් අප මතට තිත
      බහුතරයකගේ ඇත තාමත් මතට හිත
      ඒ හා සමග දුන්නම ඔය මුලක් බත
      උඹයි මායි කවි ලියුවට වැඩක් නැත
      -අනාත

      Delete
  9. අපි හැමෝම අමතක කරන දේ තමයි මිනිස්සු ශිෂ්ට වෙන්නේ අද්‍යාපනය තුලින් කියන එක. මහා ලොකු දෙසපලුවන්ට, රජවරුන්ට, වන්දිබට්ටයන්ට, හා බහුතරයක් මෝඩ චන්දදායකයන්ට නොතේරෙන එය (නැත්තන් ඉතින් 6% වල් ඉල්ලුවත් නොදී ඉන්නේ නැතුව රටේ අද්‍යාපනය දියුණු කරන්න පුළුවන්නේ) මේ පින්තුරේ ඉන්න දුප්පත් අම්මට තේරෙනවා. තමන් වැටුණු වලේ තමන්ගේ දරුවන් නොවැටී උන්ට අනාගතේ සාපේක්ෂව හොඳ ශිෂ්ට සම්පන්න ජීවිතයක් අද්‍යාපනය තුලින් ලබා දීම නෙමේද එයාගේ එකම සිහිනය?

    ReplyDelete
  10. "රටක අනාගත පරම්පරා පවා ලෝකයට උගස් කර ණය ගෙන, ඒ සල්ලි පිල්ලි ගසා, රටේ ජනතාව දුගීභාවයේ පතුළටම හෙළා, බදු ගෙවන, බර උසුලන මිනිසුන් බඩගින්නේ මියයද්දී තමන්ගේ දරුවන් අජටාකාශගත කරන්නට දරණ පාපතර උත්සාහයන්ද ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුතුය."

    මම ආසම ටික තමා ඒ.

    ReplyDelete
  11. සහෘද අනාතයාට.....

    කෙක්කෙන් බැරිය මහ කන්දක් පෙරන්ට
    එය අපි සැවොම දන්නා දෙයකිය සබද..
    වැහි බිදු රැසින් රැස්කල මහ ජල කද ලෙසට
    අපි එකි නෙකා එක්වුන කල කවර වෙද....

    ReplyDelete
    Replies
    1. ඔබගේ කවි සිතුම් නම් හරි අගේ වෙත
      කරනා කෙරුම් නම් ඒ වගේ නැත
      කරනා දුෂනේ දරු දැරිවියන් කත
      වදින්නට පතමි ඔබහට හෙනේ හත
      ("ඔබට" නොවේ සාරුවාට)!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා