ජටාය ජටිතා පජාය - ඒ වුණාට අපි නටාය

ආණ්ඩුවට වැඩ වැඩීය
සභා තුනක ඡන්දයක්ය
නැවකින් තෙල් ලීක් වේය
ඒ ගැන මාළුවෝ බලති

වැස්ස නැතුව විදුලිය නැත
නොරොච්චෝලෙ ගලවලාය
විදුලිය නැති අඳුරෙ ඉඳන්
චීනෙට ණය ගෙවනවාය

බුදු හිමියනි ඔබේ ධාතු
මෙහෙ ඡන්දෙට විකුණනවා
කකුල් කඩුත්තුව හදාන
සැදැහැවත්තු ඇඹරෙනවා

නැගෙනහිරේ ඡන්දය නම්
ආණ්ඩුවට අප්සෙට් වගෙ
ජාතිවාදෙ එපා කියා
කුලවාදී ඩලා කියයි

ජාතිවාදෙ නම් දැනගනු
මුළු රටටම එකයි ඇත්තෙ
සුළු ජනයිනි දැන ගනියව්
අපි සිංහල අපියි උතුම්

එළුවො මරති හින්දු යක්කු
සිංහලයිනි නැගිට වරෙව්
මිනී මරන එක වගේද
මේවා හරි පව්නෙ බොලව්

අයං වහින කාලෙ කාලො
ගිනි පාගන එකයි ප්‍රශ්නෙ
රටටම ගිනි පෑගෙන කල
කාලො ඔයා කොහෙද හිටියෙ

අන්තෝ ඇතුළත ජටාය
පිටතත් මහ බහි ජටාය
ජටාය ජටිතා පජාය
ඒ වුණාට අපි නටාය

W3Lanka


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. maxa... I love ur change

    ReplyDelete
  2. ඒ පාර කවියෙන්ම දෙනව වැඩේ. එල එල

    ReplyDelete
  3. එළුවෝ මරති හින්දු යක්කු
    බල්ලෝ මරති කොළඹ යක්කු
    මොලයක් නැති මෝඩ යක්කු
    චන්දෙ දෙන්න නැත පරක්කු

    බත්මුල් සහ ගල් අරක්කු
    ඕන නැතිය වෙන මුරුක්කු
    වෙන්නේ නැතිව තව පරක්කු
    ආණ්ඩුවට ගහමු මුක්කු

    මහජනතා මෝඩ යක්කු
    ඇස් ඇරපන් නොවි පරක්කු
    දල්වාගෙන ගිනි විලක්කු
    පන්නමු මේ වල් හරක්කු!
    -අනාත

    ReplyDelete
  4. නහින දෙහින කාලේ මතට තිතටවත් [තමන්ට අයිති] හරිහමන් කාලෝ චිත දෙයක් කෙරුවනම්,ලක්ෂ 10 යේ ඔට්ටු අල්ලන්නේ නැතිව.කවියේ සුඩානයේ නිල සංචාරය ගැන නෑනෙ?

    ReplyDelete
  5. එළුවෝ මරති හින්දු යක්කු
    බල්ලෝ මරති කොළඹ යක්කු
    බත් මුල් සහ ගල් අරක්කු
    තිබුනොත් ඇති මෝඩ යක්කු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා