නඩුකාර හාමුදුරුවෝ ගලේ පැහැරුවා වගේ (බාබේරියානු පුවත්)

(Source: Albert Bigelow Paine, Thomas Nast: His Period and His Pictures, 1904.) 
බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි.

ලංකාවේ අධිකරණය ස්වාධීන බව අසා ඇත. ඒ වුණාට බාබේරියාවේ එහෙම නැත. බාබේරියාවේ අධිකරණය පක්ෂපාතීය.පක්ෂපාතී ඒ රටේ රජ පවුලට හා රජ පවුලට ගැති හෙංචයියලාටය.

ළඟදී එහේ මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ කියන්නේ මෙහෙම ජාතියකි. රජ පවුලේ කට්ටිය තමන්ගේ මාළිගාවේ ඉඳුල් කමින් පැහැනිපත් කරන එක එක කට්ටිය ඡන්දයට දමා රජයේ ඇමතිවරු, නිලධාරි, වාහන, ෆයිල් කවර, ඩස්බින් ආදී හැම එකක්ම පාවිච්චි කරමින් ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්නැයි කිය කියා මාසයක් විතර ඇවිදිති.

විපක්ෂයේ කට්ටිය තමන්ට ඡන්දය දෙන්නැයි කියා කියන විට ඒ හඬ නෑසී යන පරිදි හයියෙන් ආණ්ඩුවේ කට්ටිය අපට ඡන්දය දෙන්නැයි කියති. විපක්ෂයේ එවුන් ඔනෑවට වඩා සද්දෙ දාගෙන ආවොත් රජයේ දේපලකින් ඔවුන්ට පහර දෙති. විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂයට රිංගා ගන්නට ඉඩක් හැදෙන තෙක් බලා සිටින කට්ටියක් නිසා ආණ්ඩු පක්ෂය විපක්ෂය කියා දෙකක් ‍බාබේරියාවේ නැත.

ආණ්ඩුවේ කට්ටිය නඟන මහා ඝෝෂාව හමුවේ ජනතාවගේ කණ ගිනිකණ වැටේ. ඒ රටේ මහජනතාව ලංකාවේ මෙන් බුද්ධිමත් නැති අතර සහජයෙන්ම මන්ද බුද්ධිකයෝ වෙති. උන් ඡන්දය දෙන්නට යන්නේ නිකම් මත් වෙලා හීනෙන් ඇවිදින්නා සේය. කතිරය ගහන විට උන්ට වෙච්ච දේ ගැන හෝ වෙන්නට යන දේ ගැන නිනව්වක් නැති මානසිකත්වයක් ඇති වී හමාරය. ඡන්දෙන් පසු උන්ට සිහි එළඹෙන්නේ බඩේ පාර වදිනකොටය. ඒ වුණාට උන් ඊළඟ ඡන්දයට යන්නේත් ඒ වගේමය.

මේක හැමෝටම එපාවෙලාය. ඒත්, හැමෝම වාගේ රජ්ජුරුවන්ට කඩේ යන එක නවත් වන්නේ නැත. 

බාබේරියාවේ නඩුකාරයෙක් කලකට ඉහතදී මාර කතාවක් කීවේය. ඡන්දවලට මහජන දේපල පාවිච්චි කරන එක ගැන එයාට මොකුත් කරන්න බාබේරියාවේ නීතිය අනුව ඉඩක් නැති නිසා එයා මහජනතාවට කීවේ එහෙම එවුන්ට ගල් ගසා පන්නා දමන ලෙසය. හරියට කුස්සිය පැත්තේ වළං පෙරළාගෙන ඉඳුල් ලෙව කන්නට එන මෝඩ බල්ලන්ට ගල් ගහන්නා වාගේය. 

එහෙම ගල් ගහලා ආවාම ගල් ගෑසූ අය හිරේ යවන්නට නම් තමන්ට පුළුවන් බව උන්නැහේ කීවේය. 

නඩුකාර හාමුදුරුවෝ ගලේ පැහැරුවා වගේ යයි කියමනක් බාබේරියාවේ ඇත. ඒක හැදුනේ මේ කතාව නිසාය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. බාබෙරියාවේ සමහර නඩුකාර උන්නාන්සෙලත් කුක්කු බබාල වෙලා.එයාට තීන්දු දෙන්න බැරිනම් එයාට වඩා ඉහල තැනකට කියල පිහිට ලබාගන්න කියන්න තිබුනේ නැද්ද?කුලප්පු කරලා ගල් ගහල පොලිස් !@#$% කුදලාගෙන එන අයව කුඩුවල පුරවන්න පුළුවන්නේ අර කිවුවත් වගේ.

    ReplyDelete
  2. පැරා කරුණාකර පෝස්ට් 4-5 ක් වත් ඩිස්ප්ලේ වන ආකාරයට බ්ලොග් අඩවිය සකක් කරන්නේ නම් ඉතා අගය කරමි. මන්ද සමහර විට දින කිහිපයකට වරක් ජාලයේ සැරිසරන අපට අසාධාරනයක් වන්නේමය..

    ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. මැගසින් වර්ගයේ ටෙම්ප්ලේට් තමයි මීට පෙර පාවිච්චි කළේ. ඒත් ඒවායේ යම් යම් සීමා තිබෙන නිසායි මෙයට මාරු වුණේ. උදාහරණයක් ලෙස අපි කලින් පාවිච්චි කළ ටෙම්ප්ලේට් එකේ කමෙන්ට්ස්වලට මේ අන්දමින් පිළිතුරු දෙන්න බැහැ. හොඳ මැගසින් ටෙම්ප්ලේට් එකක් සොයමින් ඉන්නවා.

      Delete
  3. බාබේරියාවේ වැඩි හරියක්ම ඉන්නේ බැරි බැරියා කාරයින්ය. ජන්ද කොමාට ද බැරි බැරියාවය. පොලිස්පතිටද බැරි බැරියාවය. ඇමතිවරුන්ටද බැරි බැරියාවය. හැබැයි හොරකම් කොරන්නට දූෂණය කරන්නට ඒ බැරි බැරියාව නැත්තේය.

    (කාලෙකට ඉස්සර ටැබු පොස්ටයක තිබුණු දෙයක් මෙසේය. තමන්ට බැරි නිසා අල්ලපු ගෙදර එකා ලවා කරවා ගන්නට තම ගෑණිට කිව්වා සේය. මේ කතාව එසේමය.)

    ReplyDelete
  4. හිටපු විනිසුරු කෙලින් වැවAugust 24, 2012 at 3:43 PM

    නඩුකාරයා පැහැරුවෙ ගල් තලාවේ
    බඩුකාරයා පැහැරුවෙ ලක් තලාවේ
    වැනසී ගියා අභිමන ලෝ තලාවේ
    ගල් ගහපියා මූ දෙව්දත් මරා වේ

    සියයට අනූවක් මීමුන් වෙසෙන්නා
    ඒ ගොං බිමේ මූ කරණම් ගසන්නා
    සතයක් අඩුව පරිප්පු ටික ලැබෙන්නා
    මීමුන් චූන් වී කතිරය ගසන්නා

    කකුස්සි කටට ඡන්දය දුන් රටක් බොලව්
    හේමා, සජිත් ගෙන් බොරුනම් අහල බලව්
    කල්පයකට හදනු බැරි ගොං තඩි රටක් මෙහෙව්
    නුදුටිමි අනේ හීනෙන් වත් නොදැක සිටිව්

    සිතියම අරන් බැලුවොත් දැන් පෙනෙන්නේ
    ඉන්දියාව මල පහ කළ වගෙයිනේ
    ඒකයි ඔහොම ටොකු ඇන ඇන බොලන්නේ
    නට අට ඉන්දියන් රිලවුන් පනින්නේ

    විපක්ෂයක් යනු මිනිසුන් රැඳෙන තැනයි
    පක්ෂ වලට බැන බැන නොසිටින්න සොඳයි
    එකතු වුනොත් ගොං කං දුරු වෙනු නියතයි
    එදාට වල් මරා ගෙ පවුලම ඉවරයි

    ReplyDelete
  5. හිටපු විනිසුරු කෙලින් වැවට හා පැරකුම්ට! මචන් මන් තමා අර අනාත කවියා. මේක නැගල යවන්න මටත් ඕනේ නිසා කවි ලියනවා. ඔබලා අප මේ ලෝකයේ සුළුතරය. එයයි කනගාටුව!!

    ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා
    දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා
    ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා
    ආයිත් චූන් වී කතිරය ගසන්නා

    ReplyDelete
  6. පැරා, කොමෙන්ටු වලට ඔබගේ අදහස ලියුවොත් නේද හොඳ? මිට වඩා කාර්ය බහුල අය (ඔබත් කාර්ය බහුල ඇති) තමන්ගේ බ්ලොග් වල කොමෙන්ටු වලට පිළිතුරු ලියනවා (සිංහල බ්ලොග් නොවේ). මේක නැත්නම් එක පැත්තකටම යන කෝච්චියක් නේ! anaatha!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඉදිරියේදි පුළුවන් තරම් උත්සාහ කරන්නම්

      Delete
  7. එරත් සන් සමග කෙලින් වැවAugust 24, 2012 at 6:53 PM

    ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන්
    කෝවක දාල රට මකනාතුරු ලියපන්
    සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං
    අතනෑරම කවිය කොඩිවිනයක් කරපං

    ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා
    නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා
    ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා
    දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා

    වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී
    අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී
    මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී

    ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා
    ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා
    සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා
    අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා

    හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ
    තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ
    මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ
    පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ

    බලපන් ලොවේ ලොකු ලොකු රටවල් ඇත්තේ
    ඔයි මොන රටද මූට ඇරැයුම් කර ඇත්තේ
    යන හැම තැනම මූ කොන්වෙනු දැක ඇත්තේ
    දෙපරැන්ඳේ නගුට ගහගෙන නා ගත්තේ

    මතකනෙ රැජින එක්කල මූ ගත්තු ෆොටෝ
    ෆොටෝ ෂොප් වලත් වැරැදුනු හිඟන ෆොටෝ
    ඔබාමා එක්ක ගන්නට හිතපු ෆොටෝ
    අයියෝ ෆොටෝ ෂොප් වල වැරැදුනා ෆොටෝ

    ස්වාසිලන්තෙ, සී ෂෙල්ස් මාලේ පැත්තේ
    ගිහින් එන්න ඇරැයුම පමණිය ඇත්තේ
    සිය ගණනක් රටවල් ඇති ලොව මත්තේ
    මූ බලු වුනේ ඇයි මේ තරමට මුත්තේ

    වැදගත් කමක් නැති තිරිසං සතෙකිය මූ
    කරවයි රටක් පීචං වී ලොවකින් මූ
    කාලය හොඳයි අත වනනව අපටම මූ
    අම්මප හෙනේ වද්දමු එල්ලෙට ගෙන මූ

    ReplyDelete
    Replies
    1. සුපිරිම සුපිරිය!මේවා කියවද්දී තව තවත් ඇගේ මාළු නටනවාය.

      Delete
  8. එකෙකුට කියනවා පන්සල් සිල් ගන්න
    අනිකට කියනවා ගල් කැට ගහන්න
    කුඩුපොර හට කිවේ සිහි එනතුරු ඉන්න
    මේ හැම සිදු උනේ බාබෙරියාවේදී ඔන්න

    නිලයේ ඉන්න තුරු ගහලා දැල් පන්දු
    දුන්නෙම එකෙක් දුන්නේ බාබෙරියා තීන්දු
    එයා හරි කෙනා ලොව තුල නම රැන්දු
    සුනාමි හොරා රජ කෙරුවේ එම බන්ධු!
    Anaatha!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා