යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?

ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාලවලින් රහස් පොලිසියට ගෙන ගිය පරිගණකයේ අසභ්‍ය පිංතූර තිබුණු බව සොයාගෙන ඇත. 


මර ය! මේ නම් අති විශිෂ්ට සොයාගැනීමකි. 


කෙටියෙන් කියනවා නම් කටුගෙයින් නැති වූ බඩු යළි සොයා ගත්තාටත් වඩා විශිෂ්ට සොයා ගැනීමකි. 


රහස් පොලිසිය මහජන මුදල් හා කාලය වැය කරමින් මේ වෙබ් අඩවි කාර්යාල වටලන්නට වරෙන්තු ලබා ගත්තේ මේ අසභ්‍ය පිංතූර අත්අඩංගුවට ගන්නට වන්නට ඇත. 


මේ මාධ්‍යවේදීන් මේ අසභ්‍ය පිංතූර බලා ස්වයං වින්දනය වැනි අසභ්‍ය කටයුතු කරන බවට ඔත්තුවක් ලැබිලා වන්නට පුළුවන. 


ඇත්තෙන් ම, ලංකාවේ ස්වයං වින්දනය නීති විරෝධී ද යන්න වහා ම සොයා බැලිය යුතු ය. නැතිනම්, හෙට රහස් පොලිසිය පැමිණ ස්වයං වින්දනයේ යෙදුණේ යයි චෝදනාකොට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත හැකි ය. 


මේ මාධ්‍යවේදීන් ස්වයං වින්දනයේ යෙදී පියාට අසු වූ ළමයින් මෙන් ඇඹරෙන්නේ නැතිව නො බියව මෙසේ කිව යුතු ය. 


"යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?"


මෙහිදී ආදර්ශයට ගත යුත්තේ සතුන් වත්තේ කූඩු කර ඇති රිලවුන් ය. උන් හස්ත සංසර්ගයේ යෙදෙනවා පමණක් නොව, ශුක්‍රානු නරඹන්නන් දෙසට විසි කරන්නට ද පසුබට නො වෙති. 


ප්‍රකාශනයේ නිදහස නැති රටේ අඩු ගානේ ලිංගික නිදහස හෝ තිබිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හපොයි.... ලංකාවේ උන් කොම්පියුටරයක් වත් හරියට පාවිච්චි කරන්න දන්නේ නෑනෙ.. හැමදාම computer shut down කරනකොට temporary files / folders delete කරන්න browsing settings වෙනස් කරග්න්න එපායැ...

    ReplyDelete
  2. Maxa... Ohoma yan..

    ReplyDelete
  3. එහෙමද! අතේ ගහන්නත් උංගෙං අවසර ගන්න වෙන කාලයක්.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අන්න හරි ඉතිං මොකෝ කියන්නෙ?.....වැල බලන එක තහනංද?..නිකම් පලයල්ල බං යන්ඩ......හෙහ්, හෙහ්,

    ReplyDelete
  6. ස්වයන්වින්දනයේ යෙදීමට බද්ද ගෙවා රෙජිස්ටර් විය යුතු යුගයක් එයිද?

    ReplyDelete
  7. ඉස්සල්ලාම මාධ්‍යවේදීන්ට පොලීසියට අහුවෙන්නේ නැතුව වැල බලන එක ගැන වැඩමුලුවක් දාන්න ඕන

    ReplyDelete
  8. නඩු නැති රටකට මොන රෙද්දට පායනවද සූර්යයා?
    රැවන්ලා ගැන දුකයි මචං

    ReplyDelete
  9. අන්න සනා උඔට වැරදුන තැන. ප්‍රකාශනයේ නිදහස දෙන්න බැරි උන් ඉන්න රටේ ලිංගික නිදහසක් ‍දෙන්නේ කොහොමද මිත්‍රයා. ලිංගික නිදහස තියෙන්නේ ඔය කියන නිදහසට උඩින් කියල තමයි මට නම් දැනෙන්නේ. ජය වේවා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා