ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය. 


ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් මධ්‍යම පංතිකයන්ගේ ආශිර්වාදයෙන් ගොඩනඟන ලද පවතින විකෘති සමාජ ක්‍රමය පවතින තෙක්, අප තත්වය විග්‍රහ කළ යුතුව ඇත්තේ මේ යථාර්ථය වටහා ගනිමිනි.  


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මල්ලී වන ගෝඨාභය රාජපක්ෂට එම පවුලේම අය විසින් කළමනාකරණය කරනු ලබන, මහජනාව විසින් පාඩු පියවන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරන ඔහුගේ ම ලේලියකගේ ගුවන් නියමු පෙම්වතා ලවා ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙන එන්නටත්, බලු පැටවාට ඇති ආදරය නිසා එම ගුවන් යානය තමන් ම පදවන්නැයි ලේලිගේ පෙම්වතාගෙන් ඉල්ලා සිටින්නටත් බැරි මොකද? 


ලේලිගේ පෙම්වතාට ඒ -340 ගුවන් යානා පදවන්නට බැරි නිසාත්, ඒ -330යක් යෙදුවොත් මගීන් සංඛ්‍යාව අඩු කරන්නට සිදු වන නිසාත් ගුවන් නියමු සංසදය එයට විරුද්ධ වීම නිසා එය ඒ අන්දමින් සිදු වී නැත. 


ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා තර්ක කරන පරිදි එහි වරදක් නැත. මුදල් ගෙවන්නේ නම් ඔහුට බලු පැටවකු නොව අලි පැටවකු වුව ගෙන්වන්නට පුළුවන් බව ඔහු කියයි. ඇත්තට ම ඔහුට හා ඔවුන්ට බැරි කුමක්ද? 


බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද?


දැන් මේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ගෝඨභෙයතුමාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත්තේ සිද්ධියේ පොදු දේපල සම්බන්ධ කාරණාවක් ඇති බව කියා ය. 



රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය බින්ද හොරු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ. මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි ඇසූ විපක්ෂයේ හොරු ඇසූ හ. සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි ඇසූ අයට ලැබුණු උත්තරය මතකද?



ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා? 


කොහොම වුණත්, ඔයා හරි ෂෝක් දෙබසක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.  ඔයාගේ දෙබස් නිසා සරත් ෆොන්සේකා ජම්පරුත් ඇන්දේ ය.


අපේ සිංහල කට්ටිය ඉංගිරිසි මනින එක ප්‍රමිතියක් වන්නේ 'බනින්න තරම් ඉංගිරිසි දන්නවා' ය කියා ය. 


බලන්න ඉතින් එහෙම බනින්න පුළුවන් එකත් කොච්චර දෙයක් ද, ඈ? 


මෙන්න මෙතැනින් ඒ ෂෝක් දෙබස් ඩිංග කියවන්න පුළුවන්

“If you write one bloody word I will sue the writer and your newspaper – which I have already done -  I am not afraid of the bloody courts – I will sue you and shut down your f……. newspaper.”





මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සරත් ෆොන්සේකාගේ සුදුකොඩි නඩුවේදී ෆෙඩ්රිකාගේ පක්ෂපාති ( රජපක්ෂපාති ) හැසිරීම ලීඩර් කියවන ආණ්ඩු විරෝදී මද්‍යමපන්තික සින්ග්රිසින්ගේ (සිංහල + ඉංග්‍රීසි) කලකිරීමට හේතුවී තිබුණි. මේ නිසාම පුවත්පතේ ඉල්ලුම අඩුවී එය දැවැන්ත අර්බුදයකට ගොස් තිබුණි. ෆෙඩ්රිකා ගෝටත් එක්ක දාගන්නා මෙම බලු වලි පත්තරයේ සේල්ස් වැඩිකරන, එහෙම නැත්තම් ෆෙඩ්රිකාගේ ප්‍රතිරුපේ පුම්බන සේප්පඩවිජ්ජ මිස මාද්‍යකරනයනම් නොවේ.
    ගොට ට කෝල් කර දැන ගැනුමට දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී බල්ලෙක් ගැන අසන්න මෙය කලින් දමාගත්ව් ඩිල් එකක් විය යුතුය නැතිනම් ෆෙඩ්රිකාට ඇත්තටම පිස්සු තිබියයුතුය ( හිස්ටෙරියව වගේ එකක්!!).

    ReplyDelete
  3. Dear Para,
    I can not agree with your idea behind comment moderation. I believe that free and independent comments are the strength of blogs. Comments make your blog and blog post alive. It will open different and novel gateways to discussion. It will bring diversity to your blog. Personally I like to see your blog without comment moderation. But it is up to you. You are the boss!!
    Vimukthi

    ReplyDelete
  4. ඔය දෙන්නම එකම බෝට්ටුවේ! එක්කෙනෙක්ගෙ කට අප්සෙට්..අනික් එක්කෙනාගෙ අත (පෑන) අප්සෙට්... දෙන්නම එකතුවෙලා තව එක්කෙනෙක්ගෙ අවුරුදු 35ක හමුදා ජීවිතයට කෙලෙව්වා...

    ReplyDelete
  5. මාත් විමුක්ති සමග එකඟයි. පාලනයක් නැතුව කොමෙන්ටු දාන්න ඉඩ දෙන්න ඕනේ. ජාතිවාදී, සමාජ විරෝධී, ආගම්වාදය අවුස්සන හා කුණුහරුප කොමෙන්ටු පසුව අස්කරන්න පුළුවන්. ඒවයෙනුත් පල වන්නේ සමාජයේ මතය නිසා ඉතුරු කලත් කමක් නැහැ. අප රජයෙන් මාධ්‍ය නිදහස ඉල්ලන ගමන් අපේ බ්ලොගයන්ගේ වත් ඒ නිදහස පෙන්නනේ නැහැ.
    අර ජේවීපී එකයි, හෙළ උරුමයයි, කොටියි හා ලංකාවේ මධ්‍යම පන්තිකයන් මේ රාජපක්ෂ පාලනය ගොඩ නගපු එකයි පවත්වාගෙන යාම ගැනයි ඔබ කියන කතාව නම් හරියට හරි!

    ReplyDelete
  6. දැන් දෙන්න දික්කසාද වෙලාද ?

    ReplyDelete
  7. "ඔයාගේ දෙබස් නිසා සරත් ෆොන්සේකා ජම්පරුත් ඇන්දේ ය"

    ඔබ වැනි කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි අති සරල කිරීමක්! සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට ෆ්‍රෙඩ්‍රිකාගෙ පුවත් සාකච්චාව ප්‍රයෝජනයට ගත්තත්, පුවත් සාකච්චාව ඇතත් නැතත් එය එසේ සිදුවීමට නියමිතව තිබුනා නේද? අනික් අතට මගේ සිතීම නම්, එය (පුවත් සාකච්චාව ) සරත් ෆොන්සේකා පෙරමුනේ වැරදුනු සැලසුමක් වූ බවයි. ඒක ඒ ගොල්ලන්ගෙ - ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්නයක් විතරයි මම හිතන්නෙ.

    විමුක්ති,
    සන්ඩේ ලීඩර් කියන්නෙ අලෙවිය මත දුවන මාධ්‍යයක් නොවෙන බව කවුරු නොදනීද? එය නොදන්නා ඔබ ෆ්‍රෙඩ්‍රිකාගේ හිස්ටීරියාව ගැන රෝග විනිශ්චයකට යාම නම් හාස්‍යජනකයි. මේ කාලෙ හරියට මනෝ වෛද්‍යවරු අපි අතරෙ ඉන්නවනේ!!

    - dimithi

    ReplyDelete
  8. බැල්ලියෙකු එවැනි ජාතියේම බල්ලෙකු සමඟ චූන් එකක් දැම්මාට අපිට මක්කේද ? රමනයෙන් පසුව පොඩි ඔරොප්පුවක් දානකොට මාර ජොලියකුත් ඇත්තේය.

    ReplyDelete
  9. @ dimithi

    "සන්ඩේ ලීඩර් කියන්නෙ අලෙවිය මත දුවන මාධ්‍යයක් නොවෙන බව කවුරු නොදනීද?" එය එසේනම් සන්ඩේ ලීඩර් දුවන්නේ කුමන ආකාරයේ කරුණු මතදැයි පැවසීම ෆෙඩ්රිකා කාලෙන් කාලෙට පවසන වැල් බයිලා වල දේශපාලනය තේරුම් ගැනීමට ඉතාම ප්‍රයෝජනවත් වේ. ෆෙඩ්රිකාගේ ලිපිවල පල්හෑලි අතර පුවත්පතට ප්‍රග්දනය ලැබෙන ආකාරය පැහැදිලි නොකරන අතර එය දැන්වීම් වලින්නම් විය නොහැක. ඉතින් ගොඩක් දේවල් දන්නා dimithi ෆෙඩ්රිකා පත්තරේ අච්චු ගහනා විදිය අපිට කරුණාකර පහදා දෙන්න. එය බොහෝ මදය කරුවන්ට පත්තරයක් නැතත් කැලැ පත්තරයක්වත් ගහන්න උපකාරී වේවි.

    ඔබ සුදුකොඩි නඩුවේ සියලුම වාර්තා කියෙව්වේනම් එය "ඒ ගොල්ලන්ගෙ - ඒ ගොල්ලන්ගෙ" ප්‍රශ්නයක් ද "මේගොල්ලන්ගේ- ඒ ගොල්ලන්ගෙ" ඩිල් එකක්ද කියල ඔබටම වටහා ගත හැක්වේවි. අති සංකීර්ණ පැහැදිලි කිරීම් සහ විග්‍රහයන් බලපොරෝතුවන ඔබට ඇහේ ඇනෙමින් පවතින සත්‍ය මගහැරීම සැබෑම හස්‍යක් වෙයි

    ReplyDelete
  10. විමුක්ති,

    "ෆෙඩ්රිකා කාලෙන් කාලෙට පවසන වැල් බයිලා වල දේශපාලනය තේරුම් ගැනීමට...." ඇගේ කතාව කියවන්නැයි ඇරයුම් කරමි.

    http://www.thesundayleader.lk/2010/01/03/her-story%E2%80%A6/

    "කාලෙන් කාලෙට" කෙසේවෙතත් සන්ඩේ ලීඩර්හි දේශපාලනය කිසිවෙකුට රහසක් නොවේ. එය ටී.එන්.එල්. නාලිකාවේ මුද්‍රිත සංස්කරනය වැනිය. ප්‍රාග්ධනය ලැබෙන ආකාරය ගැන ඇසින් දුටු සාක්ශි ඇවැසි නොවන අතර එය විනිශ්චය කිරීම එතරම් අපහසු නොවේ. උදාහරනයක් ලෙස එයට මුදල් ලැබුනු ආකාරයක් මෙසේ දක්වමි...

    "...There was no reason for her to lie and since the party of the accused had paid Rs. one million per week to the newspaper of Ms. Jansz to promote Mr. Fonseka as the common candidate the Court cannot accept the fact that she would make such a false statement." http://sundaytimes.lk/111120/News/nws_14.html

    මෙම ගැටුම පැහැදිලි ලෙසම මෙරට පාලනය කරන කල්ලි දෙක අතර සිදුවුනු අර්බුදයකි. මා "ඒ ඒ අයගේ" ප්‍රශ්නයක් ලෙස හැඳින්වූයේ එයයි. සන්ඩේ ලීඩර් පුවත්පත සරත් ෆොන්සේකාට ජනාධිපතිවරනයේදී සහයෝගය දැක්වීමට එහි කලමනාකාරිත්ව තීරනයක් ගෙන තිබුනු බවත් ඒ සඳහා විශාල මුදලක් එම පක්ශයෙන් ලැබුනු බවත් ඉහත මූලාශ්‍ර වලින් කියවේ. මෙම පුවත පල කිරීමෙන් අනතුරුව ඇතිවූ තත්වය කිසිසේත්ම එවකට එම ආන්ඩු විරෝධී කල්ලිය බලාපොරොත්තු නොවූ තත්වයකි. මේ පසුබිම් තත්වයන් නොසලකා මෙය ෆ්‍රෙඩ්‍රිකාගේ හුදෙකලා ක්‍රියාවක් - පල් හෑල්ලක් ලෙස සරලව ගැනීම සත්‍යය මග හැර යාමක් නොවේද?

    තවද මෙම නඩු විභාගයේදී හෙලිදරවු වුනු ඩීල් එක කුමක්දැයි දැනගනු කැමැත්තෙමි..

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා