මිගෙට්ටුවත්තේ ගුණානන්ද, මිගෙට්ටුවත්තේ සුමිත්ත හා ජනමාධ්‍ය

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ පානදුරේ වාදය නිසා ප්‍රසිද්ධ වූහ.


සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිපාණන් ප්‍රසිද්ධ වී ඇත්තේ පාතාල නායකයෙකු ලෙස ය.


උන් වහන්සේ (ජනමාධ්‍ය එහිමියන් හඳුන්වන්නේ භික්ෂුව, චීවරධාරියා, සැකකරු ආදිය කියා ය) නීතිය ඉදිරියේ වරදකරු බව ඔප්පු වී නැත. කළා යයි කයන්නේ ද මංකොල්ල, මිනීමැරීම් මෙහෙයවීම නොව, පාතාල අපරාධකරුවන් යයි කියන අයට රැකවරණ සැපයීමයි.


ජනමාධ්‍ය අනුව ලංකාවේ පාතාල අපරාධකරුවන්ට රැකවරණ සැපයූ පළමු හා එකම පුද්ගලයා මොහු ය කියා සිතේ.


එතකොට ජූලම්පිටියේ අමරේට වසර ගණනක් තිස්සේ රැකවරණ දුන්නේ මුන් වහන්සේ නොවේ නම් කොයි ගොන් වහන්සේ ද?


අද ජනමාධ්‍ය විසින් සිදු කරමින් සිටින කාර්යය හඳුනා ගැනීමට සිංහලයන්ට අවශ්‍ය නම් මිගෙට්ටුවත්තේ සුමින්ද හිමියන් සම්බන්ධයෙන් සිදු වන මාධ්‍ය ප්‍රචාරය ඔස්සේ එය හඳුනා ගැනීමට පුළුවන. මන්ද මේ හාමුදුරුවන්ට ද ඇප පිට නිදහස් වී පැමිණි පසු තමන් පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. එය සිංහලයකු වීම නිසා හා භික්ෂුවක වීම නිසා ඔහුට ලැබෙන අවස්ථාවකි. ඔහුට ඕනෑ නම් ජනමාධ්‍යකරුවන් කීපදෙනෙකු අල්ලාගෙන මුදල් ටිකක් විසි කර මෙය බෝසත් චරිතයකට කළ අවමානයක් ලෙස හුවා දක්වා මාකට් එකක් හදා ගන්නටත් පුළුවන. 


වවුනියාව බන්ධනාගාරයේදී පහර දී මරා දැමුණු දෙමළ රැඳවියන් සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය කටයුතු කළේ මේ අන්දමට ම ය. ඕනෑම සිරගෙදරක තිබිය හැකි සාමාන්‍ය දේ වන විස්කෝතු පවා කුමන්ත්‍රණයක කොටස් බවට පත් කළේ අමානුෂික ලෙස පහර දී මේ රටේ පීඩිත ජාතියක මිනිසකු මරා දැමීම නිවැරදි ක්‍රියාවකැයි රටවැසියන්ට ඒත්තු ගැන්වීමට ය. මළ මිනිසාටත්, පොදුවේ පීඩිත දෙමළාටත් ලංකාව තුළ හඬක් නැති නිසා එම පුවත්වල අනෙක් පැත්ත කිසි දිනෙක ලංකාවේ සිංහල ජනයා දැන ගන්නේ නැත. 


මිගෙට්ටුවත්තේ සුමින්ද හිමියන්ගේ පරිගණකයේ වැල තිබුණා යයි ද දැන් කියනු ලැබේ. ලංකාවේ වැල නොදුටු පරිගණකයක් සොයා ගැනීම ද පරිප්පු නැති හෝටලයක් සොයා ගැනීම බඳු ය. 


මිගෙට්ටුවත්තේ සුමින්ද හිමි කතා කළ යුතු ය. ජනමාධ්‍ය හා ඒවා මෙහෙයවන්නන්ගේත්, ඇඟ බේරා ගැනීම සඳහා ඒවාට ආවඩන ආගමික ප්‍රධානීන්ගේත් ඇත්ත හෙළි කළ යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේක නම් මරු ඔල්මොන්දරම් කාලයකි.මොකා හරිද මොකා වැරදිද කියා හිතාගන්නත් අමරුය

    ReplyDelete
  2. "මිගෙට්ටුවත්තේ ගුණානන්ද" නැමැති නම මෙතනට අදාල වන්නේ කොහොමද?

    ReplyDelete
  3. මිගෙට්ටුවත්තේ ගුණානන්ද" නැමැති නම මෙතනට අදාල වන්නේ කොහොමද?"
    දෙන්නගෙම වාසගමයි යුනිෆෝම් එකයි දෙක එකක් නෙ බං.

    ReplyDelete
  4. [ඕනෑම සිරගෙදරක තිබිය හැකි සාමාන්‍ය දේ වන විස්කෝතු පවා කුමන්ත්‍රණයක කොටස් බවට පත් කළේ අමානුෂික ලෙස පහර දී මේ රටේ පීඩිත ජාතියක මිනිසකු මරා දැමීම නිවැරදි ක්‍රියාවකැයි රටවැසියන්ට ඒත්තු ගැන්වීමට ය]

    ‍ජේලර් ල පැහැර ගන්න එකත් සිමින්‍ය සිද්දියක් වෙනඩ ඇති නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා