ඩෙංගු ලාභය ගණන් හැදීමට මිය ගිය පී.එච්.අයි.ගේ වටිනාකම අඩු කළ යුතු ය

ඩෙංගු මර්දන මාසයේ ගතවූ සති දෙක තුළදී න් මදුරු කීටයන් සහිත ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්, රාජ්‍ය ආයතන හා සෙසු ආයතන 1264 ක්‌ හඳුනාගෙන රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක්‌ අයකරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.


මහජන පරීක්ෂකවරුන් රජයට ලබා දුන් ආදායමින් නිවැසියකුගේ අමානුෂික මෝල් ගස් පාරක් කා මිය ගිය මහජන පරීක්ෂකවරයාගේ වටිනාකම අඩු කළ යුතු ය. ආණ්ඩුව ලැබූ ලාභය හරියට ගණන් බැලිය හැක්කේ එවිට ය.


‍ඩෙංගු මරිදනය සඳහා රජය යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදය වන්නේ මෙසේ දඩ ගැසීමයි. ඉස්සර පැවති මැලේරියා වසංගතය මර්දනය කළේ තෙල් ගහලා ය. ඩෙංගු මරිදනය කරන්නට යන්නේ දඩ ගහලා ය. 


එහෙත්, රජයේ දේපල වන මග දෙපස පිරිසිදු කිරීමට හා මහජන මුදලින් කළ යුතු කාර්යයක් වන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි පිළිවෙලක් සැකසීමට රජයට හැකි වී තිබේද? නිදසුනක් ලෙස, ලංකාවේ ප්‍රාදේශීය සභා බෙහෙමයක් කසල ඉවත් කිරීම සඳහා ගම්වලට එන්නේ නැත. ගම්වල ගොඩගැසෙන ප්ලාස්‍ටික් අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් යෝජනා කරන්නේ ප්ලාස්ටික් ගිනි තැබීමයි. පොලිතින්, ප්ලාස්ටික් ගිනි තැබීමෙන් විශාල පිළිකාකාරක ප්‍රමාණයක් වායුගෝලයට එක් වේ.   


ගස් සහිත පරිසරයන් තුළ කෙසෙල් පිති, අන්නාසි පිති, බිම වැටුණු පොල් අතු වැනි වතුර රැ‍ඳෙන සිථාන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඩෙංගු පරීක්ෂකයන්ට අදහසක් නැත. ඒවා විනාශ කරන්නද? 


ප්ලාස්ටික් කැබලි,  පොල්කටු, සැමන් ටින් ආදිය තැන තැන ගොස් දමන ප්‍රධන බලවේගයක් වන්නේ රජය විසින් අභය දී ඇති දඩාවතේ යන බල්ලෝ ය. බල්ලන්ට මේ වැඩ කරන්නට එපා යයි උපදෙස් දෙන්නට එක බල්ලෙක්වත් නැත. 


රජය කළ යුතුව තිබෙන්නේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා මහජනතාවට උදව් කිරීම මිස දඩ ගසා ජනතාව මර්දනය කර ඩෙංගු මඩින්නට උත්සාහ කිරීම නොවේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හැම කෙහෙම්මලකින්ම සල්ලි හම්බකරන්න යනකොට ඔහොම තමයි. හම්බකරන සල්ලි ආපහු මහජන සුභසිද්ධිය සඳහා යොදවනවම් ප්‍රශ්ණ අඩු කරගන්න පුළුවන්.
    -Gamaya-

    ReplyDelete
  2. මිනිෙසකු මරා දැමීම ෙහාද ෙදයක් ෙනෙයි.ඒත් දඩ ගහන ඒකත් ෙහාද ෙදයක් නෙෙවයි. නීතියක් මගින් ෙඩංගු මර්ධනය කරන්න බෑ.හැබැයි සල්ලි හම්බ කරන්න පුලුවන්.දඩ වදින්ෙන් බැරි මිනිහට.ෙලාකු උන් දිහා බලන්ෙනවත් නෑ.බැලුවත් සල්ලි වලින් ෙබ්ෙරන්න පුලුවන්.ෙම්වා නඩු වාර්ථා සමග ෙපන්නල ෙදන්න පුලුවන්.සත්‍ය ෙත්රුම් ගන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා