රිම් එකෙන් යන ආණ්ඩුව ත්‍රිරෝදෙටත් කෙළ හළයි

ලංකාවේ ණය බරින් කුජීත වී සිටින ආණ්ඩුව දැන් දැන් ජනතාවගේ ඉණ ඉහ අත ගෑමේ කාර්යයේදී ඉතා ම නිර්මානශීලී වීමට පටන් ගෙන තිබේ. 


ආණ්ඩුව අලුතෙන් ම පිහිටුවන්නට යන අංශයක් වන්නේ තිරෝද කුලී රථ නියාමන කාර්යාංශයයි. විස්තර මෙතැනින්


ඇත්තෙන් ම මෙය මෙතෙක් කල් කළේ නැත්තේ ඇයි ද යන්න පුදුමයකි. ලංකාවේ මිලියන භාගයක් පමණ ත්‍රිරෝද රථ තිබෙන්නට පුළුවන. සෑම නගරයක ම ත්‍රිරෝද රථ නැවතුම්පළවල් විශාල සංඛ්‍යාවක් ඇත. 


ආණ්ඩුවට ත්‍රිරෝද රථ සඳහා මාර්ග බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එවිට එම බලපත්‍රය ලබා ගැනීම සඳහා තරුණයන්ට දේශපාලකයන් පසුපස යන්නට සිදු වන නිසා ඡන්දවලට වැඩ කරන්නට තරුණයන් සොයා ගන්නට ද පුළුවන. 


එසේම, මෙම ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවලින් බදු අය කර ගැනීමේ කාර්යය සඳහා ඡන්දෙට වැඩ කළ රැකියාවක් සඳහා වෙන සුදුසුකමක් නැති රස්තියාදුකාරයන් සේවයේ යෙදවිය හැකි ය. 


පොලිසිය ගහන දඩවලට අමතරව ත්‍රිරෝද රියදුරන්ට තව තව දඩ ද ගහන්නට පුළුවන. 


මෙවැනි ‍නියාමන යාන්ත්‍රණ හදපු වෙනත් මහජන සේවා අංශවල මෙන් ත්‍රිරෝද රථවල ද සේවා තත්වය 'උසස්' වනු නියත ය. 


ජනතාව වැඩි දුරටත් සුඛිත මුදිත වනු ඇත. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නියාමන ආයතනයේ ලොක්කො හැටියට පවුලේ අයට චෑන්ස් එකක් දෙන්නත් පුළුවන්....

    ReplyDelete
  2. මොකක්ද මේ ත්‍රී වීල් එකේ ගහලා තියෙන එන....?
    "අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ගහක් හදන්නැති ඒ කාලේ!
    Campus යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත් මහපාරේ!!"

    "ගහක් හදැන්නැති"????
    අයිසැක් නිව්ටන් දැකලා ගහක් හැදුවට මදි බං.. ගණන් හැදුවානම් කම්පස් යන්න තිබ්බා.
    අයිසැක් නිව්ටනුත් දැක්ක වෙලේ ගණන් හද හදා හිටියනම් ඉතින් වෙන් මක්කරන්නද බං?

    ReplyDelete
  3. තෝරු මෝරු අල්ලනවට වඩා පුංචි හාල් මැස්සෙක් මරා ගෙන කන එක ලේසි නේ ......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා