ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money

අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා.


ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි.


මෙවැනි පණිවුඩයක් දිස් විය.


Congratulations

You have completed the quiz.
To find out the result of your IQ test,
Please enter your mobile number now!


ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි.


මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද?


එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද?


ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය


මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය.


අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න.


මෙම ‍වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත.


මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය. 


මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් ‍පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු  ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි.  


නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි. 


Thank you !

We received your mobile number. To confirm,

sms 22 to 31230


තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත. 


මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. ‍මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත. 


ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී. 


මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනවශ්‍ය විදිහට ඔබගේ දුරකථන අංකය දෙන්න ගියේ මොකටද? ඒ මදිවට තව පාරක් පින් එකකුත් දීලා ඉල්ලං කැම කරල තියෙන්නේ ඔබ . ඔය වෙබ් අඩවියේ ඒ අය මුදල් අය කරන විදිහ ආදිය ගැන විස්තර තියනවා , ඒවා කියවන්නේ නැතුව හරි , කියවලත් ගණන් නොගෙන හරි තමන්ගේ දුරකතන අංකය දීලා සල්ලි කැපුනාම සමාගම් වලට බැනල වැඩක් නැහැ , මොකද බලෙන් කරපු එකක් නෙවෙයිනේ තමන් කැමැත්තෙන්ම නොම්මරේ දීලනේ , නොම්මරයක් දුන්නාම සල්ලි අය කරගැනීමට අදාල වෙබ් අඩවිය සහ දුරකථන සමාගම් සමඟ ගිවිසුමක් ඇති , අයිතිකරුවමද නොම්මරේ දුන්නද කියල බලන්න තමයි වේරිෆිකේශන් කෝඩ් එකක් එවන්නේ . ඒකත් සැපයුවාම අයිතිකරුවාම නොම්මරේ දුන්න කියල තමයි පිලිගැනෙන්නේ , බලධාරින්ට කරන්න දෙයක් මෙතන නැ , මොකද ඔබ යම් කිසි වෙබ් අඩවියක කටයුතු කරන්න ඕනි ඒකේ රෙගුලාසි වලට අනුකුලව (ඒ රෙගුලාසි රටේ නිතියට එකඟ නම් එපමණයි )

    ReplyDelete
  2. මේ ගැන gossip9.com වෙබ් සයිට් එකට දන්වන්න. එයාලා මේ ගැන විස්තර හොයලා දායි. නැත්තන් තවත් කට්ට්ය මේ වගේ එව්වට අහුවෙන්න පුළුවන්.

    නිර්වාන

    ReplyDelete
  3. බුවාගේ සිතුවිලි වැරදි ය. මේ වනාහි ග්‍රාහකයාගේ කිසිදු අනුමැතියකින් තොරව මුදල් මංකොල්ල කෑමකි. මේවාට කරන්න දෙයක් නැතැයි කියන්නෝ මෙවැනි ජාවාරම්කරුවෝ මිස අන් අය නො වෙති.

    ReplyDelete
  4. හිතන්නාJune 16, 2012 at 9:03 PM

    මේකට සාක්ෂිත් සමඟ නඩුවක් ගොනු කරන්න ශ්‍රේස්ටාදිකරණය වෙත.

    ReplyDelete
  5. අනේ බුවා දන්න බිස්නස් ලෝ!

    දන්නෙ නැති මගුල් නොකියා කටවහන් හිටපන් බුවෝ!

    සල්ලි කැපෙන බව දැනුම් නොදී සල්ලි ගන්න බෑ.
    That's fuking General knowledge!

    මේක හොරකමක්.

    ලංකාවේ කර අඹපු පොන්නයෝ හුඟක් ඉන්න නිසා (බුවා වගේ)උන් හිතන් ඇති අපිට මොනවද කොරන්න බැරි කියල

    ReplyDelete
  6. TRC එකට පැමිණිලි කරන්න.

    ReplyDelete
  7. http://www.elakiri.com/forum/showthread.php?t=1323363

    ReplyDelete
  8. // ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි.
    //

    ඇයි බුද්ධි මට්ටම ගැන සැකයක් ඇති වුණා ද?

    ReplyDelete
  9. එහෙම නම් ඉතින් අජිත් මහත්තයි , ඔය බිස්නස් ලෝ හොඳට දන්න ඇනෝ මහත්තයයි නඩුවක් දාල බලන්නකො, නැත්නම් විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිලා කරල බලන්න කො , නඩුව දින්නාම හොඳ වන්දියකුත් ගන්න ලැබෙයිනේ .

    රටේ නිති තිබුනා හෝ නැතා තමන්ගේ දුරකථන අංකය වගේ පෞද්ගලික දෙයක් වෙබ් අඩවියකට දෙන්න කලින් දෙතුන් වතාවක් හිතන්න ඕනි , ඊලඟට වෙරිෆිකේශන් කෝඩ් එකක් ආපහු දෙන්න කලින් හිතලා බලන්න ඕනි මේ මොන මඟුලක්ද කියලා . රජයේ ජංගම දුරකථන සමාගම මිනිස්සුන්ට කෝල් කරල වැරදිලා බොත්තමක් එබුනත් රින්ගින් ටෝන් එක ඇක්ටිවේට් වෙන රටේ ඕවා මොනවද , ඊලඟට මේක අලුත් 'ගරානාවක්' නෙවෙයි , එලකිරියේ මේ ගැන සටහනක් තියෙන්නේ 2011 ජුනි මාසේ !

    ReplyDelete
  10. mema wistharayen apawa danuwathkalata thnaks v.much. Dialog Loka kapati company yak. mudal aya kireemak gena danuwath nokara mudal kapaganna eka horakamak.

    ReplyDelete
  11. ඒයාර් ටෙල් ලාකරන තව ජඩ වෑඩක් තමයි ගන්න කොල් වලට වෑඩි පුර තත්පර 2ක් ඇඩ් කිරීම මේක වෙන්නේ ප්‍රි පේඩ් සම්බන්දතා වල,මුන්ට කියලා වෑඩක් නෑ,ඔබ තත්පර 30 ක කෝල් එකක් ගත්තා නම් මුදල් කෑපුනු බව සදහන් වන මෑසේජ් එකේ සදහන් ඇමතුම් කාලය තත්. 32ක්,කොතරම් ලොකු සොරකමක් ද???

    ReplyDelete
  12. මේක හරියට කියවල බලපන් ඉංග්‍රීසි දන්නේ නැත්තන් ඉගෙනගනින්.


    What is Mozook?

    Mozoook offers fun and innovative entertainment services for your mobile, such as ringtones, videos and wallpapers. Mozook operates according to the code of conduct for mobile & SMS services in Srilanka.



    How can I subscribe?

    You can sign up for Mozook content by sending: START to 31230 to subscribe to the Mozook Fun Club



    How can I download ringtones, videos, wallpapers?

    Once you are subscribed to the service, you will receive 2 download credits per day only for 30 LKR per day.You will also receive a message on your mobile with link to the direct download page, where you can download content directly onto your mobile phone.

    ReplyDelete
  13. http://www.mywot.com/en/scorecard/mozook.com?utm_source=addon&utm_content=warn-viewsc


    use WOT to avoid these things

    ReplyDelete
  14. මෙ මගුලට මමත් අහු වුනානෙ මගේ රු1000ක් විතර කැපිල බිල් එක ඇවිත් තිබුනා. අපෙත් වැරුද්ද හොයන්නෙ බලන්නෙ නැතුව හැම රෙද්දටම signup වෙන එක

    ReplyDelete
  15. Buwata pissu gu pagilada koheda.dewal karan na ba ewata karana deyak na kiyala kiyanawata wada hodai neda uthsaha karala balana eka.

    ReplyDelete
  16. @ANO(JUNE 19, 2012 2:39 PM) - ඒක තමයි මම යෝජනා කලේ විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණිලි කරන්නය කියලා (වැඩක් වේද නොවේද කියලා බලන්න පුලුවන් නේ එතකොට ) , නිතීය පැත්තෙනුත් ට්‍රයි කරන්න පුලුවන් ඒත් ඉතින් අජිත් මහත්තයට ඒවට කරදර වෙන්න අමාරුයිනේ

    ReplyDelete
  17. බුවාට ඔකෙන් ගානක් එනව \ඇති. ඔය වගෙ සිද්දියක් මටත් උනා. සොෆ්ට්වෙයාර් 1ක් ඩවුන්ලෝඩ් කරගන්ඩ ගිහින් ෆෝම් 1ක් පුරවන්ඩ කියල. එකෙත් ඔහොම කැපුන. සල්ලි අයකරගන්නව කියල වචනයක් වත් තිබුනෙ නෑ.

    ReplyDelete
  18. ඉස්සර මේකෙ 072 / 071 දුරකතන ජාලත් තිබුනා. පාරිභෝගික පැමිණිලි වැඩි නිසා ඔවුන් මේ සයිට් එකත් එක්ක තියෙන ගිවිසුම අවලංගු කරන්න ඇති.
    මම දන්න ගොඩක් දෙනෙකුත් මේකට අහු වෙලා තියෙනවා... වැටෙන දේ කියවන්නෙ නැතුව I agree ක්ලික් කරන අයට තමයි මේක වැඩිපුරම පත්තු වෙන්නේ. මොවුන් කපාගන්න මුදල වෙබ් සයිට් එකයි අදාල දුරකතන ජාලයයි 50:50 බෙදා ගනන්වා.
    අනික මේක එක් වරක් පමණක් අය කරන එකක් නෙමෙයි. ඔබ මෙහි රෙජිස්ටර් වූ පසු දින පතා රු.30 බැගින් අය වෙනවා.

    ReplyDelete
  19. මටත් මේක වෙලා එටිසලාට් එකට කෝල් කලා. මම නම් කිසිම දෙයක ලියාපදිංචි වුනේ නැහැ. එටිසලාට් එක කියනවා අපි ඉන්ටනෙට් යද්දි මේ ලින්ක් එක නිකම් ක්ලික් වුනත් ඔටෝ ලියාපදිංචි වෙනවා කියලා. එතකොට ඒක නීත්‍යාණුකූලද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා