චේ ගුවේරාට නෝන්ඩි කරන්න විමල් වීරවංශට පුළුවන් ද?

චේ ගුවේරා යනු කියුබානු ජාතික සමාජවාදය අතික්‍රමණය කළ ජාත්‍යන්තරවාදියෙකි. ආජන්ටිනානුවකු වූ ඔහු කියුබාව වෙනුවෙන් සටන් කළේ ලෝක විප්ලවයේ වගකීමක් ලෙසයි. කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ඇමතිකමකින් ඔහුගේ විප්ලවවාදී ජීවගුණය සුරතාන්තයට පත් වූයේ නැත. ඔහු බොලීවියාවේදී මිය ගියේ කියුබානු ජාතික සමාජවාදයට වඩා පුළුල් ජීවන පරමාදර්ශ ඉතිරි කරමිනි. 


ඔහුගේ චරිතයේ ප්‍රධාන ම ලක්ෂණය වන්නේ විප්ලවීය හෘදය සාක්ෂියයි. මානුෂවාදී සමාජවාදයක් උදෙසා හා ඒ වෙනුවෙන් සටන් කර දිවි දුන් සගයන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය ඔහු කිසි දිනෙක අත් හළේ නැත. ලොව පුරා රැවුල් වවා ගත් රතු කමිස අඳින එහෙත් නින්දිතකමින් පිරුණු හදවත් ඇති බොරු සමාජවාදීන්ට චේගේ අසූචිවලටවත් සමාන වන්නට බැරි ඒ නිසා ය.


චේ ලෝක උරුමයකි. ඔහුගේ ජීව විද්‍යාත්මක බිරිඳ හෝ දරුවෝ චේගේ එක් භෞතික සංකේතයක් පමණි. විප්ලවීය හෘදය සාක්ෂිය රැක ගැනීමට සටන් කරන ලොව පුරා සිටින මිනිස්සු චේ සංකේතවත් කරන සජීවී නිදර්ශන වෙති. 


එවැනි මිනිසුන්ට මරණය හා වේදනාව උරුම කර දෙන ඒකාධිපතියෝ හා ඔවුන්ගේ බත්බැළයන් බවට පත් වූ අතීත සමාජවාදියෝ චේගේ බිරිය හා දරුවන් හමු වීමට ගොස් එය මහ ඉහළින් ප්‍රචාරය කිරීම ඉතිහාසයේ සරදමක් ලෙස සැලකිය යුතු නැත. 


මන්ද, වර්තමානයට කෝචොක් කළ පමණින් කෙනෙකුට ඉතිහාසයට සරදම් කරන්නට බැරි නිසා ය. ඉතිහාසය මා නිදොස් කරනු ඇතැයි මොන්කාඩා ප්‍රහාරය සම්බන්ධ නඩුවේදී ෆිදෙල් කස්ත්‍රෝ කීවේ ය. 


ඉතිහාසය යනු ලොව පුරා සිටින චෞර නායකයන් සමග එක පතේ කන කියුබානු සමාජවාදය නොවේ. 


ඉතිහාසය කියුබාවට වඩා පුළුල් ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. I have been reading your blog posts for quite some time and to be frank, most of them didn't have much in depth, but this one is quite an exception!

    ReplyDelete
  2. රැඩිකල් අදහස් දැක්වීමක් විදියටනම් පෝස්ට් එක් හරිම ඉහළයි.

    කියුබාව චෞර නාකයින් එක්ක එකපතේ කෑවෙ නැත්නම් කියුබානු ජනතාවට වෙන්නෙ "උක්දඩු ගිණි තපින්න" තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා