සාමාන්‍ය හොරුන් මැරිය යුතු අන්දම කියන ලංකාදීපය

පහත පළ වන්නේ ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකි.


තමන්ගේ රබර්වත්තේ තනියම ජීවත් වූ අසූ හතර හැවිරිදි පුද්ගලයකු මරා දුම්ගෙයි දමා පුළුස්සා අලු වැසිකිලිවලකට දමන ලැදැයි සැකපිට එම වත්තේ කිරි කපන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


මෙන්න, ඒ පුවත පිළිබඳ පළමු පාඨක ප්‍රතිචාරය:
ගිනි කසයා 2012-06-07 12:40:21
ඇසට ඇසක්... දතට දතක්.... මේ මිනිසුන් දෙදෙනාවත් ප්‍රසිද්ධියේ මරා ඒ දුම් ගෙයිම පුලුස්සා දැමිය යුතුයි


සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් ම පළමු අදහස් පළ කිරීම් කීපය කරන්නේ එම අඩවියට ම සම්බන්ධ අය වෙනත් නම්වලින් බව දන්නෝ දනිති.


ලංකාදීප පුවත්පත ලංකාවේ වැඩියෙන් ම විකිණෙන පුවත්පතයි. එම පුවත්පත සිය වෙබ් පාඨකයන් වෙත ප්‍රවර්ධනය කරන ආකල්ප කෙබඳුද?


මේ ත්‍රස්තවාදය හැර වෙන කුමක්ද?


මේ ත්‍රස්තවාදය ගොඩනඟනු ලබන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට එරෙහිව ය. ඒ අතරතුර සමස්ත මානව වර්ගයාට ම එරෙහිව අපරාධ කරන පුද්ගලයන් මෙම ජනමාධ්‍ය විසින් වන්දනා කරන ආකාරයක් ද දක්නට ලැබේ.


දැන් දැන් සාමාන්‍ය හොරු ද ජනමාධ්‍යවලට අනුව පාතාල කෙරුමෝ ය.


එවැන්නන් මැරීමේ බලය සාමාන්‍ය මිනිසුන්ට ද ලබා දී තිබේ.


කියන්නට තිබෙන්නේ තමන්ගේ බලපත්‍ර සහිත ගිනි අවිය උදුරා ගැනීමට ‍ඒ පාතාලයා තැත් කළ බවයි. පහත සඳහන් වාර්තා කියවා බැලූ විට සිද්ධිය පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පොලිසිය වෙතින් සිදු වන බවක් පෙනෙන්නේ නැත. මන්ද, සාමාන්‍ය හොරුන් මැරිය යුතු ය යන මතයේ මේ සමාජය සිටින නිසා ය.


එහෙත් අවසානයේදී සිදු වී ඇත්තේ ගොරකා වෙනුවෙන් මිනී මැරීම නොවේද?


පහත සඳහන් පුවත කියවා බලන්න


සුන්දරා මිය යයි.
හිරු 2012 ජූනි 07 බ්‍රහස්පතින්දා- පස්වරු 01:11
හක්මන - පුහුල්වැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස සැළකෙන පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. අද (07) අළුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කරතොට හෙට්ටියාවල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 46 ක් පමණ වයසැති සුනිල් ශාන්ත හෙවත් සුන්දරා නැමති පුද්ගලයෙක්. මෙම පුද්ගලයා නිවසක දේපල සොරාගැනීමට පැමිණි අවස්ථාවේදී එහි හිමිකරු සතුව තිබූ බලපත‍්‍ර සහිත තුවක්කුව උදුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී නිවස හිමිකරුවා විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.


ගොරකා හොරකමේ ගිය සුන්දරා වෙඩි කා නසී
දිනමිණ මාතර සමූහ ඩබ්ලිව්.පී.ධර්මසේන සහ කැලුමි බෝධිමාන තිහගොඩ විශේෂ
හක්මණ පුහුල්වැල්ල හෙට්ටියාවල ප්‍රදේශයේ ගොරක ගබඩාවක් කොල්ල කෑමට ගිය නමගිය අපරාධකාරයකු නිවෙස් හිමියාගේ වෙඩි පහරකින් එම ස්ථානයේම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වූ අංක 392- 2005 වශයෙන් හඳුන්වන කරතොට හෙට්ටියාවල පදිංචි කහතුඩුව කංකානම්ගේ සුනිල් නොහොත් සුන්දරා යන අයයි. ගොරක ගබඩාව දෙසින් ශබ්දයක් ඇසීම නිසා නිවෙස් හිමියා තම බිරිය සමග තුවක්කුව රැගෙන ගබඩාව දෙසට ගොස් තිබේ.
සැඟවී සිටි සැකකරු ඔහු වෙත කඩාපැන තුවක්කුව උදුරා ගැනීමට පොර බඳා ඇත.එම අවස්ථාවේ ඔහුගෙන් බේරීමට නිවෙස් හිමියා වෙඩි තබා තබේ. සැකකරු එම ස්ථානයේම මියගොස් ඇත. සිද්ධිය පිළිබඳව හක්මණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් ම පළමු අදහස් පළ කිරීම් කීපය කරන්නේ එම අඩවියට ම සම්බන්ධ අය වෙනත් නම්වලින් බව දන්නෝ දනිති.


    මේක ඔබට අදාල උනත් මම නම් හිතන්නේ නෑ තමං ම කොමෙන්ට් දාගන්න තරම් ලංකාදීපේට අහේනියක් තියෙනවා කියල

    ReplyDelete
  2. @"සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි".

    ඇත්තමද? මං හිත්නංනෑ.

    ReplyDelete
  3. ලංකාදීපේ කොමෙන්ටු පිටු අරක් ගෙන ඉන්නේ අර අචාර්ය සුජිත් කියන ප්රුතක්ජන පුද්ගලයයි. මෙයා ඒක විටක විනූ කියල ලියනවා, තව වෙලාවක ස්වර්ණමාලි, තවත් වෙලාවක සුරංගනී ආදී වශයෙන්.ඒ කොමෙන්ටු වලත් තියෙන්නේ වයිරය හා ආත්ම වර්නනාවයි. මෙයා ගැන නම් දැන් හැමෝටම ඉව වැටිලා.
    මහාචාර්ය ඉන්ද්‍රජිත් ප්‍රියශාන්ත හේවාගේ

    ReplyDelete
  4. මේ රටට මෙහෙම වෙලා තියෙන හේතුව හොයා ගන්නට ලංකාදීප පත්තරේ පාඨක කොමෙන්ටු ටික බැලීම ප්‍රමාණවත්ය.විටෙක අප්‍රිකාවේ මිනී කන ගෝත්රිකයන්ටත් එහා යන පාඨක සමුහයා තවත් විටක බබාලන්තයේ බබාල පරදවති.කනගාටුවට කරුණ නම් දිවයින පත්තරේට තවමත් මේ කොමෙන්ටු ආතල් එක නොපැමිනීමය.ලංකාවේ ඉන්න පල් හොරුන් මංකොල්ලකාරයන් මේ පත්තර පිටු මත්තේ සුදු පිරුවට හැඳ දේශප්‍රේමී උපාසකයින් වෙති.බඩගින්දරට ගඩා ගෙඩියක් කැඩූ අහිංසකයෙක් පාතාලයෙක් බවට පත් වෙයි.ස්වර්ණවාහිනී ලයිව් @ 8 වල පහුගිය දවසක පෙන්නු ප්‍රධාන පුවතක් උනේ තරුණ ජෝඩුවක් සුපිරි වෙළඳ සලකදී කජු පැකට්ටුවක් හොරකම්
    කරන හැටිත් වෙළඳ සල් හිමියාට මාට්ටු වී කනේ පාරක් ගහන හැටිත්ය.සමීප රූප සහිතව හෙඩ්ලයින් දමා මුන් මේක රස කර කර පෙන්නුවේ මේ රටේ සිදුවූ ලොකුම අපරාධය මේ යයි හැඟෙන පරිදිය..මිලියන් බිලියන් ගණනින් හොරාකන තෝරු මෝරු මුන්ගේ මාද්‍ය වපසරියට අහු නොවෙති. අහිංසක හල් මැස්සෙකු අල්ලාගෙන උගේ අන්තිම හුස්ම බින්දුවත් යනතුරු රුපවාහිනී තිර මත , පත්තර පිටු මත ඌ පන ගැහෙන හැටි බැලීමෙන් මේ සැදැහැවත් ලාංකීය ජනමාධ්‍යත් පාඨක සමුහයාත් අසීමිත වින්දනයක් ලබති.

    ReplyDelete
  5. LEN වෙබ් අඩවියේ නම් ආන්ඩුවට හෝ ම.රා ජනපතිට බනින එවා විතරයි පබ්ලිශ් කරන්නේ.හොද කියන එවා පබ්ලිශ් කරනේ නෑ. ලන්කාදීපෙත් එකෙන් ඉගෙන ගෙනද...

    ReplyDelete
  6. //සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් ම පළමු අදහස් පළ කිරීම් කීපය කරන්නේ එම අඩවියට ම සම්බන්ධ අය වෙනත් නම්වලින් බව දන්නෝ දනිති.//
    w3 ටත් අදාලද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා