සෞඛ්‍ය ඇමතිතුමනි, සිරකරුවන් අතර උපත් පාලන කොපු බෙදා හැරීමට වහා පියවර ගන්න

්‍ය
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතර සිටි ඒඩ්ස් රෝගයකු මිය යාම නිසා සිරකරුවන් අතර තවත් ඒඩ්ස් රෝගීන් සිටී ද යන සැකය බන්ධනාගාර හා සෞඛ්‍ය අධිකාරීන්ට ඇති වී තිබේ. 


ලංකාවේ වැඩියෙන් ම සමලිංගික සේවනය ඇති ස්ථානයක් වන්නේ බන්ධනාගාරයි. ආගමික ආයතන, නේවාසිකාගාර ආදියෙහි ද සමලිංගික සේවනය සිදු වන මුත්, සිරකරුවන් අතර එය අතර ඇති සමලිංගික සේවනය ප්‍රශ්න ඇති කරන මට්ටමක ඇත. 


හේතුව, විරුද්ධ ලිංගික ඇසුර ප්‍රිය කරන සිරකරුවන් පවා සමලිංගික ඇසුරට ඇද ගන්නා ලිංගික අසහනයක් හා බලහත්කාරයක් එහි ඇති නිසා ය. 


මුලින් විරුද්ධ ලිංගිකයන් ඇසුර ප්‍රිය කළ, ඇතැම් විට, සමලිංගික සේවනය පිළිකුල් කළ අය පවා සිරගෙදරදී සමරිසියන් බවට පත් වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් පැරණි සිරකරුවන් සිරගෙදරදී සමලිංගික සේවනයෙහි ඇති කර ගන්නා ‍අධික ලොල්කම අධ්‍යයනය කළ යුතු දෙයකි. සෑම ලිංගිකයකු ම තුළ සමලිංගිකයකු ද ජීවත් වනවා වන්නට පුළුවන. මෙවැනි ලිංගික පීඩනය අධික ස්ථානයකදී එම සමලිංගිකයා මතු වනවා වන්නට ද පුළුවන. 


සිරගෙදර ඇති ප්‍රසිද්ධ කතාවකට අනුව එක් පැරණි සිරකරුවකු අලුත සිරගත වූ තරුණයකු සමග සමලිංගික ඇසුරක් ඇති කර ගනියි. අලුත් සිරකරුගේ මව ඔහු බැලීමට පැමිණි පසු පැරණි සිරකරු දැන ගන්නා දෙය වන්නේ ඒ දීර්ඝ කාලයක සිට ඔහු හා සම්බන්ධයක් නැති සිය බිරිඳ බවයි. තමා ලිංගිකව එක් වුණේ පුතා සමග බව දැන ගන්නා සිරකරු වතුර ටැංකියට නැඟ බිමට පැන සිය දිවි නසා ගනියි. 


සිරගෙදර යනු ලංකාවේ මිනිසුන් ලිංගික වශයෙන් අනාරක්ෂිත ම ස්ථානයකි. විශේෂයෙන් පැරණි සිරකරුවෝ අලුත් සිරකරුවන් අමානුෂික ලෙස දූෂණය කරති. විශේෂයෙන් ම පැරණි සිරකරුවන් අතර ඇති ගුද සංසර්ග පුරුදු නවකයා දැඩි ලෙස අනතුරට පත් කරයි. 


බන්ධනාගාර බලධාරීන්ට සිරගෙවල් තුළ සිදු වන ලිංගික දූෂණ පාලනය කරන්නට බැරි ය. සිරගත වන පුද්ගලකුට ලිංගික වශයෙන් ආරක්ෂාව සැපයීමට බන්ධනාගාර පරිපාලනය මුළුමනින් ම අසමත් ය. 


බන්ධනාගාර ගත වූවන් අතර ඇති තරම් උපත් පාලන කොපු හා ඝර්ෂණය නැති කරන ක්‍රීම් වර්ග ආදිය බෙදාහැරීම හැර වෙනත් විසඳුම් මේ ප්‍රශ්නයට ඇතැයි සිතිය නො හැකි ය. සිරකරුවන් අතර ගුද සංසර්ගය තහනම් කරන්නට උත්සාහ කිරීම අසාර්ථක ය. එහෙත්, ලිංගික දූෂණ නැවැත්වීමට නම් අනිවාර්යයෙන් ම පියවර ගත යුතු ය. මන්ද, අධිකරණයෙන් තීන්දු දෙන්නේ සිරගත කිරීමට මිස ඒඩ්ස් බෝ කිරීමට නො වන බැවිනි. 


ආණ්ඩුවේ කෝකටත් තෛලය වන සුලබ සෑම දෙයකින් ම බදු අය කිරීම න්‍යාය නම් මෙහිදී වැඩ කරන්නේ නැත. කැලනි ග‍ඟේ රත්තරනට බදු ගැසුවා සේ ‍මේ රත්තරනට  බදු ගසන්නට බැරි ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ----------------ප්‍රචාරක දැන්වීමකි------------------

    "අඩු වශයෙන් පළමු වරට බන්ධනාගාරගත වන්නන් වෙනම බන්ධනාගාරයකට යැවිය යුතු යයි අවධාරනය කරමු"
    වෙලාව තියේ නම් කියවන්න.

    http://meeghaya.wordpress.com/2012/01/28/සපිරිගෙවල්-වසාදැමීමට-නම්/

    ReplyDelete
  2. සෑම ලිංගිකයකු ම තුළ සමලිංගිකයකු ද ජීවත් වනවා වන්නට පුළුවන.

    Bi-sexual?

    Wasn't tehre someone bi-sexual in Sasthroo?

    ReplyDelete
  3. තමන්ගේ ලිංගයටම ඇතුලත් කෙනෙක් සමග කායික ඇසුරක් පැවත් වු පමණින් කවුරුවත් සමසිරි වෙන්නේ නෑ. සමරිසි වීම/නොවීම ඊටවඩා එහා යන දෙයක්. මේ කියන අවස්ථාව අනුව "වෙන කවුරුත් නැති හින්ද" ඇති වෙන සම්බන්ධතා ලේබල් කිරීම නිවැරදි නැහැ. කොහොම වුණත් අනිත් කරුණු වලට ඔබ සමග එකඟයි.

    ReplyDelete
  4. මටත් හිතෙන්නේ හොද යෝජනාවක්, මොකද ඒ ගොල්ලන්ට ගෙදර යන්න ලැබෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ඔයවගේ සම්බන්ධතා වලට තමයි යොමු වෙන්න වෙන්නේ. අනික තමයි ඒඩ්ස් වගේ ලෙඩ බෝ වෙන්න සමලිංගික සම්බන්ධතා ගොඩක් හේතුවෙනවා. එමනිසා අපිත් කොන්ඩම් දෙන එකට කැමතී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා