ලසිත් මාලිංගගේ රුවන් වැකි | Great sayings of cricketer Lasith Malinga

(2012 මැයි 13 දිවයින පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි) මම නිදහස්‌ ක්‍රීඩකයෙක්‌. මට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයත් එක්‌ක ගිවිසුමක්‌ නැහැ. මට ඕන කොහේ හරි ක්‍රිකට්‌ ගහන්න විතරයි. ඒක ශ්‍රී ලංකාවටද, අයි.පී.එල් ද, ප්‍රාන්තද කියල නැහැ. කොහේ හරි ක්‍රිකට්‌ සෙල්ලම් කිරීම තමයි මගේ ආසාව. මම උපරිම තව අවුරුදු 3 ක්‌ 4 ක්‌ ක්‍රීඩා කරයි. කොහොමත් තව අවුරුදු 10 ක්‌ 15 ක්‌ යන කොට මම බෝල් කරපු විදිහවත් කවුරුත් දන්න එකක්‌ නැහැ.

 I am a free player. I have no agreement with Sri Lanka Cricket. I only want to play cricket anywhere. I don't mind whether it is Sri Lanka, IPL or county. My desire is to play somewhere. I will play maximum three, four years more. After 10,15 years nobody will remember how I bowled.

කිසිම කෙනෙක්‌ කවුරු හරි අනුගමනය කරනව නම් ඒක නරක දෙයක්‌. හැම ක්‍රීඩකයකුටම තමන්ට ආවේණික දක්‍ෂතාවක්‌ තියෙනවා. ඒක හදාගෙන ඉදිරියට යැම තමයි වැදගත්. කිසිම කෙනෙක්‌ මාව කොපි කිරීමේ තේරුමක්‌ නැහැ.

If somebody imitates another person, it is bad. Every player has his own skill. The important thing is to improve it. Somebody imitating me is meaningless.

මම නිකන් කොණ්‌ඩෙ පාට කරල තියෙනවා. හැබැයි වෙන කවුරු හරි එහෙම කරල තිබුණනම් මිනිස්‌සු ඒක විහිලුවට ගනීවි. හැබැයි මම ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ හින්ද ඒක විලාසිතාවකට අරන්.

I have just tinted my hair. People may take it as a joke if somebody else does it. But they don't because I am a cricketer.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සමා වෙන්න පත්තරේ කලින් අවුට් වෙනවා නේ. අපි කඩදාසියෙන් ඈත්වුණු තරම තමා.

    ReplyDelete
  2. රට වෙනුවෙන් අරක කරනවා මේක කරනවයි කියමින් රටේ සල්ලි කාබාසිනියා කරන තක්කඩි දේශප්‍රේමීන්ට වඩා ලසිත් මාලිංග යනු තම උපන් රටට ණය නැත්තෙකි.ඔහු IPL ආදිවූ තරඟ වලින් උපයන මුදල රටට විදේශ විනිමය ගෙනෙයි.අනික් පැත්තෙන් ඔහු නිසා ලෝක ක්‍රිකට් ප්‍රජාව තුල ලංකාව මාර්කට් වෙයි.කාලයක් මේ යොවුන් කොල්ලාට පොල් තෙල් ගා කොණ්ඩය පැත්තට පීරවන්නට ක්‍රිකට් ලොක්කෙක් උත්සාහ කලේය.විලාසිතා යනු වත්මන් ක්‍රීඩා ලෝකය තුල කැපී පෙනෙන අංගයක් බව නොදත් මෙම ලින් මැඩියන් මාලිංග අසනීප වූ විට ඔහුට ගෙවන මුදල පවා කපා හැරියහ.මේ රට ඔහුට සැලකු ආකාරයයි.අද වෙලා තියෙන්නේ මාලිංග IPL වලින් උපයන මුදලින් කොමිස් ගසන්නට ලංකාවේ ක්‍රිකට් ලොක්කන්ටවත් උන්ගේ දෙසපලු ලොක්කවන්ටවත් බැරිය ඉතින් උන්ගේ ඉරිසියාවට මාලිංගට ගේම දෙන්න හදති.බලෙන් ටෙස්ට් ගස්සවන්න යති.මාලින්ගත් කැත්තට පොල්ල මෙනි.හැබැයි බොරු දේශප්‍රේමියෙක් නොවී ඇත්ත කතා කරන එක ලොකු දෙයකි.එක දෙයක් කිව යුතුය ජාතික කොඩියෙන් බිකිනි මසා ඇඳගෙන ක්‍රිකට් බලන සුද්දගේ රටේ ක්‍රීඩකයෝ පවා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පළමු කොට සලකති.

    ReplyDelete
  3. ක්‍රීඩාව වානිජකරණය වී තිබේ.ලෝකය ගෝලීයකරණය වී තිබේ.මේ තත්වය තුල ක්‍රිකට් ක්‍රීඩාවද පාපන්දු බාස්කට් බෝල් මෙන්ම ජාතික මට්ටමින් ඔබ්බට ගොස් ලීග් ලෙසින් ජාත්‍යන්තරකරණය වී ඇත.ලංකාවේ දේශප්‍රේමය උඩ දමාගෙන අතීත කාමයෙන් පෙලෙන උන්ට මේවා තේරෙන්නේ නැත.ටියුෂන් මාස්ටර්ලා අර්ටිස්ට්ලා දේශපාලකයන් මෙන්ම ක්‍රීඩකයන්ද මේ පවතින සිස්ටම් එක තුල උත්සාහ කරන්නේ තම පීක් එකේදී උපරිම හම්බ කර ගැනීමයි.

    ReplyDelete
  4. කතාව ඇත්ත....මාලිංග විතරයි හෘද සාක්ෂියට එකඟව කතාකරන ක්‍රිකට් ක්‍රීඩකයා...

    දැනට අවුරුදු ගානකට ඉස්සර මාලිංග ආව දවස්වල පිටරටක තිබුන tour sovenir එකක කියලා තිබුනා කැමතිම කෑම බතුයි සම්බෝලයි කියලා..

    ReplyDelete
  5. අන්න නියම කොල්ලො, කියන්ට තියන දේ කියල තියනව ලබ්බ ගලේ ගැහුව වගෙ...නියමයි මාලිංග...ඕක තමයි ඇත්ත.

    ReplyDelete
  6. @ Anony May 12, 2012 11:35 PM

    "එක දෙයක් කිව යුතුය ජාතික කොඩියෙන් බිකිනි මසා ඇඳගෙන ක්‍රිකට් බලන සුද්දගේ රටේ ක්‍රීඩකයෝ පවා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පළමු කොට සලකති."

    Bushit, I live in UK and I know why they take playing for country as the best thing - Its simply because they get enough money and facilities, even to buy properties in Dubai, by just playing for the national team. If SL bastards (SL cricket board) can do the same malinga would change his priorities.

    Don't try to showoff your hypocracy by puting nationalism icing on it!

    ReplyDelete
  7. මට ඕන කොහේ හරි ක්‍රිකට්‌ ගහන්න විතරයි. ඒක ශ්‍රී ලංකාවටද, අයි.පී.එල් ද, ප්‍රාන්තද කියල නැහැ. කොහේ හරි ක්‍රිකට්‌ සෙල්ලම් කිරීම තමයි මගේ ආසාව... අන්න බලන්න නියම ජාත්‍යන්තරවාදියෙක්!

    ඕනෙම පන්දුයවන්නෙක් තමන්ට දැඩිලෙස පහර වදිනවිට කලබල වෙනවා සහ පිතිකරුගේ මානසිකත්වය වට්ටන්න නොයෙක් දේ කියනවා (අර sledging කියලා සිංහලෙන් කියන්නෙ). නමුත් එවන් අවස්ථාවල මාලිංගගේ ප්‍රතිචාරය සුපුරුදු සිනාව පමනයි. එහෙම කරන්න පුලුවන් හැකියාව සහ ධෛර්යය තියෙන ලෝකෙ අද ඉන්න එකම පන්දු යවන්නා මාලිංගයි.

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා