පෞද්ගලික ජලචර ගුවන් සේවයක් වෙනුවෙන් මහජන මුදලින් යටිතල පහසුකම්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය පාඩු ලබන ජලචර ගුවන් සේවය තව මාස හතරකින් පමණ වසා දමන බව සිවිල්  ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මේ මාසයේ මුල හරියේදී පැවසී ය. දැනට කුලියට ගෙන ඇති ජලචර ගුවන් යානාවල බදු කාලය තව මාස හතරකින් අවසන් වූ පසු ශ්‍රී ලංකන්හි ජලචර ගුවන් සේවය ද අවසන් වේ. 


ඉන් පසු එය පෞද්ගලික අංශයට බදු දීමට නියමිත ය. 


හෙට (මැයි 21දා) ලංකාවේ පළමු ජලචර ගුවන් යානා තොටුපළ දඬුගම්ඔයේ විවෘත වන බව අද ඔබ්සවර් පුවත්පතේ පළ වී තිබේ. තේක්ක දැවෙන් හැදූ ජැටියක්, මගී පර්යන්තයක් හා වාහන නැවතුම් පහසුකම් සපිරි මෙම ජලචර ගුවන් තොටුපළ සෑදීම සඳහා රජය විශාල වියදමක් දැරී ය. එපමණක් නොව, දැනට 10ක් වූ රට පුරා ඇති ජලචර ගුවන් යානා ගොඩබෑම් හා නැංවීම් ස්ථාන සංඛ්‍යාව වසර අවසන් වන විට 20ක් දක්වා වැඩි කරන්නට ද සැලසුම් කර තිබේ. 


සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නරක දෙයක් නො වේ. එහෙත් මේ කෙරෙන්නේ කුමක් ද? හෙට අනිද්දා දියත් කරනු ලබන පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා මහජන මුදලින් යටිතල පහසුකම් සකසා දීමයි. 


දැනට ඇත් ආරංචි අනුව මෙකී ජලචර ගුවන් සේවාව ආරම්භ කරන්නට යන්නේ ද අර කට්ටියම ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේකේ ලොකු අවුලක් නෑ.

    රජයේ වගකීඟ තමයි යටිතල පහසුකම් සැපයීම. ඉන් පසු පොදු ජනතාව, සමාගම් ඒවා ප්‍රයෝජනයට ගන්නවා. හොඳම උදාහරණය මෙන්න. ගොල් රෝඩ් ටාර් පුටින් බසස් ඕල්සො ගොයින්, ලොරිස් ඕල්සො ගොයින්, කාර්ස් ඕල්සො ගොයින්.

    ඒ යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගන්නා අය ඒ සඳහා බදු ගෙවිය යුතුයි. උදා- පර්මිට්, ලයිෂන්, ඉන්ධන බදු. කටුනායක ගුවන් තෙටුපොළට ගොඩ බසින ගුවන් යානා ඒ සඳහා කුලිය ගෙවිය යුතුයි.

    ReplyDelete
  2. @කතන්දර Kathandara

    තියරියේ නම් ලොකු අවුලක් නැහැ හැබැයි මේක කරන විදිහේ තමයි අවුල තියෙන්නේ.ශ්‍රී ලන්කන් එකට දීල මේ නාඩගම නටන්න කලින් මේ ටික කරා නම් ඔච්චර පාඩුවක් ජනතාවගේ කර පිට යන්නේ නැහැනේ.අනික දැන් මේක ගන්නේ කවුද කීයකටද ....????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා