උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන බව කියන්නට දෙයක් නො වේ

කළ යුත්තේ වංචනිකව හෝ බල කිරීමෙන් හෝ කොඩිය අතට දීම නොව
අවබෝධයෙන් ඉදිරියට යාමයි
උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වේ යයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා ඇත. 


මෙය අමුතුවෙන් කියන්නට දෙයක් නො වේ. උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නො වන අතර දකුණ අයිති සිංහල ජාතිකයන්ට පමණක් නො වේ. 


එහෙත්, ලංකාවේ ජාතීන් අතර මේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව කවුරුත් දන්නා කරුණකි. ලංකවේ නිදහසින් පසු ඉතිහාසය මුළුමනින් ම මේ ප්‍රශ්නයේ ඉතිහාසයකි. රට වැනසූ තිස් අවුරුදු යුද්ධයකින් පසුව ද යමෙක් එවැනි ප්‍රශ්නයක් ඇති බව දැකීමට අසමත් වන්නේ නම් එය බරපතල ප්‍රශ්නයකි.


උතුරේ ජීවත් වන බහුතරය දෙමළ ජනයා ය. යුද්ධය ඇරඹෙන්නට පෙර පවා තත්වය එසේ ය. එහෙත්, උතුරේ ආරක්ෂක, දේශපාලන, පරිපාලන, ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක ම බලය පතුරුවන ආරක්ෂක හමුදාවන්ගෙන් 99%ක් ම සිංහල ය. ඔවුහු වැඩි දෙනෙක් දෙමළ බස දන්නේවත් නැත. 


දකුණේ මාතර දිස්ත්‍රික්කය පුරා දෙමළ හමුදා කඳවුරු පිහිටුවා එහි සියලු පාලනයට හමුදා මැදිහත් වන තත්වයක් තිබේ යයි සිතන්න. 


එතැන ප්‍රශ්නයක් නැති යයි ඔලුවෙන් හිටගෙන කීවත් ලෝකය පිළි ගන්නේ නැත. බ්‍රිතාන්‍ය තානාපති විදේශ අමාත්‍යංශයට ගෙන්වා තග දමා සිංහල පත්තර හා ජනමාධ්‍යවලින් පුරසාරම් දෙඩුවාට ලෝකය මෙවැනි ප්‍රශ්න ගැන සිතන අන්දම වෙනස් වන්නේ නැත. 


ඇමරිකාව පසුගියදා ලංකාවට තග දැම්මේ ජී.එල්.පීරිස් වීරයා ඉසේ ඉසේ කියා බළල් පැටියකු කැන්දන්නා එරටට කැඳවා ය. 


දැන් අවශ්‍ය ප්‍රශ්නයට විසඳුම් මිස වීරයින් වීමට කරන හරසුන් ප්‍රකාශ හා ක්‍රියා නො වේ. ප්‍රශ්නයට විසඳුම නම් තමන් වෙන ම ජාතියක් යයි සිතන ප්‍රජාවගේ ජාතික හිමිකම් තහවුරු කෙරෙන පරිදි රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි. එසේ ඇති කරන ප්‍රතිසංස්කරණ ඔස්සේ වෙන් වීමේ ප්‍රවණතා පරාජය කර එක් වීමේ ප්‍රවණතා ඇති කිරීමට කටයුතු කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන ප්‍රජාවන් ලාංකීය ජාතියක් ලෙස ගොඩනැඟීම සඳහා දේශපාලන පියවර ගැනීමයි.  


නොබෝදා 14වන සමුළුව පැවැත්වූ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල ම තනි පක්ෂය වන, කිසිදු කලෙක සන්නද්ධ දේශපාලනයක් ද නො කළ පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය නම් දෙමළ ධනේශ්වර පක්ෂයේ නායක ආර් සම්බන්ධන් විසින් කරන ලද ප්‍රකාශය මෙතැනින් කියවා බලන්න. 


ලංකාවේ සිංහල නායකයන්ට කිසි දිනෙක දෙමළා තේරුම් ගැනීමේ උවමනාව නැත. 


සිංහල ජාතිවාදීන්ට වත්මන් තත්වය හමුවේ විසඳුම් දෙකක් ඇත. එනම්, 1965-70 කාලයේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කේ.එම්.පී. රාජරත්න නම් සිංහල ජාතිවාදියා කියූ පරිදි අන්තිම දෙමළාගේ සමින් සෙරෙප්පු මසා පැළඳීමේ ව්‍යායාමය පෙරට ගැනීමයි. එයින් ලංකාවටත් රුවන්ඩාව ලබා ගත් අන්දමේ කීර්තියක් අත්පත් කරගෙන ඊලාම්වාදීන්ට අවසන් ජයග්‍රහණය අත්පත් කර දීමට පුළුවන.


නැතිනම්, දෙමළ ඊලාම් ජාතිවාදී සුළුතරය අමතක කර මධ්‍යස්ථ දෙමළ ජනයා සමග සම්මුතියකට යාමයි. එවැනි සම්මුතියකට යා හැකි අන්දමේ සංහිඳියා ක්‍රියාමාර්ගයකට මුල පිරීමයි.


සම්මුති ගැන කිව යුතු දෙයක් ඇත. බලය බෙදා ගැනීමට සූදානමකින් තොරව සම්මුති ගැන කතා කරන්නට යාම තේරුමක් නැත. 


තමන්ගේ ඇමති මණ්ඩලයේ සෙසු ඇමතිවරුන් සමග හෝ බලය බෙදා ගැනීමේ සූදානමක් නැති ඒකාධිපතීන්ට දෙමළ ජාතිය සමග බලය බෙදා ගැනීම සිතා ගන්නට හෝ බැරි දෙයකි. ඔවුන් කරනු ඇත්තේ සිංහල ජාතිවාදයට මුවා වී, සිංහලයන් ගොනාට අන්දා සිය ඒකාධිපතිවාදය රැක ගැනීමයි. 


සිංහල ජාතිවාදය වපුරන්නේ සිංහලයන්ගේ ජාතික උරුමය වන පුරාවස්තුව පවා වනසන පිරිසක් බව නො තේරෙන්නෝ නරුමයෝ ය.


රටට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් අවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හරියට හරි මචන් උතුර දෙමළුන්ට අයිති නෑ

    ReplyDelete
  2. සිංහලයාMay 29, 2012 at 1:54 PM

    ආරක්ෂක ලේකම්වරයා වීරවංශ හා මර්වින්ගේ මිශ්‍රණයකට සමාන කල හැකිය.

    ReplyDelete
  3. කරුනාකරල ඔබ යොදන ඔය වැරදි යෙදුම "ආරක්ශක ලේකම්" නිවැරදි කරන්න.
    ලංකාවේ ඇත්තේ ආරක්ශක අමාත්‍යාංශ ලේකම් නැමති පදවියයි. ආරක්ශක ලේකම් යනු බ්‍රිතාන්‍යයේ ආරක්ශක ඇමතිට යෙදෙන් යෙදුමකි.

    -සූස්ති

    ReplyDelete
  4. හෙහ්, හෙහ්, කොහොමද සම්බන්දන් කිව්ව නම් එහෙම දකුණ අයිති සිංහලයින්ට පමණක් නෙවෙයි කියල...අප්පට සිරි ගජ...මෙතන බලන්ට තිබ්බ සෙල්ලම....රෙදි කරේ තියං බහින්නෙ පාරට..රෙදි කරේ තියං,

    උතුර අයිති දෙමළ ජාතිකයන්ට පමණක් නොවන මුත් දකුණ අයිති........... ( කාටද?, Want to make a guess?...:) :) )

    / රටට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් අවශ්‍ය ය. /

    නෑ, පැරා, රටට ප්‍රජාතන්ත්‍රවාදී නොවුන ද, ප්‍රායෝගික, කලයුතු දේ වටහාගැන්මට බුද්ධියක් මෙන්ම ඒ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධෛර්යය ද නොඅඩුව ඇති ආණ්ඩුවක් අත්‍යාවශ්‍යය.

    ReplyDelete
  5. ගල් ඉබ්බන් ගෙන් පිහාටු අරගෙන තියෙනවද?

    ReplyDelete
  6. මහින්ද රාජපක්ෂගේ තාත්තා ඉස්සර මන්ත්‍රී වෙලා ඉන්න කාලේ, එයාලගේ ගමේ ළමයෙක් ඕ-ලෙවෙල් පස් උනොත්, ටක් ගාල එන්න කියල, පොඩි රස්සාවක් දෙනවලු; ඔය මුර වැඩක් වගේ.
    එකෙන් බලාපොරොත්තු වෙන්නේ එයා ඉහලට ඉගෙනගන්න එක වලක්වන එක.
    දැන් මු කරන්නෙත් ඒකම තමයි, මු රටේ මිනිස්සුන්ගේ දැනුවත්, බුද්ධිමත් බව, අඩු කරන්න පුළුවන් තරම් දේවල් කරනවා, අධ්‍යාපනයට වියදම් කරන්නේ, මුළු රටේ වියදමින් 3% කටත් අඩු ගානක්,
    බලන්න එක ළමයෙක් ඉන්න ගෙදරක, ඒයට උගන්නන්න, ගෙදර වියදමින්, අඩුම ගානේ, 20% ක්‌ යනවා.
    රටේ විශ්ව විද්‍යාල වල, පහසුකම් දියුණු කරන්නේ නැ, ඒවාට ගන්න ළමයි ගන වෙඩි කරන්නේ නෑ, S.B.ලට කොමිස් ගහන්න දීල, Private Campus දානවා.
    ඉන්ටෙර්නෙට් Sensorකරලා, මිනිස්සුන්ට තොරතුරු දැනගැනීම අයිතිය නවත්තනවා...
    මුට බෙරිද, රටේ ඉස්කෝලවල, ENGLISH MEDIUM උගන්නන්න,,පුලුවන, නමුත් එහෙම English උගත්තු බිහිවුනොත්, මේ වගේ ගොන්නු ටිකක් රටේ ඉතුරු වෙන්නේ නේ..
    එතකොට මුට ඕන විදියට නටන්න බා. වෙන රට වල මිනිස්සු එක්ක බැලුවම අපේ මිනිස්සුන්ගේ බුද්ධිමත් කම, සැහෙන්න අඩුයි...අපේ උන් දන්නේ මේ පච වාහිනී දෙක තුනේ කියන දෙයක් තමයි....
    උන්ට CNN BBC, තියා CHANNEL NEWS ASIAවත් තේරෙන්නේ නේ.මේක සහගහන අපරාදයක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා