තමරාගේ දෑසේ කඳුළු

තමරා අඬන්නී ය. හොටු හූරන්නී ය. මාව ආපසු සමාජවාදී කියුබාවට හෝ නැගී එන බ්‍රසීලයට යවන්නට එපා යි කියමින් හූල්ලන්නී ය. ජී.එල්.ට බනින්නී ය. 


තමරාගේ සිද්ධිය දැන් ලෝකෙට ම චාටර් ය.


තමන් දෙමළ බව කියමින් තනතුරින් ඉක්මණින් මාරු කළොත් එය අමාරුවෙන් වැසූ ආණ්ඩුවේ ජාතිවාදී නිරුවත පෙන්වන සිද්ධියක් වන නිසා තමන්ව මාරු නො කර තබන්නැයි තමරා පුලන්නී ය. 


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය යයි අපි කියන්නේ තමරාට තමන් දෙමළ බව මතක් කරමින් අසාධාරණකම් කරන්න එපා යි කියමින් මෙසේ හඬා වැළපෙන්නට සිදු වන එකට ය. තමරා දැන් කරන දේ ඉස්සර තමරාට දෙමළ ජාතිවාදය ය. දැන් මොකක්දැයි අපි නො දනිමු. 


අපි කියන්නේ තමරලාට ජාතික‍ මෙන් ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයෙන් ද සමානාත්මතාව භුක්ති විඳින්නට ලැබෙන සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ය කියා ය. ඒකට තමරලා ඉස්සර කීවේ ඩොලර්වලට කහිනවා ය කියා ය. 


තමරා ජාතිවාදයට කළ සේවය වෙනුවෙන් යන්න ආපසු කියුබාවට. එහි උක් තිබේ. දත් නැති දා උක් දඬු ගිනි තපින්නදැයි නො අසන්න.  


තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. තමාර කියන්නෙ හැම දෙයක්ම ජාතිවාදී කෝණයෙන් දකින හැත්ත මේකත් ජාතිවාදී ලෙස අර්ථකතනය කරයි කියලයි (හිතුවත් වගේම ඔය කොරල තියෙන්නෙ ). W3ගෙ න්‍යායට අනුව දයාන් ජයතිලකත් එක්කො දෙමළ, නැත්නම් ස්ත්‍රී, එහෙමත් නැත්නම් මේ දෙකම.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා