සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද? | What Fonseka can do in Sri Lanka

රාජපක්ෂ පවුලට සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ධෛර්යය නැති බවට අප කළ උපකල්පනය වැරදි ය. ජනාධිපතිතුමාට ඒ ආත්ම ශක්තිය තිබිණි. එසේ ම, වාර්තා වී ඇති ආකාරයට ඔහුට දී ඇති සමාව හේතුවෙන් ඔහුට දේශපාලනය කිරීමේ බාධාවක් ද නැත.


සරත් ෆොන්සේකා නිදහස් කළ ආකාරය විසින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් වන්නේ ඔහු සිරගත කර ඇත්තේ තනිකර ම දේශපාලන අවශ්‍යතා මත බවයි.


ඔහු නිදහස ලබන අද දින සංවාදයට භාජනය වන කාරණය වන්නේ ඔහුට කුමක් කළ හැකි ද යන්නයි.


ෆොන්සේකා නිදහස ලබන්නේ විකල්ප නායකත්වයක් ඉල්ලා සිටින දේශපාලන සමාජයකට බව අපේ අදහසයි.


පළමුකොට ම දැඩි ආර්ථික පීඩනය හා අසීමිත දූෂණය හේතුවෙන් ජනතාවට ආණ්ඩුව එපා වී තිබේ. එහෙත් ඒ ජනතා විරෝධය බලමුළු ගන්වන්නට හැකි නායකත්වයක් විපක්ෂයේ නැත.


ෆොන්සේකාට ඒ නායකත්වය ලබා දිය හැකි ද? අප සිතන අන්දමින් නම් එය සරළ කාරණයක් නො වේ. ඔහු පය තබන්නේ ලෙහෙසි පොළවකට නො වේ. එක පැත්තකින් ආණ්ඩුවේ බැලයන්ගේ කෙළවරක් නැති කුමන්ත්‍රණ ය. අනෙක් පැත්තෙන් විපක්ෂයේ කුහකයන්ගේ හීන දීන ක්‍රියා ය.


මේ සියල්ලට ම වඩා ෆොන්සේකාට මුහුණ දෙන්නට සිදු වන අභියෝගය වන්නේ තමා ම ය. රාජපක්ෂ මර්දනය ඉදිරියේ කොන්ද බිඳ නො ගෙන සිරගතව හිඳිමින් ගොඩ නඟා ගත් පෞරුෂය නිදහස් ජීවිතයේදී රැක ගැනීම ෆොන්සේකාට පහසු වන්නේ නැත. ෆොන්සේකා දැනටමත් රාජපක්ෂවරුන් සමග කුමන සම්මුතියකට එළඹ තිබේ ද යන්න අපි නො දනිමු.


එසේ ම, ඔහුගේ බ්‍රේක් නැති කටින් ගිලිහෙන එක ප්‍රකාශයකින් සියල්ල අවුල් කිරීමේ හැකියාව ආණ්ඩු ගැති මාධ්‍ය යාන්ත්‍රණයට තිබේ.


ආණ්ඩුවේ උපායික විශේෂඥයන්ගේ උපක්‍රම මැද ඉදිරියට යාමට නම් ෆොන්සේකා පුද්ගලයකු නොව ආයතනයක් විය යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු වෙනුවෙන් විශේෂ සාමූහික සැලැස්මක් ක්‍රියාත්මක විය යුතු ය. එහිදී වැදගත් වනුයේ ෆොන්සේකාගේ සිතැඟි පරිදි සියල්ල සිදු වීම නොව, සාමූහික වැඩපිළිවෙලක සංකේතාත්මක නායකත්ව භූමිකාව ෆොන්සේකා රඟපෑමයි.


බරක් ඔබාමාගේ ජනාධිපති මැතිවරණ සටන මේ සඳහා ආදර්ශයකි.


එසේම මේ කරුණ ද සැලකිල්ලට ගත යුතු ය. හුදු ඔලුගෙඩි මාරුවකින් මේ රටට සිදු වන කිසිදු සෙතක් නැත. විශේෂයෙන් ම වත්මන් ආණඩුව විසින් ලංකාව ඇද දමා තිබෙන්නේ ගැඹුරු ආර්ථික අගාධයකටයි. ලංකාවේ දුප්පතුන්ට නො නැසී පවතින්නට හැකි අවම විසඳුම් ප්‍රමාණයක් හෝ දීමට සමත් වැඩපිළිවෙලක් යෝජනා කිරීම අත්‍යවශ්‍ය ය.


එහි මූලික පියවර ලෙස අවම පොදු වැඩපිළිවෙලකට විපක්ෂය එකඟ විය යුතු ය. අලුතින් පත් වන ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන මූලික දේ වන්නේ දූෂණයට වැට බැඳීම, දේශපාලක සොරුන් විසින් රටින් පිට කරන ලද අයථා ලෙස උපයන ලද මුදල් ආපසු රටට‍ ගෙන ඒම, ඉන්දියාව, බටහිර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධතා යහපත් මට්ටමකට ගෙන ඒම, ජාතික සහජීවනය සඳහා තිරසාර හා එඩිතර පියවර ගැනීම, දේශීය නිෂ්පාදනය නැංවීම, ආනයන සීමා කළ හැකි වන පරිදි ජනතාවගේ ජීවන විලාසිතාවන් වෙනස් කිරීමට පියවර ගැනීම ආදියයි.


අනාගතවාදී පොදු විපක්ෂ වැඩසටහනක් අනිවාර්යයෙන් ම ජාතිවාදයට හා ආගමික අන්තවාදයට විරුද්ධ විය යුතු ය. මේ දෙක වනාහි රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ම මෙවලම් දෙකයි. ඒ මෙවලම්වලින් රාජපක්ෂ ආණ්ඩුව සමග සටන් කරන්නට ගියහොත් අත් වන්නේ නිසැක පරාජයයි. මන්ද, ජාතිවාදයේදී හා ආගම්වාදයේදී ඔවුහු කෙළ පැමිණියෝ වෙති. ජාතිවාදයට එරෙහිව අභීතව පෙනී සිටීම ජාතිවාදයට මුහුණ දීමේ එක ම උපායයි.


ෆෙන්සේකා ලංකාවට පහළ වන ගැලවුම්කරුවකු නො වේ. ඔහු පවත්නා පවත්නා තත්වය අවම මට්ටමින් වෙනස් කිරීම සඳහා උපයෝගී කර ගත හැකි නායකත්වයකි. පළමුකොට ම ඒ නායකත්වය ලබා දීම සඳහා ඔහු සූදානම් ද යන්න වැදගත් ය. එසේම, එජාපයේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය, ජවිපෙ දෙපාර්ශ්වය හා චම්පික රණවක වැනි උපායික විශේෂඥභාවය සහිත පාර්ශ්ව සමග සම්මුතියකට ඒමට ඔහු සමත් විය යුතු ය. එසේම, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, තොන්ඩමන් වැනි සාධක කළමනාකරණය කර ගැනීමට ද සමත් වීම අත්‍යවශ්‍ය ය. ඔහු වටා ආර්ථිකය, ජාත්‍යන්තර දේශපාලනය, නීතිය, පරිපාලනය වැනි විෂයන්හි ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් බුද්ධි මණ්ඩලයක් තිබිය යුතු බව කිව යුතු නො වේ. 


මේ සියල්ලට ම පළමුව දැන ගත යුතු කාරණය වන්නේ සරත් ෆොන්සේකාගේ දේශපාලන සෞඛ්‍යය කෙතරම් යහපත් ද යන්නයි. ඒ සඳහා ඔහු ක්‍රියාවට පිවිසෙන තෙක් බලා සිටිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. @"එහි මූලික පියවර ලෙස අවම පොදු වැඩපිළිවෙලකට විපක්ෂය එකඟ විය යුතු ය. අලුතින් පත් වන ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන මූලික දේ වන්නේ දූෂණයට වැට බැඳීම, දේශපාලක සොරුන් විසින් රටින් පිට කරන ලද අයථා ලෙස උපයන ලද මුදල් ආපසු රටට‍ ගෙන ඒම, ඉන්දියාව, බටහිර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධතා යහපත් මට්ටමකට ගෙන ඒම, ජාතික සහජීවනය සඳහා තිරසාර හා එඩිතර පියවර ගැනීම, දේශීය නිෂ්පාදනය නැංවීම, ආනයන සීමා කළ හැකි වන පරිදි ජනතාවගේ ජීවන විලාසිතාවන් වෙනස් කිරීමට පියවර ගැනීම ආදියයි." - 100%ක් එකඟයි

    ReplyDelete
  2. a balance letter

    ReplyDelete
  3. ෆෙන්සේකා ගැනත් සැකයක් තියනව වගෙ, දැම්ම ම මෙහෙම නම් ... , ???

    ReplyDelete
  4. bull shit article..y do u worry abt his health ..he is a fully fit person. r u a lap dog of mara....& gota...lets wait & c in the future,,,,, most of the funny srilankans think...that they can judge the devalopment of the country by having carpetted roads....he he he...

    ReplyDelete
  5. P.F.dexter Fernando... NegamboMay 22, 2012 at 6:04 PM

    චම්පික රණවක ,දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, තොන්ඩමන් වැනි සාධක කළමනාකරණය කර ගැනීමට ද සමත් වීම,
    ihatha parshwayan madihath karagatha youthu novemanda owng thamangge kuttiya tharakirimak vina ratata karana sewayak nomatha. nawaka deshapalakainge adahas samaga idiriyata ya youthuwa atha....... Dexter fernando Negambo

    ReplyDelete
  6. යහපත් නායකයෙකු වීමට W3ගෙන් ඔවදන්!!! විශ්වාසකල නොහැකි තරමේ ධනාත්මක චින්තනයක්!!!

    සරත් ෆොන්සේකාගේ අනාගත දේශපාලන දිශානතිය අනුමාන කිරීම එතරම් අපහසු නැත. එය එතරම් සරලය. ඔහු රනිල්ට විකල්පයක් ලෙස ඉස්මතු වීමට තැත් දරනු ඇති අතර, සජිත් සමග දීර්ග කාලීන සීතල යුද්ධයකට යනු ඇත. දෙමල ජාතික සන්ධානය සමග අවබෝධයකට යනු ඇතැයි සිතිය නොහැක. රනිල්ට එරෙහිව යොදාගැනීමට රාජපක්ශවරු විසින් මොහු ඉතා හොඳින් කලමනාකරනය කර ගනු ඇත.

    - Dimithri

    ReplyDelete
  7. ජනරාල් ෆොන්සේකා කිරීමට යනදේ දන්නේ ඔහු පමණි. නමුත් මහින්දට වඩා හොඳ නායකයෙන් වනු ඇත.
    ඔහු කල දේ කියා ඇත, කියූ දේ කර ඇත. යුද්ධය ආරම්භයේදී කල කියූ, දේ නැවත කියවා බලන්න. මහින්ද කියූ දේ කර හෝ කරන දේ කියා නැත. රු. 2500 කෝ,
    මහරගම ඇගලුම් පුරය, වගේම මහින්ද චින්තනයෙන් කල කි දේ සොයා බලන්න. හොඳම උදාහරණය, සරත් ෆොන්සේකාට දෙනවා කියූ නිදහස දී තිබේද,
    ඔහුවත් රවට, ඔහුට සහනයක් ගැනීමට තිබු, අභියාචනා පවා ඉවත් කරගැනීමට ටිරාන් මගින් බල පෑම් කර ඇත. එනිසා ඔහුට නැවත අධිකරණයට යාමට නොහැක.
    ඔබ ඔබේ බුද්ධියට අනුව සියල්ල පරික්ෂාවට ලක්කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා