ගිලෙන නැවෙන් සුමනදාස අබේගුණවර්ධන ද පැන යයි

අබේගුණවර්ධනගේ ජ්‍යෝතිෂ කාර්යාලය
ජනාධිපති විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ධුරයකට පත් කරන ලද ජ්‍යෝතිෂකරුවකු වන සුමනදාස අබේගුණවර්ධන තනතුරින් ඉල්ලා අස් වී තිබේ.


කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවකදී විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් තමා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වු බව ඔහු දිනමිණට කියා ඇත. එකී ගනුදෙනුව ඒ අන්දමින් කෙරෙන බව ඔහු ඇතුළු අධ්‍යක්ෂ බබාලා බොහෝ දෙනෙක් දන්නේ නැත. මේවා නම් මාර ම අධ්‍යක්ෂ මණ්ඩල ය. වැඩේ කියන්නේ ඔහුට එය ජ්‍යෝතිෂ හෝ වෙනත් මායාකාරී බලයකින් හෝ වෙන්නට පෙර නො පෙනීමයි.


2010 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ විසින් ජය ගනු ලබන බව වැනි මහාර්ඝ අනාවැකි කී මේ ජ්‍යෝතිෂකරුවා ජනාධිපතිවරයාගේ ආර්ථික අනාවැකිකරුවා ද යන්න අපි නො දනිමු.


කෙසේ වෙතත්, ලංකාවේ ආර්ථික අනාගතය ගැන ඔහුගෙන් හරි හමන් අනාවැකියක් කියැවෙන බවක් නම් නො පෙනේ.


සමහර විට ඔහු ජනාධිපතිතුමා තෑගි බෝග ලෙස දුන් මහජන මුදලින් වරප්‍රසාද ලබන තාන්න, මාන්නවලින් අස් වන්නට ඇත්තේ අනාගතයේ ඔහු ගැන හොඳ අනාවැකි කියන්නට බැරි නිසා වන්නටත් පුළුවන. 


නැතිනම් ගිලෙන නැවෙන් මීයන් පැන යන නිසා වන්නටත් පුළුවන. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දැන් සාස්තර මන්ජුලට ඊලග අධ්‍යක්ෂක කම දෙන්න පුලුවන්

    ReplyDelete
  2. මචන් gadflyzone.wordpress.com මොකද උනේ ? එක දැන් වැඩ නෑ නේද ?

    ReplyDelete
  3. පැනගියා නෙවෙයි, ලොක්කා කිව්වා "මේකෙ රස්නේ වැඩියි, කවුරු හරි අස්වෙලා ගියාම හරි- ඒ නිසා උඹ් අස්වෙයන්"

    එච්චරයි.

    ReplyDelete
  4. මෙයා අධ්‍යක්‌ෂ මන්ඩලේ ඉන්න බව දන්නේ අස්උනාටත් පස්සේ.

    ReplyDelete
  5. ලංකාවේ හරි හමන් චිත්‍රපටියක් නාට්‍යයක් බිහිනොවන මේ කාලයේ පාලකයෝ අති විශිෂ්ට ගනයේ නාට්‍ය රඟ දක්වති. විටෙක ඉල ඇදෙන හිනාය, තවත් විටෙක ත්‍රස්‍යජනක සටන්ය. ජහමනයට නම් මේ ඔක්කොම ශෝකාන්තය.ජ්යෝතිෂවේදී බැංකුකරු සුමනදාස ගේ මෙම රංගනයද කිසිවකට දෙවැනි නොවේ.අන්තිමේදී වරදකරුවෙකුත් නැති, වෙච්චි දෙයකුත් නැති තවත් ශෝකාන්තයක් ජහමනයාට නැරඹිය හැක...එකක් W3 ට වැරදිලාය මුන් කන්න තියෙන අන්තිම කෑල්ලත් කාල මිස දැන්ම මේ නැවෙන් පනින ජාතියේ උන් නෙමේය..

    ReplyDelete
  6. I don't believe NSB is a sinking ship... With its huge asset base (specially as the most liquid bank in sri lanka because of its huge Treasury Bill & Bond portfolio) Rs: 390 mn is nothing to NSB... They never paid the some not because they did not have cash, simply because the King ordered them to not to pay...

    ReplyDelete
  7. මු ජිනීවා ගැන එහෙම කියපු අනාවැකි ටිකට කෙලවිලා ලකුණු කැපිල ගියේ නැත්නම් මහා බැංකු අධිපති පුටුවේ උනත් වාඩි කරනවන්නට හැකිව තිබුණි.ඒ මෙහේ හැටිය මේකට ආසියාවේ ඓශ්චර්යය කියන්නේ ඒකය.

    ReplyDelete
  8. ඇයි සභාපති තාම අස්උනේ නැත්තේ? මේකේ වගකීම තනියම බාර ගන්න සුදානම් නැති නිසාද? එතකොට අනිත් අධ්‍යක්සවරු අස්නුනේ ඇයි? තමන් වගකීම භාර ගන්න ඔවුනුත් සුදානම් නැති නිසාද? එහෙම නම් වගකීම ඇත්තේ වෙනත තැනක ද? මේ (සුමන)දාසයා කරන්නේ "මහිස" දී වගකීම ඇති නියම තැන බේරා ගැනීම ද? මේ මීයෙක් පන යනවා වගේ සරල විග්‍රහයකින් කියවන්න බැරි ක්‍රියාවක්. බලමු මේ දාස වැඩේට මූට ලැබෙන දේවල් මොනවද කියල?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා