නිදන් වදුලක් හමු වුණා - මිළ ගණන් ඉදිරිපත් කරන්න

පුරාවස්තු මංකොල්ලය හා නිදන් හෑරීම පිළිබඳ විමර්ශනය පිණිස වෙන ම පොලිස් ඒකකයක් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත. 


කොළඹ හතේ ජාතික කටුගෙයි පුරාවස්තු සොරකමට මාස ගණනකි. එහෙත් තවමත් සොරුන් අල්ලන්නට පොලිසිය අසමත්ව ඇත. 


මේ සොරකම කිසියම් බලාධිකාරයක අවශ්‍යතාව මත සිදු වූවක් බවට මහජනතාව අතර ඇති සැකය සොරකම ඇල්ලීම පමා වන දවසක් දවසක් පාසා තහවුරු වේ. 


විශේෂ කාර්ය බලකාය නිදන් හාරා ජනතාව අතට අසු වී විරෝධය මැද පළා ගිය සිද්ධිය රටම දනිති. 


ඇත්තෙන් ම, ‍මේ රටේ මහ පොළව යට මෙතරම් නිධාන තිබේ ද? ඉපැරණි චෛත්‍ය, බුදු පිළිම ආදිය තනන විට නම් යම් වටිනා වස්තු නිදන් කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත්, ඔය කියන තරම් හැම තැන ම නිදන් කරන්නට තරම් රන් මේ රටේ තිබෙන්නට ඇතැයි සිතිය නො හැකි ය. 


එකක් මේ රටේ රන් නිධි තිබුණේ නැත. ලෝකයේ කොහේවත් රන් කර්මාන්තය සරළ, පහසු එකක් වූයේ නැත. එබැවින් ඈත අතීතයේදී පවා රන් වටිනා ලෝහයක් වූ අතර, කඩු - කිණිසි, දෑකැති ආදිය රනින් තනන්නට තරම් රන් සුලබ වූයේ යයි සිතිය හැකි සාධක නැත. පැරණි හා ජන සාහිත්‍යයන්හි රන් ගැන සඳහන් වන්නේ සාහිත්‍යමය අතිශයෝක්තියෙන් මිස අන් හේතුවකින් නො වේ. 


මේ රට අතීතයේ පටන් ම මැණික්වලට ප්‍රසිද්ධ වූ මුත් මැණික් වෙළඳාම දිගට ම කෙරුණ මේ රටේ මුට්ටි පිටින් මැණික වළ දමන්නට හේතු ද සොයා ගත නො හැක. 


දැගැබ්වලින්, බුදු පිළිම සිරසින් ආදියෙන් සොරුන්ට යම් යම් දෑ හමු වන්නට ඇත. එහෙත්, ඒවායේ පෞරාණික වටිනාකමට වැඩි ද්‍රව්‍යමය මිළක් ඇතැයි සිතිය නො හැකි ය.


මහා පරිමාණයෙන් නිදන් හාරන බවට රටේ ජනතාවගේ සැකයට භාජනය වී ඇති පිරිසට ඇත්තට ම අවශ්‍ය ද්‍රව්‍යමය වශයෙන් වටිනා දේ නො වන්නට පුළුවන. මන්ද, ඔවුන් සතුව ඇති ධනෝපායන මාර්ග අනුව ගත් කල රන් අලියෙකු වුවත් මහ කජ්ජක් නො වන බැවිනි. 


ඔවුන් සොයන්නේ බලය සඳහා උපයෝගී කර ගත හැකි යයි ඔවුන් විශ්වාස කරන කිසියම් පුරාවස්තුවක් විය හැකි ය. 


මේ වනාහි හුදු උන්මත්තකභාවය ම පමණක් නො වේ. ඔවුන් සතුව එවැනි දෙයක් ඇති බව ප්‍රචාරය වුවහොත් මේ රටේ ජනතාව පවා ඔවුන් අත බලය සදා කල් රැ‍ඳෙනු ඇතැයි විශ්වාස කරනු ඇත. 


පැතිරී ඇති කටකතා හේතුවෙන් මේ වන විට කට්ටඩීන්ගේ මල්ල කරේ ය. නිදන් ඇතැයි විශ්වාසයෙන් බොහෝ බලවත් පුද්ගලයෝ මේ වන විට හෑරීමේ යෙදී සිටිති. 


ආගමික එදිරිවාදීන්ට ද මේ කදිම අවස්ථාවකි. නිදන් ඇති බවට තොරතුරක් දුන්නොත් මහ සෑය වුණත් බිමට සමතලා කරන්නට පුළුවන් මෝඩ අයියලා සිටිති. 


නිදන් නිසා සිංහල බෞද්ධයෝ ම මේ වන විට සිය උරුමය බැකෝවලින් හාරා වනසමින් සිටිති.


නිදන් යනු සැබෑවට වඩා ප්‍රබන්ධ ය. අද වන විට නිදන් යනු ධන - බල කාමයේ හා මුග්ධත්වයේ සංකේතයකි. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. චීන මාළු චීනගෙ පිටේ තබා කැපීම
    http://www.hurulla.com/2012/05/blog-post_13.html

    ReplyDelete
  2. I am keeping my own record of incidents thuggery by government politicians, especially Pradeshiya Sabha thugs. I have not put Duminda Silva's incident here, as it is now history. I think I might be able to score a century before the end of 2012. If you can recall any incidents that I missed please let me know. I will publish my report with a fanfare. Asiyawe Ascharya. LOL.

    10 : Divaina 2012/05/11 - Beruwala UPFA PS Chairman has assualted Security Guards of Nawaloka Hospital as he was not allowed to park his vehicle in parking lots reserved for doctors.

    9 : Dailmirror 2012/03/21 - Pujapitiya UPFA PS member Nalinda Rajanayaka arrested by Ankumbura Police for raping a teenage girl.

    8 : Lankadeepa 2012/03/20 - Weligama UPFA PS Chairman P. Battage appologized in court for threatening Director of Matara Hospital Dr. S Samarakoon.

    7: Gossiplanka 2012/04/02 - Galle MP Nishantha Muthuhettigama alledgely orders to kill a Sambur deer lives in the vicinity of a temple.

    6 : Lankadeepa 2012/03/20 - Colombo MC MP UNP - K. Rajapakshe has been warrented for absconding court on charges of assualt on Director of Sports of CMC.

    5 : Lankadeepa 2012/03/20 - Kahawatte UPFA PS Chairman Dharmasiri, his brother and accomplices in courts for murder of a mother and her young daughter.

    4 : Dailymirror 2012/03/18 - Central Province PC chairman Saliya Dissanayake (SBs brother) attempts to stab & assualt Chairman of Hanguranketha Pradeshiya Sabha.

    3 : Dailymirror 2012/03/18 - Government MP Nishantha Muthuhettigama,had allegedly stopped the election which was held to select the board of directors of the Ehala Lellwala Cooperative society in Baddegama.

    2 : Dailymirror 2012/03/10 - Kolonnawa UPFA Mayor Udaya Shantha claims that famous white van gang of ARMY that tried to abduct him was caught by his supporters.

    1 : BBC 2012/01/12 - Chairman of UPFA Tangalle PS, Sampath Chandra Pushpa Vidanapathirana, was arrested as the main suspect of the assault and murder of British Red Cross employee on Christmas eve at Tangalle and gang raping his Russian girlfriend.

    ReplyDelete
  3. ටී.බී ඒකනායක අප රටේ සංස්කෘතික ඇමැතිවරයාය. මෙතුමාගේ හොදම මිතුරා ටෙලි නාට්‍ය අධයක්ෂවරයෙකි නමින් සුදත්ය සුදත් ඒකනායකගෙන් ගන්න උදව්වලට කුලිය ගෙවන්නේ තමන් දන්නා නිලියන් ඇමතිගේ කාමරයට එවිමෙන්ය. ඇමතිතුමාද හෝටල් ගෙවල් වල වැඩ අතිශයින් අනතුරුදායක බැවින් නිලකාමරයම වැඩවලට යොදාගනී. ඒකනායක ඇමතිතුමාට වැඩේට ගතවන්නේ ලෝකේ කෙටිම වෙලාව හින්ද ටෙලෙනාට්‍ය වේදීන්ගේ සංසදයේ නිළියන්ගේත් තිබෙන්නේ බොහොම කැමැත්තක් එක හරිම සිම්පල් ප්ලැන් එකක් නිලියක් ආවම ඇමතිතුමා washroom එකේ. නිලියට තියෙන්නේ තට්ටුවක් දාන්න විතරයි. තට්ටු දාල ඇතුලට ගියාම විනාඩියෙන් එන්න පුළුවන්ලු ඇමතිතුමා එලියට ආවහම තැබිලිවලට සිනි දාල වීදුරුවක් බොන්නත් අමතක කරන්නේ නැහැල්ලු එත් එක්කම නිළිය ලියමනක් ඇමතිතුමාට දීල අත්සනක් කරගන්නවලු ලොව කෙටිම වැඩේට සමරුසටහනක් ලෙස මෙම සමරු සටහන් ලැබුණු නිලියන් හැමදෙනාටම විමල් වීරවංසගේ කලාකරුවන්ට දෙන නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාසත් දෙනවලු. නමුත් දැන් ඇමතිගේ වැසිකිලි වලනම් නිතර ලෙඩදෙනවා කියල අපිට ආරංචි මොකද ඇමතිතුමා කලබලේට හැමදාම durex කොන්ඩමි කොමඩ් එකේ හිරවෙලා වතුර බහින්නේත් නැහැල්ලු ඇමතිතුමාට මේක අවබෝදවෙන්නේ නැහැල්ලු හැමවෙලාවෙම සනිපාරක්ෂවට සිටින කොල්ලන්ට බනිනවලු බැරිම තැන තමා මේ ලමයින් අපිට මේ විස්තරේ එවල තියෙන්නේ

    ReplyDelete
  4. මේ රටේ නිදන් ගැන වැඩිපුරම කතා උනේ ප්‍රේමදාස යුගයේදීය.අද නැවතත් නිදන් කරලියට පැමිණ ඇත.පාලකයන් බලයෙන් උමතු වූ විට මිත්‍යාව දහම වූ විට මේවා මෙලෙස සිදු වෙයි.සස්තරකාරයෙක් රටක ප්‍රධාන බැංකුවක වගකිව යුතු නිලයකට පත් කල රටක පාලකයන් නිදන් උමතුවෙන් හැසිරීම පුදුමයක්ද. අද ප්‍රාදේශීය ගෝලයන් ද පළාතේ ගස් ගල් සියල්ල උගුලමින් නිදන් සොයන රැල්ලක් බිහි වී ඇත.

    ReplyDelete
  5. For everything we blame for the government. When UNP is in the power we blame them. We criticise polititions. Theink about our selves, we general public do all the bad things, polititions also selected from this general public. You cannot find white balls from a bag with full of black balls. We bribe, we steal, we rape, we fraud, small people do small way and big people do big way. If you don't use someone else address you cannot put your kids to a good school ( Same thing happen to me when I was in Sri Lanka). We all have to be cleaned. People has to understand that you can have a nice relax life without doing all those bad things and when you are getting older you will be a free and happy man. You cannot get that happiness from money.Government has to look into this treasure hunting and punish who did it. If not people will punish you soon, don't forget what had happen to J.R., Premadasa and other corrupted guys. Sajith Premadasa will give you advices how to control treasure hunting as he was an expert in that field.

    ReplyDelete
  6. I want buy your book called SASTHRUU
    0772320968
    Chanaka

    ReplyDelete
  7. I want Buy your book SASTHRUU
    0772320968

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා