හිලරි හමු වෙන්න ජී.එල්. යන්නේ මොකට ද?

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යය ජී.එල්. පීරිස් වීරයා ඉදිරියේදී යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර ඇමරිකාවේ සංචාරය කරමින් 18 වනදා (බීලා නටා කීර්ති වර්ණකුලසූරියට අසු වී ඇති) හිලරි ක්ලින්ටන් නම් සංකර නෝනා සමග සාකච්ඡා කිරීමට නියමිත ය.

ඒ මදිවාට ඇය ජිනීවාහි පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසි වාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෙදර වැඩ පෙන්වන්නට ලෑස්ති වී එන්නැයි ද දන්වා ඇත.

මුන්ට ඇහැට අඟිල්ලෙන් ඇනලා පෙන්විය යුතුයි ජිනීවාවලින් පස්සෙ තමරා කුනනායගම් සංහිඳියා කර දාපු හැටි.

අනේ හැබෑට ම මොන මගුලකට හිලරි නෝනා ළඟ දන ගහන්න යනවද හැබෑට? යනව නම් යවන්න ඕනැ විමල් වීරවංශ, චම්පික රණවක වගේ සැබෑ වීරයෙකුව නේ. ඒ ගොල්ලන්ටනේ පුළුවන් හිලරි ක්ලින්ටන්ව දන ගස්සන්න.

නැතිනම් මහින්ද අබේසුන්දර වගේ කෙනෙක් යැව්ව නම් සිංහලෙන් බනියි හිලරිට චූ යන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වයසේ හැටියට හිලරිට කොහොමටත් incontinence ඇති!

    ReplyDelete
  2. කරන්න තියෙන්නේ එක දෙයයි පාන්ඩුව හැදිලා වගේ ඉන්න කිසි ලකයක් නැති මේ විදේශ ඇමති වෙනුවට අර අපේ මිතුරු පකිස්ථානය කරා වගේ කැපිල පේන කොමල කෑල්ලක් විදේශ ඇමති කිරීමයි.දැනටමත් පබා සහ අනර්කලී නම් සම්පත් දෙකක්ම ආණ්ඩුව සතුය.හිලරි කෙසේ වෙතත් මනමෝහන් සින් ඔබාමා පමණක් නොව අපේ පරම සතුරු කරුණානිදි සීයා පවා අපේ පැත්තට නම්මා ගත හැක.දැනට අප ගෙනියන විදේශ ප්‍රතිපත්තියට වඩා නම් මේ ක්‍රමය හොඳය!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා