සරත් ෆොන්සේකාට නිදහස ලැබෙන්නේ නැත

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුද්ධාධිකරණය දුන් දඬුවම අවසන් ද නැද්ද යන ප්‍රශ්නය මතු වී තිබේ.


සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය අහිමි කිරීමේදී යුද්ධාධිකරණය ද ලංකාවේ අනෙකුත් අධිකරණ හා සමාන ආයතනයක් ලෙස පිළි ගැනිණි. එහෙත් දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා පවසන්නේ යුද්ධාධිකරණයෙන් දුන් දඬුවම් සාමාන්‍ය අධිකරණයකින් දුන් දඬුවම් පරිද්දෙන් ගෙවී අවසන් නො වන බවයි. 


‍ෆොන්සේකාට එරෙහිව දුන් තවත් නඩු තීන්දුවකට එරෙහිව ඔහු අභියාචනා කර තිබේ. ඔහුට එරෙහිව තවත් නඩුවක් ද ඇත. 


අවශ්‍ය නම් තවත් නඩු ද පැනවෙනු ඇත. තවත් සිර දඬුවම් ද පැනවෙනු ඇත. 


ෆොන්සේකාට දැන් අසනීප ය.ඒ නිසා ඔහුට නිදහසක් ලැබෙනු ඇතැයි ඔහුට ආදරය කළ ඔහු යුද වීරයකු ලෙස සැලකූ ජනතාව බලාපොරොත්තු වෙති. 


අප ඔහු යුද වීරයකු ලෙස නො සලකන අතර ඔහු අපට වීරයකු වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු සිය ජීවිතයේ එක් අවධියකදී පෙනී සිටි නිසා පමණි. 


අපට අවබෝධ වන පමණින් නම්, ෆොන්සේකා මරණාසන්න වන තුරු ඔහුට නිදහසක් ලැබෙන්නේ නැත. ඔහු නිදහස් කිරීමට පාලකයෝ බිය ය. ඒ අන් කිසි හේතුවක් නිසා නොව මැරෙන්නට මොහොතක් තියා හෝ ඔහුට වත්මන් පාලකයන්ට හානිකර දෙයක් කළ හැකි නිසා ය. 


නිදහස සිඟා ගැනීමට හැකි ආකාරයේ සම්මුතියකට පැමිණීම කශේරුකාවක් ඇති පුද්ගලයකු වූ ෆොන්සේකාට පහසු නැත. 


ෆොන්සේකාට ආදරය කරන මිනිසුන් බලා සිටින අන්දමින් ඔහුගේ නිදහස අහසින් හිටි හැටියේ කඩා වැටෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සිර දඬුවමක් යනු කුමක් දැයි අර්ථ දැක්වීමට අධිකරණයට සිදුවනු ඇත.

    ReplyDelete
  2. ඔබ සමග එකඟය.රටේ නීතිය බලවත් සේ වල්වැදී ඇත.පාලකයන් තාවකාලිකව සතුටක් ලැබුවද ඔවුනට අනාගතයේදී අත්වෙන අපකීර්තිය සම්බන්දව අවබෝදයක් නැත.දේශපාලකයෙකු හට වැදගත් වන්නේ ධනයට වඩා කීර්තිමත් ජීවිතයක් බව වර්තමාන පාලකයන් අවබෝද කරගෙන නැත.ඒ පිළිබඳව රටවැසියන් ලෙස කණගාටු වෙමු.

    ReplyDelete
  3. වරද කළැයි අධිකරණයෙන් තීරණය වුණු අයට දඩුවම් ලැබීම ප්‍රශ්ණයක්ද?
    සැබෑ ප්‍රශ්ණය නම් එවැන් සැමට සමාන දඬුවම් නොලැබීමයි.
    බොහෝ දෙනෙකුට නඩුවක්වත් නැත!

    ReplyDelete
  4. පාලක දේශපාලක පන්තියට සේවය කිරීමට හදා වඩා තිබෙන අධිකරණයකට...එම පාලක යාන්ත්‍රණයේ සමාජයට දෙසට දිගු වී තිබෙන අඬු බඬු වන පරිපාලනයක් මගින් දෙන නිගමන වලින් එහා යන්නට බැරි බවත්...ෆොන්සේකා කර තිබෙන වරදට, එනම් ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් දින 40 ක් මැතිවරණයක සටන් කිරීම, සමාවක් ලැබීම බලාපොරොතු විය යුතු දෙයක් නොවන බවත් අපට නම් තේරෙනවා...අතීතයේ පුරුද්දට රාජාණ්ඩුවක් හොයාගෙන යන්නට උත්සහ කරන යටත් වැසි සමාජයකට ඕවායේ හය හතර තේරෙන්නේ නෑ...තේරෙන අපි මොකද කරන්නේ? උඩ බලාගෙන ඉන්නවාද? මේ ගැන ජනතාවට කියා දෙනවාද? කොහොමද ඒක කරන්නේ? දීපල්ලකෝ උත්තර...

    ReplyDelete
  5. මේ ඕක ගැන මම දැක්ක පට්ටම විවරණය
    ..............
    පොන්සේකා තවමත් හිරේය. හිර දඬුවං ඉවර උනත් එලියට දාන්නේ නැත. ඒ මදිවට ලහි ලහියේ තවත් නඩුවක් අටෝන බව 'ලංකා නිව්ස් වෙබ්' වාර්තා කරයි.
    රට නන්නත්තාරේ දුවයි. මහදවල් මිනිස්සු පැහැරගනී. හිතූ ගණන්වලින් බඩුමිල ඉහල අරී. හිතූ හිතූ නාස්තිකාර වියදම් කොරයි. රාජ්‍ය දේපල අප්පගෙ බුදලේ ගානට පාවිච්චි කොරයි. රටේ ලොකුම තැන්ටික හතර වරිගෙන් පුරවයි. යුනිෆෝම් දම්මවා නිධන් හාරවයි.
    ලැජ්ජාව නැත. බය නැත.
    ලැජ්ජාව නැතිකමට හේතුව නං පුද්ගලික චාර‍ය හින්දා වෙන්නට පුලුවන. වැදගත්ම කාරණේ බය නැතිවීමට හේතුවයි.
    ආන්ඩුව මොන කුපාඩිකම කලත් මිනිස්සු බහුතරයක් ඉවසං ඉන්නේ එකම එක හේතුවක් හින්දාය. ඒ මිනීමරු කොටි හැත්ත බුරුත්ත පිටින්ම සෙත්තපෝච්චි කොරපු එකට හිලව් වෙන්නටය. මේක හොඳටම දන්නේ ආන්ඩුවය. මොන දහදුරා වැඩ කොලත් ලබන චන්දෙ දිනන්නේය. බඩගින්නේ දත්මිටි කකා ඉන්න එකා උනත්, විමලෙයා ලව්වා "ම්ලේච්ච මිනීමරු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදි....." කියෝපු ගමන් ඕන එකෙක් වෙඬරු වගේ උණුවෙන්නේය. බඩගින්දර අමතක වී අවුරුදු තිහක් විඳි දුක් ගින්දර මතක් වෙන්නේය. දන්නෙම නැතුව කතිරෙ වදින්නේය.
    ඉතින් "බය නැත".
    හැබැයි මොන යකාටවත් බය නැති ආන්ඩුව එකම එක යකෙකුට අසීමාන්තික විදිහට බය බව දැන්ඔප්පුකර අවසානය.
    ඒ ෆොන්සේකා යකාටය.

    හේතුව සරළය. ආන්ඩුව කොරපු එකම හොඳ වැඩේ යුද්දෙ දිනපු එකය. ඒත් ඒක දිනපු හැටි හොඳටම දන්නේ අතළොස්සක් වෙන්නට පුළුවන. ඔය අතළොස්සෙනුත් සල්ලිවලට ගන්ඩ බැරි හැකර කටක් තියෙන්නේ ෆොන්සේකාට විතරය.
    ඔය කට ඇරපුදාට ගිලපු නිධන් වමාරන්ඩ වෙනු ඇත.
    ෆොන්සේකාට ප්‍රීතිමත් තෙමඟුලක් වේවා...!
    http://www.hurulla.com/2012/05/blog-post.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා