ආණ්ඩුවේ (වන) ජලචර ගුවන් සේවාව

මහජන විරෝධතා මැද පොදු ජල මූලාශ්‍ර අපවිත්‍ර කරමින් සල්ලිකාරයන්ට රට පුරා උඩින් යන්නට සැකසූ ජලචර ගුවන් සේවය නතර කිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මේ සතියේ ලංකාදීප පුවත්පතට පවසා තිබේ. 


හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු අවම කිරීමයි. 


මෙම ජලචර ගුවන් සේවය වෙනුවෙන් මීගමු කලපුවේ සම්ප්‍රදායික ධීවරයන්ගේ අයිතීන් පවා උදුරා ගන්නට ආණ්ඩුව මුලින් සැලසුම් කළමුත් මහජන විරෝධය නිසා එය අත්හිටුවන ලදී. 


මෙම ජලචර ගුවන් සේවය පවත්වාගෙන ගියේ කැනඩාවෙන් බද්දට ගත් ගුවන් යානාවලිනි. එය දැවැන්ත පාඩුවක් ලැබුවේ ය. ඒ පාඩු පියවන්නේ මහජන මුදලිනි.


එසේ මහජන මුදලින් දියත් කළ මේ ව්‍යාපාරය පොදු දේපල වන ජල මූලාශ්‍ර පරිහරණය කිරීමේ අයිතිය ද සමගින් පෞද්ගලික අංශ‍ය වෙත පවරා දීමට දැන් ආණ්ඩුව සැලසුම් කරමින් සිටියි. 


මේ ගුවන් සේවාව සඳහා කොන්ත්‍රාත් ලබා ගන්නේ කවුරුද යන්න හා ඔවුන් පිටුපස සිටින්නේ කවුරුද යන්න ගැන අවධානයෙන් සිටිය යුතු ය. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රටේ සංචාරක ව්‍යාපාරය දියුණු වීමට නම් හැමදාම පොළොන්නරුවේ නටඹුන් හා හික්කඩුවේ කොරල් පර පෙන්වා හරියන්නේ නැත.සී ප්ලේන් වැනි අකර්ශනයන් මීට එකතු විය යුතුය.මින් දේශීය සංචාරකයන් පවා ආකර්ෂණය කර ගත හැක.නමුත් අනික් හැමදේකදීම මෙන් මෙතනදීද ආණ්ඩුව අනාගත්තේ කරන විදිහයි.ශ්‍රී ලන්කන් එක ආණ්ඩුව ඇනගත් තැනකි.ව්‍යාපාර කළමනාකරණයෙන් බින්දුවේ සිටින මේ ආණ්ඩුව ශ්‍රී ලන්කන් එක රජයට පවර ගෙන අනාගත්තා පමණක් නොව තම දේශපාලන අරමුණු සඳහා මිහින් ලංකා නමින් ශ්‍රී ලන්කන් එකට ගෙදරට බර උන සහෝදරියක් හදා දී උහුලන්නට බැරි බරක් පටවන ලදී.සී ප්ලේන් ව්‍යාපෘතියද නිවැරදිව පරිසර සහ සමාජ හානි අවම වන අයුරින් පුද්ගලික අංශයේ කළමනාකාරිත්වයක් සහිතව රජයට අවම බරක් ඇති වන ලෙස සිදු කලා නම් මෙහෙම චාටර් වීමක් නැත.ප්‍රශ්නය හැම බම්බුවටම තම ප්‍රතිරුප පුම්බා ගෙන දේශපාලන වාසි සොයන්නට වීමයි.අන්තිමේදී නැටු නැටුමකුත් බෙරේ පලුවකුත් නැතුව කට්ටිය හොඳ කුට්ටියක් කඩා ගෙන ජනතාව මතට තවත් බරක් පටවා ඇත.

    ReplyDelete
  2. 100% agree with above.

    ReplyDelete
  3. සී ප්ලේන් එක පැහැදිලිව කලමණාකරනය කලේ නම් අති සාර්ථක ව‍‍ය්‍යාපෘතියක් වෙන්න තිබුනා..හොඳ සංචාරක ආකර්ෂනයක් නිරපරාදේ නවතා දමනවා නම් එය අපරාදයක්!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා