ඇමති විමල් වීරවංශ රුසියන් නවකතා වර්ජනය කරයි ද? | Will Sri Lanka Minister Wimal Weerawansa stop reading Russian novels now?

රුසියාව ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාව පිළිබඳ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් මිතුරු රටකි. 


එහෙත්, අද අයිලන්ඩ් පුවත්පත සමග කතා කරමින් රුසියානු තානාපතිවරයා ලංකා ආණ්ඩුවට කුණුහරුප බවට පත් වී ඇති වචන කීපයක් කියයි. මෙතැනින් කියවන්න.


ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති බව ද, එයට විසඳුම් සෙවිය යුතු බව ද, බලය බෙදීම ගැන ද, උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ද ඔහු කතා කරයි.


ඔහු කියන්නේ ද ලංකාවට සතුරු ය කියන රටවල් කියන දේ ම ය. 


දැන් ඉතින් අපි ඇමති විමල් වීරවංශ සමග එක්ව රුසියානු නිෂ්පාදනත් වර්ජනය කරමු ද? රුසියන් නවකතා?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය කියන්නේ රුසියානු ලේඛක "අර්නස්ටෝව් හෙමින්වේව්" ගේ මහල්ලා සහ මුහුද වගේ පොත් ගැන නේද?

    ReplyDelete
  2. na na Gee da mopasange "Wimal in the Disneyland" kiyana Cheena wiplawaya gena liyawunu, kiyubanu romantic seegiri kurutu gee tika.

    ReplyDelete
  3. @Kathandara

    Gonbas, Earnest Hemingway Rusiyan Nwakathakarayek nemeyi. Eya American karayek.
    Walige pegilade?

    ReplyDelete
  4. @ Anonymous April 4, 2012 3:15 PM

    Ane eththada meya?

    Oya kiyanne Ernest Hemingway genene.
    Man kivve, "Ernestov Hemingvev" gena.

    ReplyDelete
  5. මටනමි හත්පේති මල,අමිමා,වැනි කෘතින් පාදඩ දේසපාලුවන්ට වැඩිය ගොඩක් වටිනවා,,,,,,,,,,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා