ප්‍රේමතුමාර් ගුනරත්නම්ගේ සිංහල නම කුමක් ද? | What is the Sinhala name of Premakumar Gunarathnam

අද The Island පුවත්පතට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති පරිදි  ලංකාවේ ආණ්ඩුව මීට පෙර ප්‍රේමකුමාර් ගුනරත්නම් ලංකාවට පැමිණි දින වකවානු හා ඔහුගේ ගමන් බලපත්‍ර අංක ආදී විස්තර ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා තිබේ. 


එහෙත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එම විස්තර ලබා නො දුන් බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. වත්මන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය ලංකාවට පැමිණීමට පෙර එරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ හා ජිනීවාහි ඉහළ තනතුරු දැරූ බව ද The Island පුවත්පත සඳහන් කරයි.


ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය වන රොබින් මුඩී ප්‍රේමකුමාර් එරට පුරවැසියකු බව ප්‍රකාශ කර ඇති නිසා ඔහු එරට පුරවැසියතු බව ඇය විසින් ඔප්පු කළ යුතුව තිබේ. ආරක්සක ලේකම්වරයා පවසන පරිදි ප්‍රේමකුමාර් ගුනරත්නම් නමැති පුද්ගලයකුගේ පැමිණීම පිළිබඳ ගුවන් තොටුපල ආගමන ලේඛනවල සඳහන් වන්නේ නැත. 


ප්‍රේමකුමාර් පසු කාලයේදී සිය නම වෙනස් කරගෙන සිංහල නමක් භාවිතා කළ බවට නිල නො වන තොරතුරු ඇත. ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස දෙමළ විරෝධී සිංහල ජාතිවාදී ස්ථාවරයක් දැරූ සමයේ ඔහු පක්ෂ නාමය ලෙස භාවිතා කළේ ද ගැමුණු යන්නයි. 


ජන්මයෙන් දෙමළ ජාතිකයකු වුව ද ඔහු දෙමළ බස කතා කිරීමට නො දත්, සිංහල මාධ්‍යයෙන් උගත්, පසුව සිංහල කාන්තාවක් සමග විවාහ වී සිංහල සමාජයට ස්වීකරණය වී සිටි පුද්ගලයෙකි. 


ඔහු විසින් භාවිතා කරන ලද සිංහල නම තවමත් අප්‍රකට ය. 


පුද්ගලයකුට සිය ජාතිය වෙනස් කිරීමට ඇති අයිතිය විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය විසින් තහවුරු කර තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. This Article = යන්නේ කොහෙද මල්ලේ පොල්

    ReplyDelete
  2. You can change name by Deed Poll but it does not mean that you change your ethnicity.

    Deed Poll එකක් මගින් නම වෙනස් කල හැක. එනමුත් එයින් ජාතිය වෙනස් කළ බවක් කිව නොහැක.

    බොහෝ නම් අනුව අදාල පුද්ගලයා සිංහල ද කියා කිව හැක. නමුත් හැම විටම එසේ නොවේ.

    රසල් ආනෝල්ඩ් ඉංගිරිසිද, උතුරු ඇමරිකන්ද, ඕස්ට්රේලියන්ද?

    ඇන් රණසිංහ (Anne Ranasinghe) සිංහලද?

    -Rasika

    ReplyDelete
  3. not relevant at all,

    ReplyDelete
  4. maley pol article , issue was not wether he changed or not , embassy was asking for prema kumar gunarathnam while he was in sl saying he was mudalige noel..get issue right

    ReplyDelete
  5. Mervin Silva, Sinhalada Awajathakada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා