පැහැර ගත්තේ නිල හා නිල නො වන මර්දන අංශ එකතුවකින් බව දිමුතු ආටිගල කියයි

දිමුතු ආටිගල පැහැරගෙන ගොස් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන නිල හා නිල නො වන මර්දන යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයේ පියවරක් ලෙස බව දිමුතු ආටිගල අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවා ය.


ඇය පවසන්නේ පැහැර ගත් අැය රඳවාගෙන සිටි ස්ථාන හමුදා හෝ පොලිස් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව ඇයට වැටහුණු බවයි.


පැහැර ගැනීම සිදු වුණ අවස්ථාවේ නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි දෙදෙනෙකු දුටු බව ද ඇය පවසයි. ඇය කියන පරිදි අකරමගදී දෙදෙනෙකු එම වාහනයෙන් බැස ගොස් ඇත. ඔවුන් ජවිපෙට පක්ෂව කතා කර ඇති අතර, ‘උඹට මෙ‍හෙම වෙන්නෙ ජවිපෙන් වෙන් වුණ පවට යැයි ‘ඔවුන් පවසා ඇත.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශයක් ඇද්ද, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවාද ආදී කරුණු පිළිබඳව ඔවුහු දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.


ඇගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙතැනින් කියවන්න.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා