ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවත කරළියට

ඊනියා ජීවක ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවතත් කරළියට පැමිණ තිබේ. මෙවර ඔහු ආණ්ඩුව මෙන් ම විපක්ෂය ද අල්ලා ගෙන ඇත.


මෙවර ඔහු පිළිබඳව පාර්ලිමේන්තුවේ කියැවුණේ දිවයින පුවත්පතට අනුව විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයකදී ය. 


මේ ඊනියා වෛකල්පික වෛද්‍ය විද්‍යාව නීත්‍යානුකූල යයි පිළි ගන්නවා නම් නුදුරු අනාගතයේදී ලංකාවේ ඕනෑම මානසික රෝගියකුට, කපටියකුට වෛද්‍යවරයකු වන්නට හැකියාව ලැබෙනු ඇත. 


ලංකාවේ වෛද්‍යවරු මෙන් ම වෛද්‍ය සභාව ද මෙම අවිද්‍යාවන්ට සිය නිහඬතාව තුළින් අනුබල දෙති. 


මේ වනාහි අවිද්‍යාව, මිථ්‍යාව, මුග්ධකම හා දූෂණය ලංකාවේ රජ කරන සමයකි. 


පහත දෙවැඩසටහන ඔස්සේ නෙත් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන මෙකී අවිද්‍යාවට එරෙහිව කළ සටනට සවන් දෙන්න. නෙත් එ‍ෆ්.එම්. මාධ්‍ය සටන් සගයන්ට අපේ ආචාරය!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බලාපොරොත්තු බිඳුන පීඩනය අසහනය පිරුණු රටක ජනතාවට එල්ලෙන්නට පිදුරු ගහක් වුව කම් නැත.එවන් පරිසරයක වයිට් ලා ජීවක ලා දොළුකන්ද ලා ගාල්තැන්න ලා පිනුම් ගසති.ජනතාවට මැජික් පෙන්නා මඩිය තර කර ගන්න පාලකයන්ට මුන් අහසින් වැටුණු ආශීර්වාදයකි. නෙත් එෆ් එම් මීඩියා සගයන්ගේ දක්ෂකම නම් දැන් ජීවකයා ගැන ප්‍රෝග්‍රෑම් එකක් කර පෙන්වීමයි.මෙතනදී පෙනෙන අනිත් කාරණාව නම් පක්ෂ විපක්ෂ බීදයකින් තොරව වයිට් ට කඩේ යාමට මුන් සැරසී සිටී.අද මහින්දගේ ජීවක වන වයිට් හෙට සජිත් ගේ හෝ ෆොන්සේකා ගේ ජීවක වුනොත් අප පුදුම විය යුතු නැත.
    කන්න ඕන වූ විට මුන් කබරගොයද තලගොයා කර ගනිති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා