මුදල් වෙනුවෙන් ක්‍රිකට් ගහන ලසිත් මාලිංගට අපේ ආචාරය!

බලන්න, මේ අයගේ අදහස් අතර පරතරය!
"පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග 


 බොරු වීරයන්ගේ රට, ජාතිය ගැන ව්‍යාජ කතා වෙනුවට ඇත්ත කතා කළ ලසිත් මාලිංග ඔබට අපේ ආචාරය! 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සිරාවට! බොරු ටෝක් නැතිව ඇත්තම කිව්ව එක නම් ආචාර කරන්නම ඕන දෙයක්!

    ReplyDelete
  2. මගෙත් ආචාරය.

    ReplyDelete
  3. මේ රටේ සල්ලි ගන්නේ නැතුව ලෙඩ්ඩු බලන, ප්රිවෙට් පැක්ටිස් කරන්නේ නැති දොස්තරලා, ළමයින්ට නිකන් උගන්වන් ගුරුවරු (අතිනුත් ගානක් වියදන් කරගෙන) කීදෙනෙක් ඉන්නවද ..... ඒ අතින් බලනකොට මු වල බල්ලෙක් (ලක්ෂ 100 ක පඩිය ක්‍රීඩා කරන්නේ නැති හින්ද ලක්ස 40 කරාම සල්ලි මත්තෙම නාහෙන පාඩදයෙක්)

    ReplyDelete
  4. මාලිංග යනු මනුස්සයෙකි….
    තමාට අවශ්‍ය දේ නොලැබෙන්නේ නම් ඒ සදහා යොමු නොවී සිටීමට සෑම පුද්ගයෙක‍්ටම අයිතියක් ඇත. මාලිංගටත් එම අයිතිය ඇත. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාමට මේ කාලයේ දී මාලිංග අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක‍් බව මාගේ සිතුවිල්ලයි. එසේම අනවශ්‍ය ක්‍රීඩකයෙකු ඉවත් කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයට හැකි වේ. එම නිසා මාලිංගව අවශ්‍යම නම් ක්‍ර.පා.මණ්ඩලයට කල යුත්තේ අදාල මුදල ගෙවා මාලිංගව සම්බන්ධ කරගැනීමයි. නැතිනම් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවයේම පොදු එකගතාවයකට පැමිණීමයි. එසේත් නැත්නම් මාලිංග අත්හැර වෙනත් ආදේශකයක් සොයාගැනීමයි. තමන්ගේ අයිතිය පාවිච්චි කරන මාලිංගට දේශදෝහියෙක් නොකර තමන් කරන දේශදෝහි වැඩවලින් මිදීමයි.
    මාලිංග පාවිච්චි කරන්නේ තම අයිතියයි. ඒ සදහා කිසිවෙකුට ඇගිල්ලක් දික් කල නොහැක…ඉන්දීය ලීගය එතරම් මුදලක් ලංකාවේ මාලිංග වෙනුවෙන් වැය කිරීමත් අප රටට ආඩම්බරයකි…. එයත් අප රටට ගෙන ආ කීර්තියකි. ඇත්තෙන්ම මාලිංග යනු වටිනා ක්‍රීඩකයෙකි. ඔහු රැක ගැනීම ලංකාවේ ක්‍රිකට් පරිපාලකයන්ගේ වගකීමකි….

    """" මාලිංග,
    සල්ලි ලොකු තමයි. ඔයාට ක්‍රිකට් බැරිඋන දාට ඔය ඔක්කොමල ඔයාට කන්න දෙන්නේ නැහැ................""""

    """"" වැඩි පඩියක් දෙන තැනට තමයි සෙල්ලම් කරන්න ඕන. ඔය මහත්තුරුත් එකම රස්සාවට වැඩි පඩි පහසුකම් දෙනව කීවොත් යන්නෙ නැද්ද?හැමදාම ක්‍රිකට් ගහන්න බෑ.පුලුවන්කාලෙ හම්බකරගන්න ඕන.ලංකා ක්‍රිකට් බංකොලොත්.එතකොට ඒවට වන්දි ගෙවන්න ඕන ක්‍රීඩකයොද?කව්රු මොනව කීවත් සල්ලි තියේනම් හොදින් ජීවත් උනෑකි.නැත්තම් තමුන්නැහේල කන්න අදින්න දෙනවද?"""
    '''''''
    ඌට කන්න අදින්න නැති වෙනකොට උඹ දෙනවද?ඌ උඹේ දෙයක්වත් රටේ දෙයක්වත් හූරා කාලා නෑ.ඌ මාර්කට් කරන්නෙ උගේ ටැලන්ට් එක.බෝල් කරන්න පුලුවන් උන් ඉන්නවනම් ටීම් එකට දාගත්තට කමක් නෑ.මහ ලොකු බක පණ්ඩිතයො හැම බිජ්ජටම දේශප්‍රේමෙ ගාගෙන දගලන්නෙ.මේරටේ දක්ෂතා තියෙනඋන් සෙරටම ඔහොම කියන තොපිද උන්ට කන්න අදින්න දෙන්නෙ?ක්‍රිකට් බංකොලොත් නම් ඌට වැඩිගානක් දෙන තැනට ඌ සෙල්ලම් කරන්න ඕන.වැඩි පඩියක් දෙන තැනට යනව මිසක් තොපේ වැදිබණ මිනිස්සු ජීවත් කරවන්නෙ නෑ.තෝ දේශප්‍රේමෙ උරච්චිකරල බීපිය.
    '''මිනිසුන්ගෙන් කොන් වූවා නොවූවා කියා කිසිදු වෙනසක් නැත.තමන් සමාජයේ ඉහල අය අදුනයි නමි ඕනෑම දෙයක් කරගත හැක.පසුගිය කාලයේ මිනිසුන්ගේ හදවවත් තුල ජීවත්වූ කලාකාරයින් සමහරක් අතේ මුදල් නැතිව අන්ත අසරණ දුක් විද මියගිය බව අපට මතක ඇත.ජේ.එච් ජයවර්ධන එවැන්නෙකි.මෙහි ඔහුගේ නම පලකලේ අපහාසයකට නොවේ.මිනිසුන්ගේ හදවත්තුල ජීවත්වීම යන්න නිකම් තමන් මවාගන්නා ස්වප්නයක් බව පෙන්වීමටය.එම නිසා තමන්ට තමන්ගේ කියා මුදලක් හරි හම්බකරගෙන තම අනාගතය සරුකරගැනීම එම පුද්ගලයා සතුය.එයට ඉරිසියාවේ උම්බෑ නොකියා ඔහු අපට සේවයක් ගැනීමට අවශ්‍ය නමි ඔහුගේ අවශ්‍යතාද ඉටුකරදීම කල යුතුය.ක්‍රිකට් ආයතනය බංකොලොත් වීම ඔහුගේ වරදක්ද?
    ''''

    ReplyDelete
  5. මාලි කරන්නේ දුෂිත නොවන නිත්‍යනුකූල දෙයක්.


    මොහු කරන්නෙ වෙන කිසිම පුරවසියකු හෝ දෙශපාලුවෙකු නොකරන සෙවයක්- විදේශ විනිමය ගෙනෙන එක. මේ සල්ලි වලට කවරෙකුවත් පිටරටකට පොලී ගෙවන්න ඕනේද?



    මාලිංගේ මේ වැ‍ඩේ වැඩි පඩියකට පිටරට රස්සාවකට යාම අතර කිසි වෙනසක් නෑ. කව්ද දැන් මෙතන ලොකු පඩියකට පිටරට රස්සාවක් ලැබුනොත් ඒක බාර නොගන්නේ. බාර නොගත්තත් ඒ බාර නොගන්නේ රටට ඇති ආදරය නෙමෙයිනේ. තමන්ගේ අම්මා තාත්තා දාලා යන්න බැරිකම වගේ පුද්ගලික හේතු මතනේ. මාලිංගව මේ තැනට ගේන්න රජය වියදම් කලා වගේම අපි හැමෝටම මේ තැනට එන්න රජය වියදම් කරල තියෙනවා. එහෙමයි කියලා අපි කවුරුත් තුට්ටු දෙකට මේ රට වෙනුවෙන් කියලා කඹුරන්නේ නැනේ. අපි හැමෝම බලන්නේ අපි කොහොමද දියුණු වෙන්නේ කියලා. එහෙම බැලුවාම කාටවත් මාලිංගට බනින්න අයිතියක් නෑ.

    අනිත් අතට මැදපෙරදිග වේවා කොරියාව වේවා විදේශ රැකියා වලට යන එක අපේ රජය අනුමත කරනවා. ඒ අපේ රටට පිටරටින් ඩොලර් ඕනේ නිසා. මාලිංගට මේ හම්බවෙන මුදල අපේ රටතුළ දිත් වියදම් කරන නිසා අපි 100ක් එකතුවෙලා ආර්ථිකයට දක්වන දායකත්වයට වඩා වැඩි දායකත්වයක් ඔහු දක්වනවා. මාලිංග ඇතුළු අනික් ක්රී0ඩකයන් මේ රටට හම්බ කරලා දෙන සල්ලිවලින් පිස්සු කෙලින නිලධාරීන්ට නම් ඔය කවුරුත් මුකුත් කියන්නේ නෑ නෙ ඉතින්. ඒ ඒ වැඩේ හරි හින්දා වෙන්න ඇති නේද?

    අනික මාලිංග ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න බෑ කියලා නෑනේ. කොන්ත්රාකත්තුවට අත්සන් කරවිට වෙන්නේ ඒ කාලය සදහා රට වෙනුවෙන් සෙල්ලමි කරන්න බැදී සිටින්න වෙනවා. (පඩි නොගෙව්වත්) මෙතන කවුරුවත් රටට වෙනුවෙන් එහෙම ගිවිසුමකට බැදිලා නැනේ. එහෙනම් අනිත් අයටත් එහෙම බැදෙන්න කියලා කියන්න ඔබට බෑනේ.


    කොන්ද පන තියන පොරක්, හැමෝම එකක් මතක තියාගනිල්ලා මාලිංග ඉල්ලන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල් නෙවෙයි , උන් ලංකා ක්‍රිකට් වලට හම්බුකරලා දෙන ඒවගෙන් තමා පඩි ඉල්ලන්නේ මේකේ වැඩකරන උන්ට කොටි ගණන් පඩි දෙන්න පුලුවන්නම් හම්බුකරලා දෙන උන්ට දුන්නම මොකද වෙන්නේ

    ReplyDelete
  6. මහා එකාලා රටේ සල්ලි හොරකම් කරනකොට මේ යක තමන්ගේ හැකියාවෙන් සල්ලි හොයා ගත්තම මොකද වෙන්නේ ඕයි. දැන් ඉතින් මටත් බැනපල්ලා.

    ReplyDelete
  7. hata huta hamarak, kreeda amathiyo, niyoja amathiyo, niladaree karayo, umbala nidi da?
    munta salli gewapalla hondata...
    thawa tharuna kollo train karapalla...
    mun rata giyath mokada, un salli genawane...
    un hambakaranna umbala wage horakam karala newi ne......

    ReplyDelete
  8. Mudal balagena Pavidi wena Hora sangayata ape acharaya pudakaranawanam meeka mokakkda?

    ReplyDelete
  9. මේ රටේ සල්ලි ගන්නේ නැතුව ලෙඩ්ඩු බලන, ප්රිවෙට් පැක්ටිස් කරන්නේ නැති දොස්තරලා, ළමයින්ට නිකන් උගන්වන් ගුරුවරු (අතිනුත් ගානක් වියදන් කරගෙන) කීදෙනෙක් ඉන්නවද ..... ඒ අතින් බලනකොට මු වල බල්ලෙක් (ලක්ෂ 100 ක පඩිය ක්‍රීඩා කරන්නේ නැති හින්ද ලක්ස 40 කරාම සල්ලි මත්තෙම නාහෙන පාඩදයෙක්)

    buddi galanayata waga kiyanna one me wage comment dana desapremin nisa

    ReplyDelete
  10. මාලිංග නියම වැඩකාරයෙක්, නිකම් ටීම් එකේ ඉන්න පුස්සෝ වගේ නෙමේ. හොද වැඩකාරයෙක්ට හොද වටිනාකමක් තිබිය යුතුයි. සිංහල අපේ ඡාතියට මොන හොද දේවල් කලත් හොදක් නම් අහන්න අමාරැයි. තමන්ගේ අයිතිය වෙනුවෙන් කෙලින් කථා කිරිම දේශදෝහි කමක් නොවේ. මාලිංග ට මම සුභ පතනවා ....

    ReplyDelete
  11. එතකොට අනිත් එවුන් මොන අමාරුවටද දන්නේ නෑ ක්‍රිකට් ගහන්නේ .... ? මාලිංග අස්සන් කරන්නේ නැතුව ගාන වැඩි කරගත්තහම ඊලඟට ස්ට්‍රයික් කරලා ගාන වැඩිකර ගන්නේ කවුද ? 12 දෙනාම වෙන වෙනම ස්ට්‍රයික් කලානම් නියමයි.... කොහොමද ලංකාවේ එකමුතුකම .... එළකිරි.......

    මේ ගොන් පැටියට මේක කියන්න කලින් ටීම් එකේ එවුන් එක්ක කතා කරන්න බැරි උනාද ? ඇයි උන් ඔටුවොද ?

    ReplyDelete
  12. මාලිංගගේ සහ වෙනත් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තත්වය වෙනස්. ඔවුන් වෘත්තිමය ක්‍රීඩකයන් නිසා රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් සඳහා යොදවන්න කාලයක් නැහැ. ඒ වගේම තමයි බොහෝ අයගේ අධ්‍යාපණ තත්වය වුනත් ඒ තරම් හොඳ නැහැ. ඉතින් ක්‍රීඩකයෙක් තමන්ගේ උපරිමයේ ඉන්න අවුරුදු 8-10 වගේ කාලය තුළදී ඉදිරි ජීවිත කාලයටම අවශ්‍ය තරම් මුදල් උපයාගන්න ඕන. විශේෂයෙන් ක්‍රීඩකයෙක් හෝ වෙනත් කිසිම මේ වගේ වෘත්තිකයෙක් විශ්‍රාමයෙන් පස්සේ රැක ගන්න වැඩපිළිවෙලක් නැති ලංකාවේ වගේ රටක මේ තත්වය උපරිමයි.

    මාලිංග අසනීප වෙලා ඉද්දි ඔහුගේ සියලු දීමනා නැවැත්තුවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක කුසලානයෙන් ලැබුණ සියලුම මුදල් නිලධාරීන් බෝනස් කියලා බෙදා ගෙන, කම්පයුටර් එකේ හාර්ඩ් ඩිස්ක් එකත් හොරකම් කරලා ඒවා යට ගැහුවා. හැබැයි මාස ගාණකින් ක්‍රීඩකයන්ට ගෙවීම් කරලා තිබුණේ නැහැ.

    ඉතින් මේ වගේ තත්වයක් තියෙද්දි මාලිංග වගේ ක්‍රීඩකයෙකුගේ හැසිරීම අනුමත කරන්න වෙනවා.

    අනිත් එක මාලිංග වගේ නෙවෙයි, සම්පූර්ණයෙන් ජනතා මුදල් වලින් ඉගනෙ ගෙන රජයේ රෝහල් වල රාජකාරි පැහැර හැරලා පෞද්ගලික චැනල් සේවය කරන වෛද්‍යවරුන්ට දෙවියන්ට වගේ සලකන අපි ඇයි මේ කුහක.

    ReplyDelete
  13. මාලිංග ඔබේ අවංකබව සමග ඔබට ජය නියතයි! බැරිවෙලාවත් සිදුහත් කුමාරයා ලංකාවේ ඉඳල බුදු වෙන්න ගිහිගේ හැරගියා නම් ලංකාවේ කාලකන්නි ඒකටත් බලු කතාවක් කියයි, රට ගැන හිතල අපිව ඉස්සෙල්ල නිවන් දැක්කල ඔයා බුදු වෙන්න කියල; දේශද්‍රෝහී ගොඩටත් දමාවි තප්පරෙන්.

    පැරකුම්, මම හිතන්නේ මේක හොඳ ආරම්බයක් කරගන්න ඕනි ලංකාවේ මිනිස්සු අතර අවංකව බොරු කුහක කම් නැතිව තමන්ගේ වගකීම් හා අයිතීන් ගැන විවුර්තව කතා කිරීම මුලික වටිනාකමක් විදියට දකින සමාජයක් බිහිකරගන්න. නරකද ශාස්ත්‍රීය ලෙස පොතක් මගින් මේ වටිනාකමත් ජනතාව අතරට ගෙනගියොත්.

    ReplyDelete
  14. Why we compare Malinga with regular government workers? They play cricket and only very few who can be in the team. They bring lot of money to Sri Lanka. If we consider how corrupted officials in cricket broad and politicians bagging the hard earn money, his demand is right. We all know what happened during the cricket world cup and now nobody is talking about those corruptions.

    ReplyDelete
  15. හමුදාව යුද්ධෙ‍ට යන්නෙ සල්ලි හම්බකරන්න (ද) රට අතෑරල වෙන තැනකට මුල්තැන දෙන මේකාට හොදක් නං වෙන්න එපා

    ReplyDelete
  16. I like that he talk from the heart, most of the Cricketers, professionals, artists work for money, but they never admit it. He admitted. Your talk make me venerate our war heroes another thousands of times. They never work for money they sacrifice their lives and limbs for our motherland. They will go to Heven but others will go to Peretha Lokaya. We don't have to worry.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා