මාර්තු පී.බී. ජයසුන්දර, අප්‍රේල් පී.බී. ජයසුන්දර හා මැයි පී.බී. ජයසුන්දර

මසකට පෙර 2012 මාර්තු 26දා මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර පැවසුවේ මෙසේ ය.


ඉදිරි කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්‌තිමත් වනු ඇතැයිද එය රු.125 කට අඩු අගයක අනිවාර්යයෙන්ම ස්‌ථාවර වනු ඇතැයිද තමාගේ විශ්වාසය බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසයි.

ඉකුත් සිකුරාදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.132 ද ඉක්‌මවා ගොස්‌ තිබිණි. මේ සිදුවන රුපියලේ පිරිහීම අනුව ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය කවර අගයක නවතීදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මේ බව කීවේය.

දැනටමත් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන ඉල්ලුම අඩුවී අපේ විනිමය අනුපාතයට තිබෙන පීඩනය අඩුවනු ඇතැයිද ඒ තුළින් ඇමෙරිකානු ඩොලරයක අගය රු.125 ට අඩු අගයක ස්‌ථාවර වනු ඇතැයි තමාගේ බලවත් විශ්වාසය බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අවධාරණය කරයි. (උපුටා ගැනීම 2012 මාර්තු 26දා දිවයි‍න පුවත්පතෙනි)


දැන් මෙහෙම කියන්නේ ද ඒ පී. බී. ජයසුන්දර ම ය.


වර්තමාන වෙළඳපල තත්වයන් සැලකීමේදී ඇමරිකානු ඩොලරයක් කිසිසේත්ම රුපියල් 150ක සීමාව ඉක්මවීමට කරුණක් නොමැති බවත්, ඩොලරයේ අගය අසාමාන්‍ය ලෙස තවදුරටත් ඉහළ ගියහොත් එය පාලනය කිරීම සදහා ඉදිරියේදී රජය මැදිහත්වන බවත් මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.
කොළඹ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ සඳහන් කල භාණ්ඩාගාර ලේකම්වරයා, මේ වන විටත් රජය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී විනිමය අනුපාතය ස්ථාවර කරගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද කියා සිටියේය.
බඩු මිල ඉහළ යන බවට චෝදනා නගන විපක්ෂය ඊට විකල්ප, විසඳුම් ද ඉදිරිපත් කළ යුතු බව ද ඔහු පැවසිය. රට තුළ දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීම රජය පසුගිය කාලය තුළ ගනු ලැබූ පියවරවල අරමුණ බව පවසන ජයසුන්දර මහතා, දැවැන්ත වෙළෙද ශේෂය පියවා ගැනීම සඳහා විනිමය සංචිත අඛණ්ඩව වැය කිරීම විසඳුමක් නොවන බව කීය.
රටේ සැබෑ ආර්ථික සංවර්ධනයක් ඇති කරලීමට නම් අපනයන ඉහළ නංවා වියදම් අඩු කිරීම අත්‍යාවශ්‍ය බවත්, භාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. (උපුටා ගැනීම 2012 අප්‍රේල් 30 ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය) 
තව මාසයකින් මේ උලමා (අරාබි බසින් විද්වතා) කුමක් කියන්නේදැයි ඔබ අනුමාන කරන්න.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Ane enna, mekata comments daanna.
    Nuwan, apiwath monawahari daamu machan,
    nethnam moota liyanna deyak nethiweyi! Blog eka wahanna weyi! Parakum, balanna gossiplankanews.com, mara comments godakne wetenne ekara!
    Moota me para hamuduru photo hambawela ne.
    -Robin

    ReplyDelete
  2. ශ්‍රී ලන්කාවේ ආර්ථික කලමනාකරනය සහ පී බී ජයසුන්දර පිලිබද අපගේ පුද්ගලික මතිමතාන්තර කුමක් වුවත්, මේ ඩොලරය 150 යාම පිලිබද ශ්‍රී ලන්කා මිරර් කරන ලද වාර්තාවත්, ඒ නිසාම ඉදිරිපත් කර ඇති අදහසත් සම්පූර්ණයෙන් කියවන්නා නොමග යවන සුලුයි.

    එම මාධ්‍ය සාකච්ඡාවේදී රුපියල ඩොලරයට සාපේක්ශව 150 දක්වා ඉහල යාමට හැකි බව හගවමින් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලෙස ජයසුන්දර පැවසුයේ ඉපයීම් ගෙවීම් ප්‍රවනතා අනුව විනිමය අනුපාතයේ අගය 125ක් පමණ විය යුතු බවත් එය 150 වැනි අගයක් ගැනීමට හේතුවක් නොමැති බවත්ය. යම් හෙයකින් අනුපාතය විශාල ලෙස ඉහළ ගිය හොත් රජය දැඩි ලෙස එයට මැදිහත් වන බවත් පවසන ලදී. [අදාල විඩියෝ දර්ශන අප්‍රේල් 30, රාත්‍රී අද දෙරණ ප්‍රවෘත්ති හරහා නැරඹිය හැක.]

    මා මින් අදහස් කරන්නේ ඔහුගේ ප්‍රකාශය නිවැරදි හෝ විශ්වාසනීය බව නොව, නමුත් ඔබ හගවා ඇති පරිදි රජයේ නිල ස්ථාවර මාසයක් ඇතුලත වෙනස් වී නොමැති බවයි.
    යමක් ලියන කොට ටිකක් හොයල බලල ලිව්වොත් හොදයි නේද?

    ReplyDelete
  3. මේ උලමා කියන දේද බන්දුල මර්වින් එස් බී විමල් ආදීවූ අනික් උලමුන් කියන දෑ සේම තම බඩගෝස්තරය සඳහා මිස වෙනකක් නොවේ.මුන්ගේ එකම අරමුණ මොනවා හෝ දෙයක් දෙසා බාමින් තම බඩගෝස්තරය රැක ගැනීමයි.එනිසා ඔයා වගේම අපිත් මෙව්වා පුංචි ළමයි රවටගන්නට කියන සුරඟන කතා බව වටහාගෙන තව තවත් පටි තද කර ගත යුතු වෙයි.

    ReplyDelete
  4. ඉදිරි කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්‌තිමත් වනු ඇතැයිද එය රු.200 කට අඩු අගයක අනිවාර්යයෙන්ම ස්‌ථාවර වනු ඇතැයිද තමාගේ විශ්වාසය බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසයි.

    ඉකුත් සිකුරාදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.160 ද ඉක්‌මවා ගොස්‌ තිබිණි. මේ සිදුවන රුපියලේ පිරිහීම අනුව ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය කවර අගයක නවතීදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මේ බව කීවේය.

    දැනටමත් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන ඉල්ලුම අඩුවී අපේ විනිමය අනුපාතයට තිබෙන පීඩනය අඩුවනු ඇතැයිද ඒ තුළින් ඇමෙරිකානු ඩොලරයක අගය රු.200 ට අඩු අගයක ස්‌ථාවර වනු ඇතැයි තමාගේ බලවත් විශ්වාසය බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අවධාරණය කරයි. (උපුටා ගැනීම 2012 May 26දා දිවයි‍න පුවත්පතෙනි)

    ReplyDelete
  5. @ tharu22,
    මාර්තු 26 - ඩොලරය රු125/= ට අඩු අගයක ස්ථාවරවෙයි - පී.බී
    අප්රේුල් 30 - ඩොලරය රු150/= ට අඩු අගයක ස්ථාවරවෙයි - පී.බී
    ඉතිං රජයේ ස්ථාවරය මසක් ඇතුලත පැහැදිලිවම වෙනස් වෙලානේ.ඔයා කොහොමද නෑ කියල කියන්නේ?

    ReplyDelete
  6. මැස්සාගේ බ්ලොග් එකත් හැක් වෙලාද???

    ReplyDelete
  7. ඔය පින්තුරේ ඉන්න උලමායි, කඩු හොරයි, චෞර රාජ්‍යයේ (වික්ටර් අයිවන්ට අනුව දැන් චෞර රජෙක් නැත) භාරකාරයයි කියන මේ මුසලයෝ තුන් දෙනාම එකම තැන කියල හිතාගෙන තැන් තුනක් පෙන්නුවත්, රටට අවශ්‍ය හරි දෙය ඔය කොලේ දකින්න බැරි තරම් පොට්ටයෝ වෙච්ච එක තමයි ශ්‍රී ලංකාවේ දැන් ජීවත් වෙන උන්ගේ කරුමේ (උන් කොච්චර කරුමක්කාරයෝද කියනවනම්, මුන්ගේ අන්ධ කම උන්ට පේන්නෙත් නැති තරමට උන් උපතේ ඉඳන්ම අන්ධයි).

    ReplyDelete
  8. @ජයශ්‍රී
    ලන්කා මිරර් එකෙයි, W3Lanka එකෙයි කියන හැටියටනම් එහෙමයි. නමුත් ඒ අවස්ථාවේ ඇත්තටම දීපු උත්තරයනම් ඊට ටිකක් වෙනස්. අපේ පුද්ගලික මත්මතාන්තර කුමක් වුනත්, දෙයක් දිහා බලන කොට සිහි බුද්ධිය නැති කර ගත යුතු නැහැ. අදාල වොයිස් කට් එක අප්‍රියෙල් 30, රෑ 8 දෙරණ ප්‍රවෘත්ති වලින් බලන්න පුලුවන්.
    http://sinhala.adaderana.lk/index.php?vid=08news20120430.flv

    ReplyDelete
  9. හරි මම ඔයා කිව්ව විදිහට දෙරණ නිව්ස් කෑල්ල බැලුවා. මේ පෝස්ට් එකත් කියෙව්වා. ඉතින්??? මේ ලිපියෙ අඩුවක් තිබ්බම කියමු. දැං මහ රජානොගෙ තක්කඩි ආණ්ඩුවෙ මගඩි වැඩ ඔය දෙරණ නිව්ස් කෑල්ලෙන් වැහිල යනවද? ජයසුන්දරගෙ ප්‍රකාශ ගැන ලිපියෙ තර්කය මොකක් වුණත් රටට කෙළවෙන කෙලවිල්ල අඩුවෙනවද? මෝඩ චූන් ගන්න හදන්න එපා!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා