සිංහල වෙනම රාජ්‍ය සංකල්පය පරදවමු! ලංකාව දිනවමු!

අපූරු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ. 


සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂයක ලේකම් බව කියන ජයන්ත ලියනගේ නමැත්තකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් දෙමළ, දෙමළ ජාතික හා ඊලාම් වැනි වදන් සිය නමෙහි භාවිතා කරන දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තිබේ. 


අප සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ගැන නොව, මේ තර්කය ගැනයි. 


කිසියම් දේශපාලන පක්ෂයක් සිංහල හෝ මුස්ලිම් යන වදන් සිය නමෙහි භාවිතා කරනවා නම් එම පක්ෂ ද ඒ අනුව වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා විය යුතු ය. මන්ද, ලංකාවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය නො හැකි අන්දමින් ම වෙන ම සිංහල හෝ මුස්ලිම් රාජ්‍යයක් ද පිහිටුවිය නො හැකි ය. 


එම තර්කය අනුව ලංකාවේ වසන එක ම ජාතිය ලාංකික ජාතිය පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ශ්‍රී ලංකාව වනාහි ශ්‍රී ලාංකික ජාතියේ දේශයයි.


මෙම තර්කය අනුව, දේශපාලන පක්ෂයක් බව කියන සිංහල ජාතික පෙරමුණ ද, ජාතික හෙළ උරුමය ද, මුස්ලිම් කොංග්‍රසය ද, තවත් එවැනි පක්ෂ ද සිංහල හා මුස්ලිම් වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා ය. 


ඇත්තෙන් ම, ලංකාවේ මූලික ප්‍රශ්නය වන්නේ සිංහලයන් වෙන ම සිංහල රාජ්‍යයක් පිහිටුවා ගැනීමට දරණ උත්සාහය තමා ය. වෙන ම, දෙමළ රාජ්‍ය සංකල්පය හෙවත් ඊලාම් සංකල්පය බිහි වන්නේ ම මෙයට එරෙහිව ය. 


ලංකාව සිංහලයන්ගේ රට හෝ සිංහල බෞද්ධයන්ගේ රට යයි කෙනෙක් කියන්නේ නම් ඉතා පැහැදිලිව ම එය වෙන ම රාජ්‍ය සංකල්පයකි. එය ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. 


සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනවර්ගයන් හෝ ජාතීන් වඩා පුළුල් අනන්‍යතාවක් වන ලාංකික අනන්‍යතාව තුළ සත්‍ය වශයෙන් ම අනුගත වීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති විසඳුමයි.


එහෙත්, එය කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී අනන්‍යතාවන් අහෝසි කිරීමෙන් නො වේ. එම අනන්‍යතාවන් වඩා පුළුල් අනන්‍යතාවක් තුළ නැවත පිහිටුවීමෙනි. 


මෙම නැවත පිහිටුවීම දේශපාලන ක්‍රියාවලියකි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම, සමානාත්මතාව තහවුරු කිරීම, දේශපාලන බලය බෙදා ගැනීම, රාජ්‍ය ප්‍රතිසංස්කරණ ආදිය අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හෙල උරුමය එක්තරා ජාතියක් නිරූපණය කරනවා කියන්නෙ කොහොමද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා