එළවළු අද කුණු ගොඩට හෙට අධි මිළට; කාපිය පොළොස්!

මේ රටේ රජයක් නැති බව පෙන්වන පැහැදිලි ස්ථානයකි, දඹුල්ල.


එක පැත්තකින් ආගමික චන්ඩීන් ආගමික සුළුතරයන්ගේ ආගම් ඇදහීමේ නිදහසට බාධා කරන, දේශපාලකයන් ද මේ චන්ඩීන් හමුවේ දැපනෙ වැටෙන මේ නගරයේ අනෙක් පැත්තෙන් ගොවීන්ගේ එළවළු නිෂ්පාදන පොහොර වෙමින් තිබෙනු දැකිය හැකි ය. ඒ පොහොර වෙමින් ඇත්තේ රටින් ගෙනා පොහොර හා කෘමි නාශක ආදිය දමා වැවූ එළවළු බව මතක තබා ගැනීම හොඳ ය.


දඹුල්ලට එළවළු රැගෙන එන ගොවියන්ට සිය නිෂ්පාදන විකුණා ගත නො හැකි බැවින් ඔවුහු ඒවා එහි දමා යති. ඔවුන්ට ආදායම අහිමි වී ඇත. එපමණක් නො ව, එළවළු වැවීම සඳහා ප්‍රාග්ධනය ද අහිමි වී ඇත. මෙහි විපාක නුදුරු අනාගතයේදී ම විඳින්නට මේ රටේ පාරිභෝගිකයන්ට සිදු වනු ඇත.


තත්වය මෙසේ වුණත්, සිල්ලර එළවළු ලෑල්ලේ කිසිදු එළවළු කිලෝවක් රු. 60ට අඩුවෙන් නැත. එළවළු ලෑලැවල අලුත් එළවළු හිඟයක් ද ඇති අතර ඈත පළාත්වලින් එළවළු ගෙන එන්නට දඹුල්ලට යන වෙළෙන්දන් ගොවීන් විසින් දමා ගොස් ඇති කුණු එළවළු නො මිළේ ම රැගෙන විත් විකුණන බවට සැක මතු වේ.


මේ අතර සිල්ලර වෙළෙන්දෝ පවසන්නේ අලුත් අවුරුද්දෙන් පසු පාරිභෝගිකයන් අත මුදල් නැති නිසා එළවළු ඉල්ලුම අඩ් වී ඇති බවයි.


දැන් මෙතැන ඇති ප්‍රශ්නය පසු අස්වනු හානිය අඩු කරන්නට යයි කියමින් කූඩ වෙළඳාමේ ගිය ඇමති ජොන්ස්ටන් දැන් කොහිද යන්නයි. මේ සිදු වන පසු අස්වනු හානිය හා එයින් ගොවි ජන ජීවිතයේ සිදු වන කඩා වැටීම මොන ම ප්ලාස්‍ටික් කූඩයකින්වත් වැසිය නො හැකි ය.


රටේ පාලනයක් තිබෙනවා නම් මෙවැනි අවස්ථාවලදී මැදිහත් වීමක් සිදු විය යුතු ය. මේ එළවළු කල් තබා ගැනීමට හෝ අපනයනය කිරීමට හෝ වැඩ පිළිවෙලක් තිබිය යුතු ය.


පහත පඝ වන්නේ අද දිවයින පුවත්පතින් උපුටා ගත් පුවතකි. 


එළවළු අස්‌වනු වාරය අවසන් වීමට ළඟයිමිලත් ඉහළ යන ලකුණු
කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල

යාපනය, පුත්තලම, අනුරාධපුර හා උඩරට ප්‍රදේශවල එළවළු අස්‌වනුවාරය අවසන් වෙමින් පවතින බැවින් ඉදිරියේ දී එළවළු මිල ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සංඛ්‍යා නිලධාරී ඡේ. සී. කේ. බී. ලයනල් මහතා පැවැසීය.

මෙම අස්‌වනු වාරය ලබන මැයි මස 15 පමණ වනවිට සම්පූර්ණයෙන් ම පාහේ අවසන් වේ. දැනට පවතින වැසිසහිත කාලගුණික තත්ත්වය හමුවේ අලුතෙන් වගා ප්‍රමාදවීඹ නිසා මාස එක හමාරක පමණ කාලයක්‌ වෙළෙඳපොළට එළවළු පැමිණීම අඩුවනු ඇතැයිද පසුගිය සතිය හා සැසඳීමේදී බොහෝ එළවළු වර්වල කිලෝවක මිල අවම වශයෙන් රුපියල් දහයක්‌ පහළොවක්‌ අතර ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇති බවද පැවැසීය.

අලුත් අවුරුදු සමයෙන් පසු එළවළු මිල දැඩි ලෙස පහළයැමට හේතුව දින ගණනාවක අස්‌වනු එක්‌වරම වෙළෙඳපොළට පැමිණීමත් ඊට සමගාමීව වෙළෙඳුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්නොවීම බවත් පවසන ලයනල් මහතා මේ වනවිට මෙම තත්ත්වය මඟ හැරී ගොස්‌ ඇතැයි ද පැවැසීය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "මේ රටේ රජයක් නැති බව පෙන්වන පැහැදිලි ස්ථානයකි, දඹුල්ල."
    රජයක් නැති බව පෙන්වන නෙමෙයි, හැම මගුලක්ම ආණ්ඩුවෙන් කෙරෙන්න ඕන කියල කියන හාල් පාරුවො සෙට් එකකුත් ඒකටම හරි යන ආණ්ඩුවකුත් තියෙන කොට ඇති වෙන තත්වය පෙන්නන තැනක් තමයි දඹුල්ල.

    ReplyDelete
  2. දඹුල්ලේ සිදුවුන දෙය "ආගමික චන්ඩීන් ආගමික සුළුතරයන්ගේ ආගම් ඇදහීමේ නිදහසට බාධා කරන" කියා අර්ථ දැක්වීම වැරදියි. පාලකයින් විසින් නිවැරදි විසදුමක් ලබා නොදී පිරිසකට කඩේ යනකොට මින්සුන් පාරට බැසීම සාදාරනයි .............

    ReplyDelete
  3. අප්පා සිංහල කෙල්ලෙක් මුස්ලිම් එකෙක්ව බැන්දොත්, බලන්න පුළුවන් කොච්චර හින්සනයක්ද තියෙන්නේ කියල උන්ගේ,
    see this

    http://anniisa.wordpress.com/

    ReplyDelete
  4. දුෂාන්April 27, 2012 at 1:40 PM

    ජිනීවා සිදුවීම් දවස්වල මුස්ලිම් රටවල් කරේ තියගෙන ගිය අපේ සමහර පාදඩ මාධ්‍ය අද නිහඩව සිටීම ගැන වෙනම සංවාදයක් ඇති කල යුතුයි. මේ ආණ්ඩුවෙ අවස්ථාවාදී දේශපාලනය ගැන සිංහල මුස්ලිම් බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි.

    ReplyDelete
  5. When we go to a shop in America we see how Thialand is exporting their agricultural products in Cans and bottles. Why does't Sri lanka government take measures to preserve food crops during the season? Isn't that one reason we have agriculture and science and technology ministries ?

    ReplyDelete
  6. Indi Maddu, ඔය ඇමරිකාවෙ ගන්න තියෙන තායි එළවළු පළතුරු බෝතල් කරල එවල තියෙන්නෙ තායිලන්ත ආණ්ඩුවෙන්ද? නිකන් දැනගන්නයි අහන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා