කරුණාකර ඔවුන් අත්හරින්න (ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල වෙනුවෙන් ආයාචනයක්)

ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල ගැන කිසිදු තොරතුරක් නැත. 


ඔවුන් පැහැරගෙන ගොස් ඇති සැලසුම් සහගත ආකාරය අනුව, ඉහළ ම පෙළේ මැදිහත් වීමකින් තොරව ඔවුන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. 


ඔවුන් මරා නො දැමිය යුතු යයි ශිෂ්ටත්වයේ නාමයෙන් අපි සියලු දෙනා ඉල්ලා සිටිය යුතු ය. ඔවුන් කිසියම් වරදක් කර තිබේ නම් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් කළ හැකි ය. 


වත්මන් දේශපාලන උම්මත්තකභාවය නිර්මානය කිරීම පිණිස ප්‍රේමකුමාර් ගුනරත්නම් ජවිපෙ නායකයකු ලෙස විශාල දායකත්වයක් සැපයුවේ ය. එම උන්මත්තකභාවයෙන් ඵල නෙළන අය ඔහුට ඒ වෙනුවෙන් හෝ කෘතවේදිත්වය පළ කළ යුතුව තිබේ. 


සිය දේශපාලන ගමනේ මෑත සමයේදී ඔහු හා ඔහු නායකත්වය දුන් කණ්ඩායම සිය අතීත ක්‍රියාකාරිත්වයන් දෙස විවේචනාත්මක ඇසකින් බලමින් සමාජය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා කැප වීමේ උනන්දුවකින් කටයුතු කළේ ය. 


එහෙත්, එය ඔවුන්ගේ දායකත්වයෙන් ගොඩනගන ලද වත්මන් ක්‍රමයට කෙටි කලකින් තීරණාත්මක ලෙස අභියෝගාත්මක වීමේ විභවයකින් යුක්ත දේශපාලනයක් වී යයි සිතිය නො හැකි ය. මන්ද, අද කෙතරම් උතුම් අභිප්‍රායන් ප්‍රවර්ධනය කළත්, ඔවුන් විසින් දශක කීපයක් තිස්සේ සිය  බලවේගය දක්කාගෙන ගිය සදාචාරාත්මක අගාධයෙන් ගොඩ ඒම පහසු නැත. ඒ සඳහා තවත් පරම්පරාවක්වත් ගත වනු ඇත. 


ප්‍රේමකුමාර් ගුනරත්නම් යනු අධ්‍යතන වාම දේශපාලනයේ අමානුෂිකත්වය නිරූපණය කරන නිදර්ශනයකි. ඔහු ජවිපෙ නායකයකුව සිටි කාලයේ ඔහුට අවැසි වී නම්, පාර්ලිමේන්තුව හරහා හෝ නීත්‍යනුකූල පුරවැසියකු වීමේ හැකියාව තිබුණු අයෙකි. එසේ නො කර ගුප්ත ජීවිතයක් ගත කරමින් ඔහු කළේ කුමක් ද? එය හුදු මානසික තත්වයක් නො වේ නම්, ඒ වනාහි පක්ෂයේ පහළ කේඩරය ඊනියා විප්ලව මානසිකත්වයකින් මත් කර ඔවුන්ගේ ශ්‍රමය පටු අරමුණු වෙනුවෙන් සූරාකෑම සඳහා දැනුවත්ව අනුගමනය කළ උපායකි. 


ජවිපෙන් වෙන් වූ පසු ජවිපෙ නායකයෝ මේ මිනිසා සතුරාට පාවා දුන් අන්දම අතිශය නින්දිත ය. අප දන්නා පරිදි ඔහු සිටියේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ වනාහි, බොහෝ දුරට වඩා යහපත් ජීවිත සොයා ගිය ගමනකි. සිය හරස් සම්බන්ධතා ජාලය පක්ෂයෙන් බිඳී ගිය මොහොතේ ආපසු පැමිණි ඔහුට ජවිපෙ විසින් කරන ලද තුච්ඡ පාවා දීම නිසා ආපසු යන්නට බැරිව මෙහි හිර වන්නට සිදු විය. 


සාමාන්‍ය මධ්‍යම පංතික සිහින සහිත පවුලක දරු දෙදෙනෙකුගේ ආදරණීය පියකු වූ ඔහු ලංකාවේදී කෙතරම් අසරණ වන්නට ඇද්ද යන්න සිතා ගන්නට ඔහු පැහැරගෙන යාමට ලක් වූ මොහොත සාක්කි සපයයි. ඔහු මේ රටට ගෙන්වා ගත් ඔහුගේ සගයෝ සමූහ සාකච්ඡාවකින් පසු ඔහු පාළු නිවසක හුදකලා කර සිය කුටුම්භ වෙත පල්ලම් බැස ඇති බව පෙනේ. 


දිමුතු ආටිගල සහෝදරිය තලවතුගොඩට ගෙන ආවා යයි කියන දුමින්ද නාගමුව ඇය තනිව බසයක නංවා ගොඩගමට පිටත් කිරීම ද සහෝදරාත්මක හැසිරීමක් නො වේ. 


අප නො දන්නා කරුණු මේ සිද්ධි පසුපස තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත්, මේ වනාහි සාමාන්‍ය මනුස්සකම් හා මේ ඊනියා විප්ලවවාදී දේශපාලනය අතර ඇති පරතරය පෙන්වන ජවනිකා ය. 


ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගලගේ ජීවිතවලට හානි කරන්නට කිසිවකු අදහස් කරන්නේ නම්, ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ අන් කිසිවක් නො ව, ප්‍රේමකුමාර් ගුනරත්නම් නායකත්වය දුන් දේශපාලන බලවේගය ප්‍රචණ්ඩත්වය වෙත තල්ලු කිරීම මිස අන් යමක් නො වේ. 


තම පැවැත්ම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය වපුරන, ත්‍රස්තවාදයට පස සකසන පිරිස් හමුවේ බුද්ධිමත් මිනිසුන් විසින් කළ යුතුව තිබෙන්නේ හැකි තරම් ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වීමයි. 

මේ ලිපියත් කියවන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම නම් හිතන්නේ මුන් දෙන්න පැනල ගිහින් .... කොල්ලෙකුය් කෙල්ලෙකුය් නේ... මුන්ටත් හැගීම් දැනීම් තියෙනවනේ අප්පා

    ReplyDelete
  2. දැන් ආණ්ඩුවට තම පැවැත්ම රැක ගන්න තව කැරැල්ලක් උවමනා වෙලා තියන කාලයක්. අවුරුදු විස්සෙන් විස්සට සිදුවන ජවිපෙ කැරැල්ල අවුලවන්න සමහර විට ආණ්ඩුවට ඕනේ ඇති!මේ ජන අරගල කාරයොත් ෆොන්සේකාව ජනපති වරණ අපේක්ෂකයා කලාට කනගාටු වෙනවා මිසක්, රාජපක්ෂව ජනාධිපති කරපු එකත්, ප්රෙමදාසව ජනාධිපති කරපු එකත්, දෙමල සංහාරයට සහය දැක්වූ ගැන එකවත්, "රණවිරුවන්" කරේ තියාගෙන හිටිය එක ගැනවත් ප්‍රසිද්දියේ කනගාටු වීමක් ගැන මට නම් අසන්නට ලැබුනේ නැහැ! කොහොම උනත් ගොටගේ මේ තුච්ච පහර ගැනීම් වලට එරෙහිවීමට තාමත් ප්‍රමාද වැඩි නැහැ. නමුත් එහෙම දෙයකට රනිල් නායකත්වය දෙන්නේ නැහැ. එයා බටලන්දේ හාදයනේ!

    ReplyDelete
  3. Ada Australia wee headline eka "Kumar Gunaratnam nemathi Australiyanu puravesiya lankawedi pehera gena etha" kiyana eka.

    Lanawe anduwata meken lesiyen gelawenna beri wei mama hithanne.

    ReplyDelete
  4. "කෙසේ වෙතත්, මේ වනාහි සාමාන්‍ය මනුස්සකම් හා මේ ඊනියා විප්ලවවාදී දේශපාලනය අතර ඇති පරතරය පෙන්වන ජවනිකා ය"

    ඔය පරතරය, පැහැගත්ත දෙන්නට පෙනෙන්න, ඔවුන් පැහැරගැනීමට ලක්වෙන්නම සිද්ධවුන එකයි දුක.

    ReplyDelete
  5. Onna pehera genimata lak unu aya police ta baarawela. monatharam Nindithayoda? wancha karayo? Paudgalika hethu hinda kohe hari hengila indala, pehera genimakata lak una kiyala rajayata pahara gesimata tharam den sahodarayo pahathata wetila. ahinsaka kollo kello keta holola ekathu karana maaru kaasi walin Nayakayo pitarata wala sura sepa widinawa. a madiwata pahala samajikayan ge mola walata wisa beeja dala, un kulappu karawala, Kerali gassawala, unwa dan gediyata dakwala unge patu paramartha ishta kara gannawa. ahinsakayo marapu, mahajana depala gini thiyala winasha karapu, un marapu kenek danissata wda ihalin ussala geniyanna nodun sahodarayo den MAANAWA AITHIWASIKAM gena katha karanawa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා