මෙහෙම ගියොත් නම් ලංකාවට ඉර බස්සවා ගන්නට හෝ බටහිරක් සොයා ගන්නට බැරි වනු ඇත

හත්ඉලව්වයි!


බටහිර රටක් වන වතිකානයේ වෙසෙන පාප් වහන්සේ විසින් පත් කරන ලද කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද බටහිර විරෝධියෙකි. 


බටහිර, ක්‍රිස්තියානි, යුදෙව් බිල්ලෙකුට බියේ දුවමින් සිටින නලින් ද සිල්වා ඇතුළු පිරිස කරකවා අතහැරියා වගේ වන්නට පුලුවන. 


මෙහෙම ගියොත් නම් ලංකාවට ඉර බස්සවා ගන්නට හෝ බටහිරක් සොයා ගන්නට බැරි වනු ඇත. එදා ලංකාව හිරු නො බසින අධිරාජ්‍යය වන්නට ද ඉඩ තිබේ. 


ප්‍රශ්නය ඒක නො වේ. එතකොට අපි ජාතියක් ලෙස බිය වන්නේ කාට ද?


පහත පළ වන්නේ දිවයින පුවත්පතින් උපුටා ගත් පුවතකි.


කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකදීමේ අරමුණින් යෑයි පවසමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන වැඩසටහන ගබ්සා නීතිය ලිහිල් කිරීම සඳහා රජයට කරනු ලබන බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලාංකික සියලුම ජනතාව ජාති, ආගම් භේදයකින් තොරව නැඟී සිටිය යුතු යෑයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති.
දරුවන් යනු රටේ අනාගතය බවත්, බටහිර ජාතීන් උත්සාහ ගන්නේ අප වැනි රටවල අනාගතය අඳුරු කිරීමට බවත් සඳහන් කරන කාදිනල්තුමන් දේශපාලනයෙන් මුහුකුරා ගිය දැනුමක්‌ ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව පූර්ණ අවධානය යොමු කර සාධාරණය ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූහ. බංකොලොත් සංස්‌කෘතියක්‌ ඇති බටහිර ජාතීන්ගේ බොරු කාන්තා විමුක්‌තියට නොරැවටෙන ලෙස තමා සියලුම ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා