දේශපාලන කැඳහැලියෙන් කරපිංචා නැට්ටක් සොයා ගැනීම හෙවත් ලංකාවේ අවමංගල අධ්‍යක්ෂණය තුළ මංගල සමරවීර භූමිකාව මතු වීම

මේ වනාහි මේ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය මොහොතකි. එයට හේතුව මහින්ද රාජපක්ෂ පාලනය මුළුමනින් ම අසාර්ථක වෙමින් පැවතීමයි. එක පැත්තකින් රටේ තදබල ආර්ථික අර්බුදයක් නිර්මානය වෙමින් තිබේ. අනෙක් පැත්තෙන් රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර දේශපාලනයේදී රට හුදකලාභාවය දෙසට ඇදගෙන යමින් තිබේ. 


රාජ්‍යයේ සාමාන්‍ය පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස නව නායකත්වයක් අවශ්‍යව තිබේ. එම වෙනස සිදු නො වී ගත වන සෑම දිනයක් තුළ ම, වත්මන් පාලකයන් ලංකාව ගමන් කරවනු ඇත්තේ ම්ලේච්ඡත්වය දෙසටයි. 


2004දී ජවිපෙ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මැද පංතික, සුළු ධනේශ්වර විප්ලවයේ සුරතාන්තයයි මේ. 


එහි කර්තෘවරුන් වන ජවිපෙ මේ වන විට 2004 විප්ලවයේ ප්‍රතිඵලයක් ම ලෙස වාම හා මාධ්‍යමික ලෙස දෙකට පැලී එකිනෙකාට එරෙහිව ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා රතු කොඩිය ඉහළින් ම එසවීමට යත්න දරමින් සිටියි.  අභ්‍යන්තරික සටනක් වූ මෙයින් පිටතට විහිදෙන කිසිදු අරගලයක් නුදුරු අනාගතයේදී ජවිපෙ පාර්ශ්ව දෙක වෙතින් අපේක්ෂා කළ නො හැකි ය. ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම විසඳෙන තෙක් හෙවත් සමාජවාදී පෙරටුගාමී පක්ෂය විසින් ජවිපෙ අවකාශය මුළුමනින් ම අත්පත් කර ගන්නා තෙක් තවත් සෑහෙන කාලයක් බලා සිටීමට ජවිපෙ වටා රොක් වූ වාම ප්‍රජාවට සිදු වනු ඇත. 


මේ අතරතුර ලංකාව ම්ලේච්ඡත්වයේ නව කඩඉම් සොයා ‘ඉදිරියටම' යනු ඇත. එම තත්වය තුළ ලංකාවේ වාමවාදීන්ට, ලිබරල්වාදීන්ට ඇති දේශපාලන අවකාශය තව, තවත් පටු වෙමින් චම්පික, විමල් හා තවත් නොයෙක් අන්තවාදින්ට සින්න වන උම්මත්තක දේශපාලන අවකාශයක් පුළුල් වීම නො වැළැක්විය හැකි ය. ලංකාව ඊනියා ඇමරිකන් විරෝධී උම්මත්තක දුෂ්ට රාජ්‍ය පෙළට තවත් එක් පුරුකක් එක් කිරීමේ විභවයක් සහිත රටකි. 


එපමණක් නො ව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුළුව සිංහල ජාතිවාදයට නැඹුරුවක් ඇති සියලු දේශපාලන බලවේග ඊනියා අධිරාජ්‍ය විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී මෙම දේශපාලන ප්‍රවණතාව විසින් නැටවෙනු ඇති අතර එයට අභ්‍යන්තරිකව ගොදුරු නො වනු ඇතැයි යම් තරමකට හෝ අනුමාන කළ හැක්කේ රනිල් - මංගල සමරවීර පන්නයේ බොහිමියානු දේශපාලනය පමණි. 


සාමාන්‍ය දේශපාලනික ජනයා එතරම් ගැඹුරු නො වන වෙනසක් සොයා එජාපය වෙත යොමු වනු ඇතිමුත්, රාජපක්ෂ කාසියේ අනෙක් පැත්ත වන සජිත් ප්‍රේමදාස සිටින තාක් කල් ඔවුන්ට විකල්පයක් හමු නො වනු ඇත. සරළව කිවහොත් බටහිර අනුග්‍රහයෙන් ලංකාවේ පාලනයේ සීරුමාරුවක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මූලික ගැම්ම ගැනීමට රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාස සිටින තාක් කල් බැරි වනු ඇත. 


මේ වන විට එජාපය රනිල් - සජිත් ගැටුම තුළ යා හැකි උපරිමයට ගොස් ඇත. මෙතැනින් එහාට ඇත්තේ දෙකඩ වීම පමණි. එළඹෙන මැයි දිනය එජාපයට සාර්ථක දෙකඩ වීමක් සඳහා අවස්ථාව උදා කර දෙනු ඇත. මෙහිදී ඇති ගැටලුව සජිත් ප්‍රේමදාසට මෝඩකම තව ටිකක් මඳ වීම පමණි. මොන නෙයියාඩම් නැටුවත් ඔහුට එජාපයේ බලය අල්ලන්නට හෝ වෙන පක්ෂයක් හදන්නට හෝ බැරි ය.  සජිත් ප්‍රේමදාස යනු ඔය දැන් කරන එක පමණක් බව එජාපයේ ශිරාල් ලක්තිලක වැනි සජිත්වාදීන්ට තේරුම් ගන්නට බැරි වීම සජිත්ගේ සාර්ථකත්වයේ රහසයි.


මෙම සංදර්භය තුළ කුමන්ත්‍රණකාරී විපක්ෂ සන්ධානයක් ගොඩනැගීමේ හැකියාව තවමත් ඇති මංගල සමරවීර වැදගත් පුද්ගලයෙක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය. එජාප රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයත්, ජවිපෙ පාර්ශ්ව දෙකමත්, සෙසු වාමාංශික අන්තවාදීනුත්, රාජ්‍ය නො වන සංවිධාන බිස්නස් කමියුනිටියත්, ආණ්ඩුවේ අංක එකේ අවස්ථාවාදීනුත් බලාපොරොත්තු තබා ඇත්තේ ඔහු වෙත ය. ව්‍යාපාරික ප්‍රජාවට ද ගොඩඑන්නට පිදුරු ගසක් අවශ්‍ය ය. ලංකාවේ දේශපාලනය කොහොමත් නගුට විසින් බල්ලා වනන එකකි.


එතරම් අරුත්බර එකක් නො වුණත් කුමන හෝ වෙනසක් දැකීම ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. //මෙහිදී ඇති ගැටලුව සජිත් ප්‍රේමදාසට මෝඩකම තව ටිකක් මඳ වීම පමණි.//

    :D :D :D

    ReplyDelete
  2. හ්ම්ම් ඇත්ත වගේ කතාව නං ...

    ReplyDelete
  3. අනේ මංගල සමරවීර හදන සංධාන.එයා ආණ්ඩුවෙ ඉන්නකොටත් සංධාන හැදුවනෙ.ඒත් මොකද උනේ?ඔබ කෙසේ කීවත් දැනට දේශපාලනයේ ඉන්න එකෙකුටවත් මේරට හදන්න බැහැ.අපි ඔය කොයි කාගෙත් අතීතය දන්නවානෙ.

    ReplyDelete
  4. සජීව ධනුද්ධරApril 1, 2012 at 9:05 PM

    //මෙහිදී ඇති ගැටලුව සජිත් ප්‍රේමදාසට මෝඩකම තව ටිකක් මඳ වීම පමණි.//
    මසුරං වටින කතාව!

    ReplyDelete
  5. මොකා ආණ්ඩුව පෙරලන්න සන්දාන ගැහුවත් දැන් ඇවිල්ල තියෙන සුරතාන්තය තව දුරටත් හොයාගෙන යන්න පුළුවන් දුරට ඇදී ඇදී යනවා...සිංහල ජනතාව දේශප්‍රේමයෙන් මත් කරලා තියෙන විදිය බලන කොට මේක මස්තකප්‍රාප්ත වෙන්න පුළුවන් ඒ විදිහට තමා...අධිරාජ්‍ය වාදය ගැන කතා පවත්වමින් මිනිසුන්ව බිය ගන්වමින්...ගඩාෆිල, කිම් ඉල්සුන්ලා, චවුචේස්කෝල හදපු ජාතියේ පවුල් පාලනයක් තමා දැනටමත් හදමින් ඉන්නේ...මේකට විරුධව ජාති අවේගයෙන් සහ ජාතිවාදයෙන් මත් වෙලා ඉන්න ජනතාව නැගිටින්නේ නෑ ලඟකදී...එයාලට මේකේ වෙනසක් පෙනෙන්නේ නෑ..."You are in me, I am in me" යන හිට්ලර් ක්‍රමයට ජාතියෙන් මිනිසුන්ව මෝඩ කමින් මත් කරලා තියෙන්නේ... මේවගේ පාලනයක් පෙරලන්න කුමන්ත්‍රණ තමා ඉතිරිවෙලා තියෙන්නේ පොතේ හැටියට...ඒ විදියට පෙරලුනත් මේ ජාතික සම්පත් වැනසීමේ බලු පොරය තමා ඉතිරි වෙන්නේ...මොකද මංගල මේ පාපයට සම්මාදම් උනේ නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා