නඩු නැති රටට පායාවි ද සූර්යා

නීතියේ පිළිසරණ ලබා ගත නො හැකි අයට අදව් කිරීම සඳහා යයි කියමින් පිහිටුවා ඇති රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම හෝ වෙනත් කිසිදු නීතිඥයකු හෝ තමන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් නො වන බව ඊයේ ජානක පෙරේරා ඝාතන නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරුවෝ දෙදෙනා පැවසූ හ. 


මෙම නඩුව දැන් වාර ගණනාවක් තිස්සේ කල් යමින් ඇත්තේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයන් ඉදිරිපත් නො වන නිසා ය. විස්තර මෙතැනින්


ලංකාවේ නිතියේ පාලනයට සිදු වී ඇති තත්වය මෙයින් කදිමට නිරූපණය වේ. 


අධිකරණයෙන් වරදකරුවකු වනතුරු සැකකරුවන් අධිකරණය සලකන්නේ නිදොස් පුද්ගලයන් සේ ය. එනයින් ගත් කල සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සැකකරුගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වේ. 


මෙවැනි තත්වයක් ඇති වූයේ එක වර ම නො වේ. කලක් තිස්සේ රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැගුණු තත්වයන් මෙයට හේතු විය. 


අද වන විට අධිකරණ භූමියේදී ප්‍රසිද්ධියේ ම නින්දිත අන්දමින් නීතිඥයන්ට පහර දෙන තත්වයක් උදා වී ඇත. 


මෙම සබඳතා පුරුකේ සඳහන් වන සිද්ධියට අදාළ කිසිදු සැකකරුවකු තවමත් අත්අඩංගුවට ගෙන නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එනයින් ගත් කල සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සැකකරුගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වේ.

    අද වන විට අධිකරණ භූමියේදී ප්‍රසිද්ධියේ ම නින්දිත අන්දමින් නීතිඥයන්ට පහර දෙන තත්වයක් උදා වී ඇත.

    If the lawyers are bastards, whits the wrong with attacking them, you bastard?
    Who are you?
    What do you want blogger/bastard?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා