පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉංගිරිසි පද පෙරළිය

ජවිපෙන් වෙන් වී ගිය වාම කණ්ඩායම විසින් පක්ෂයක් පිහිටුවනු ලැබ තිබේ.


මේ පක්ෂයේ නම පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.


එහෙත්, පක්ෂයේ ඉංග්‍රීසි නම Frontline Socialist Party ය.


පෙරටුගාමී පක්ෂය යන වචනය සිංහල වාම දේශපාලන ශබ්දකෝෂය තුළ මෙතෙක් නම් යෙදුණේ Vanguard Party යන සංකල්පය වෙනුවෙනි.


Frontline යන වදනට ගැලපෙන පරිවර්තනය වන්නේ ඉදිරිපෙළ යන්නයි.


පහත පළ වන්නේ නව පක්ෂය නිවේදනය කළ පුවත්පත් සාකච්ඡාවේදී සේනාධීර ගුණතිලක කළ ප්‍රකාශයක්:


දේශපාලන පක්ෂයක් වුවමනා වෙන්නේ ඇයි? විවිධාකාරයෙන් දෛනික ප‍්‍රශ්නවලදී මැදිහත් වෙන, ඒ වෙනුවෙන් කතා කරන සක‍්‍රිය දේශපාලන ව්‍යාපාර තිබෙනවා. නමුත් මුළුමහත් මානව සංහතිය මුහුණ දෙන ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන, ඒ අභිලාෂයන් දිනවන පක්ෂයක් සඳහා සමාජයේ විශාල හිස්තැනක් තිබෙනවා........අනෙකා වෙනුවෙන් සටන් කරන සම්ප‍්‍රදායක් ඇති කරන්න පුළුවන්, කොදෙව් සීමාවෙන් පිටට ගිය ජාත්‍යන්තරවාදී චින්තනයක් හදන්න පුළුවන් වමට විතරයි. ඒ වෙනුවෙන් පෙරටුගාමී වැඩ කොටසක් කරන්නයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පෙරට එන්නේ.


ඔවුන් මේ කතා කරන්නේ නිර්ධන පංතියට දේශපාලන නායකත්වය සපයන කොමියුනිස්ට්වාදී පෙරටුගාමීන්ගේ පක්ෂය ගැන බව නිසැක ය. 


එසේ නම් ඉංග්‍රීසියෙන් Vanguard යන වදනය පාවිච්චි නො කර  Frontline Socialist Party කියා කියන්නේ ඇයි?



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. තවත් ලේබල් වමක් එන්න වගේ යන්නේ...තමන්ගේම ඔළුවල තියෙන දේශපාලන ප්‍රොජෙක්ට් එකකට වැඩ කරමින් හුදකලා විප්ලව කරන්න තමා මෙහෙම ඕනෙවට වඩා නියාය කර ගහ ගත්තම වෙන්නේ...ලංකාවේ සමාන්‍ය මිනිහට කට පුරා කියන්න පුළුවන් නමක් වත් දා ගන්න බැරි බව තමා පටන් ගන්න කොටම පෙන්නන්නේ

    ReplyDelete
  2. Frontline කියන වචනය හරියි කියා මම කියන්නෙ නෑ.
    ඒ උනත් Vanguard කියන වචනය කොහෙත්ම උචිත නෑ මම හිතන්නෙ.
    It's used mostly in military matters

    ReplyDelete
  3. ගොඩක් “සමාජවාදියො” ඉස්සෙල්ල ඉංගිරිසියෙන් නම හදල පස්සෙ සිංහලට පෙරළනවනෙ. මෙතනදි වෙලා තියෙන්නෙ අනිත් පැත්ත වගෙයි.

    ReplyDelete
  4. The name of "Sri Lanka Vanguard Party" is shamelessly and unethically copied and here they are ready to go for a new journey. Shame on You "Janaaragala"!

    ReplyDelete
  5. තවත් එක පාජාවක් පමණි..

    ReplyDelete
  6. මං හිතුවේ පෙරටුගාමී කියන්නේ Pioneering කියායි. කොළඹ මෙඩ්ඩන් ගේ ශිෂ්‍ය සංගමය හැඳින්වූයේ ඒ නමින්.

    ඇයි පරිවර්තනයක්? ඇයි එකම නම බැරි?

    ලංකා සම සමාජ පක්‍ෂය හැඳින්වූයේ LSSP = Lanka Sama Samaaja Pakshya ලෙසිනි. ජවිපෙ ද (JVP) එලෙසම ය.

    ReplyDelete
  7. පෙරටුගාමී කියන පදය මුලින්ම යෙදුවෙ මම හිතනවිදියට කලින් X ගෘප් එක හදපු පෙරටුගාමී පක්ශය සඳහායි.

    ජනරළ කන්ඩායම මේ නමේම එල්ලෙන්න හදන්නෙ ඇයි? ඒක සදාචාරාත්මක නැහැ නේද? මොවුන් නිර්මානාත්මක බවින් ඒ තරමටම බංකොලොත්ද?

    -Dimithri

    ReplyDelete
  8. @ Diumithri

    පෙරටුගාමී කියන්නේ vanguard කියන එක.මේක ලෙනින්ගේ අදහසක්.දීප්තිගෙ එකක් නෙමෙයි.ඒ නිසා ඒ නම යොදාගැනීමේ අවුලක් මට පේන්නෙ නැහැ.එහෙනම් සමාජවාදී කෑල්ල යොදාගත්ත නිසා සිරිතුංග ජයසූරියටත් අවුල් යන්න ඕනේ.මේක අල්ලගෙන දීප්තිලා නම් පොඩි ස්වයංවින්දනයක් ගන්න බව පේනව.එයාලට මේ ටිකෙ වෙන වැඩක් වැඩිය නැති එකේ එහෙම ආතල් එකක් ගන්න එක අවුලක් නැහැ

    - සමන්තභද්‍ර

    ReplyDelete
  9. ඔය නම දාන්න අනිවාර්යයෙන්ම සුමිත් සම්බන්ද ඇති. මිනිහ හිතන්නෙ දීප්ති
    හිතන ඒව හරියනවයි කියල. කොහොමටත් ඔය පිස්සු හරියන වැඩ නෙවෙයි.
    මේ කාලෙ ඔයිට වඩා හුගක් serious හිතන්න ඕන.

    Nihal.

    ReplyDelete
  10. @ Diumithriට

    දීර්ඝ කාලයක් ලංකාවේ බොහෝ දේශපාලන ක්‍රියාධරයන් සහ සිවිල් සංවිධාන විසින් කරමින් සිටින්නේ ගේම් ගැසීමයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ බිරිද විසින් ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවකදී පවසා සිටියේ මෙය ගේම් එකක් වන බවයි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය සහ ගේම් අතර ඇත්තේ හදුනා ගත නොහැකි තරමේ බෙදුම් ඉරකි. මේ නිසාම බොහෝ අය දේශපාලනය යැයි කියමින් ගේම් ගසන බව අපි දනිමු. මේ වන විටත් ජන අරගල ව්‍යාපාරය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි සිය පක්ෂය නම් කරණු ලැබ තිබෙන්නේ ඇයි? මේ පෙරටුගාමී නම අප විසින් වසර ගණනාවක් දැඩි මහන්සියෙන් අපගේ පක්ෂයට යොදාගත් නමයි.

    පැහැදිලිවම මේ නම ජන අරගලය විසින් පැහැර ගැනීම ගේම් එකක් නොවේ යැයි කිසිවකුටවත් කියන්නට පුලුවන්ද? මේ නම අපගේ පක්ෂයේ නම බව පැහැදිලිවම මේ රටේ දේශපාලනය කළ බොහෝ අය හොදින් දනී නමුත් මේ අය එය නොදන්නා ආකාරයෙන් හැසිරීම ගේම් එකක් මිස වෙනත් යමක් වන්නේ නැත. විශේෂයෙන් මෙරට ජන මාධ්‍ය විසින් මේ වන විටත් ජන අරගලය හදුන්වන්නේ පෙරටුගාමී පක්ෂය වශයෙනි. එය අප විසින් මහනසියෙන් නිර්මාණය කල අපගේ පක්ෂයේ නම බලහත්කාරයෙන් අයිතිකර ගැනීමකි. නමුත් මේ ගැන කතා කරන්නට තරම් මහත්වරුන් ලංකාවේ දේශපාලනය නොකරන බව අපට පැහැදිලිය. අප විසින් මේ රටේ දේශපාලන ශබ්දකෝෂය වෙනස් කරණු ලැබුවේ වසර දහයක් දැඩි පරිශ්‍රමයක් දරමිනි.

    කෙසේ නමුදු මේ දුෂ්කර කාලපරිච්චේදය තුල අප විසින් අපගේ දේශපාලන ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් මේ දුෂ්කර මාවත තුලින්ම විවිධ ගැටීම් හැලහැප්පීම් මධ්‍යයේ වුවත් පවත්වාගෙන යනු ලබන අතර නාගරික විප්ලවාදී දේශපාලනයේ පෙරටුගාමී බලවේගය ලෙස අපේ ගමන නතර කරන්නට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවද කියන්නට කැමැත්තෙමු. ජන අරගල ව්‍යාපාරයේ පළමු පෙළ නායකයන් අත්අඩංගුවට ගනිමින් රජය විසින් දේශපාලන ක්‍රීයාධරයන් මර්ධනය කිරීමේ නින්දිත උත්සහය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහ මෙරට ජනමාධ්‍ය ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයන් පැහැරගෙන ගොස් මරා දැමීමට මෙන්ම මේ රටේ දෙමල ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරමින් තවදුරටත් දෙමල පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සහ පැහැරගෙන යාමට එරෙහිව අප අපගේ විරෝධය ප්‍රකාශක කරන්නෙමු.

    තව දුරටත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ මර්ධනීය ක්‍රීයා හෙලා දකින්නට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. මේ රටේ සියලු පුරවැසියන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය මර්ධනය කරන්නට තවදුරටත් රජයට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදීමට සියලු බලවේග එක්ව ක්‍රියා කලයුතු බවටත් අවධාරණය කරන්නෙමු.

    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

    ReplyDelete
  11. ජන අරගල ව්‍යාපාරයේ "පෙරටුගාමී" යන නම මුල් වරට දුටු සැනින් මගේ සිතට නැගුනේ ජනප්‍රිය වෙලඳ භාන්ඩ වලට ලඟින් යන නම් යොදා වෙලඳපොලට එවන ව්‍යාජ නිශ්පාදනයි. දේශපාලන පක්ශ යනු වෙලඳ භාන්ඩ නොවේ. එනිසා අඩු වශයෙන් වෙලඳපොලක ඇති සදාචාරයට වඩා වැඩි යමක් ජන අරගල ව්‍යාපාරයට තිබිය යුතුයි යන මතයේ ඉඳගෙනයි ඔවුන්ගේ සදාචාරය සහ නිර්මානාත්මක බංකොලොත් බව ගැන මගේ මුල් කොමෙන්ටුව කලේ.

    @සමන්තභද්‍ර: වචනය දීප්තිගේ ද ලෙනින්ගේද යන්න ගැන නොවෙයි. ඉතා සරල "කොපිකැට්" කිරීමක් ගැනයි. සමසමාජයෙන් (බලන්න.. අපි ලංකා සමසමාජ පක්ශය ලෙස කටවහරේ යොදන්නෙ නැහැනේ) කැඩී වෙන්වුන බාහුලා එය "නව සමසමාජ" ලෙස සටහන් කලේ ඔවුන්ගේ විභේදනයයි. එය කොපි කිරීමක් නොවෙයි. ("එජාප"යේ නැති ප්‍රජාතන්ත්‍රවාදය හයිලයිට් කරන්න කියල ආව "ප්‍රජාතන්ත්‍රවාදී එජාපෙ"ත් ඒ වගේ) අනික දැන් පක්ශ වල තියෙන සමාජවාදී කියන වචනය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්, එක්සත් වැනි වචනයක් වගේනේ. නමුත් මේ පෙරටුගාමී කියන්නෙ ඒ වගේ නොවෙයි; ලංකාවට අලුත් නමක්.

    මගේ සරල මතය, ජන අරගල ව්‍යාපාරය පක්ශයක් වන්නේ නම් සුදුසුම නම "නව (/විප්ලවකාරී/විකල්ප ) ජවිපෙ". එය සම්ප්‍රදායික වැඩියි වගේ නම් අලුත් නිර්මානශීලී නමක් ගැන සිතීම ඉතා හොඳයි. නමුත් මෙතැන ඇත්තේ ගසාකෑමක්. මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අපහැදිලියි. පෙරටුගාමීන්ගෙන් (X ගෲප් [3මාන]) බෙදී වෙන්වීමක්? පෙරටුගාමීන් ලෙස X ගෲප්[3මාන] එක හැඳින්වීම වැලැක්වීමට? ලාභ ජනප්‍රියතාවයක්? නැතිනම් අපි කිසිසේත් නොසිතන ඉතාම සරල හේතුවක් (එය එසේ නම්, 3මාන විසින් ලඟදීම හෙලිදරවු කරනු ඇත!)?

    මගේ ඇත්ත ප්‍රශ්නය නම්, ජන අරගල ව්‍යාපාරය උතුරේ ප්‍රශ්නය ගැන දරන ආස්ථානයයි; ඔවුන් අඩු වශයෙන් එහිදී ජවිපෙන් වෙනස් වන්නේ කෙසේද යන්නයි. ඔවුන් ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි පිලිගන්නවාද? බලය බෙදීමට එකඟද? විකල්ප යාන්ත්‍රනයක් ගැන අදහසක් ඇත්ද? නැතහොත් උතුර යනු හුදෙක් යුද්ධයෙන් පසු උතුරද? යුද්ධය යනු හුදෙක් සරනාගතයන් නැවත පදිංචි කිරීම සහ ජන ජීවිතය නැවත ස්ථාපනය කිරීමද? යුධ අපරාද යනු තෝරාගත් හමුදා සහ දේශපාලන නායකයන් ඇතැමෙක් පමනක්ද? අතුරුදන් කිරීම් කැලැන්ඩරය ආරම්භ වූයේ ලලිත් කූගන්ගේ අතුරුදන්වීම සමග පමනක්ද?

    කොටින්ම ඔවුන් දෙමල සමාජය වෙත හැරීම යනු නව වෙලඳපොල වෙත හැරීමක් පමනක් නොවන්නේ කෙසේද?

    නව පක්ශය - ලඟදී 3මානද උපුටා දැක්වූ පරිදි - විකොස/කීරිති බාලසූරියගේ විවේචන තුල සමාජය ඉදිරියේ තැබූ ප්‍රශ්න වලට පිලිතුරු දිය යුතුයි.

    මේ ප්‍රශ්න නිරාකරනය කර නොගෙන ඔවුන්ගේ නව ආගමනයට සුභපැතුම් පිරිනැමීමට, ධනාත්මකව දැකීමට, ප්‍රවේශම් වියයුතු දෑ ගැන අවවාද දීමට ඉදිරිපත් වීම (W3, 3මාන ද ඇතැම්විට ) උත්ප්‍රාසජනකයි.

    ReplyDelete
  12. දීප්ති කුමාර් ගුණරත්නම් ගේ විලාපය
    මේ දවස්වල ලංකාවේ පෙරටුගාමී මනෝ රාජික සමාජවාදීන් වන දීප්ති කුමාර් ගුණරත්නම් ගේ ශ්‍රී ලංකා පෙරටුගාමින් අමුතු වින්දනයක් ගනු පෙනේ. ඒ කුමාර ගුණරත්න හෙවත් නොඑඅල් මුදලිගේ මෙහෙයවනු ලබනවා යි සැක කරන ශ්‍රී ලංකා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නමේ කෑල්ල සම්බන්ධයෙනි. ලංකාවේ "තුට්ටු දෙකේ" මාධ්‍ය ඕන කමින්ම සමාජවාදී කෑල්ල කපා පෙ. ස. ප එකට පෙරටුගාමීන් යයි ඇමතීම ශ්‍රී ලංකා පෙරටුගමිත්වයේ උරුමක්කාර පොල්මහ්කාරයන් යයි සිතා සිටින දීප්ති ලාට ලොකු අමාරුවකි. මේ අමාරුව මීට වැඩිය එහා ගිය දෙයකි. සුස්තියක් ගහගෙන සොමියේ සමාජවාදය විවරණය කරන දීප්තිලා යුව රජතුමාගේ ශ්වේත වර්ණ වාහන වල රේඩාර් වලට අහු නොවෙන්නේ නිකම්ම නොවේ. මේ ගොල්ලන්ගේ සමාජය දැනුවත් කිරීම පවතින පාලනයට තර්ජනයක් නොවන හෙයිනි. ශ්‍රී ලංකා පෙරටුගාමින් දැන ගත යුතු දෙයක් තිබේ. දයාන් ජයතිලකගේ පියා වන මර්වින් දා සිල්වා ඒ දවස් වල ලංකා ගාර්ඩියන් සඟරාවේ නොයෙකුත් මතවාදයන් පල කළේය. නමුත් ඔහු කවදාවත් ඒවායේ උරුමක්කාරයන් වන්නට ගියේ නැත. අපි 1980 දශකයේ පටන් නොයෙකුත් දර්ශනවාදයන් හැදෑරුවෙමු. ඒ දවස් වලද මහජන පුස්තකාලයේ සංවාද ගියේය. නමුත් කවුරුවත් ඒවායේ පොල්මහ්කාරයන් වන්නට ගියේ නැත. ඒ දැනුම හැමෝටම පොදු විය. හිස්ටෙරිකයා ගැන ලියු වාක්කයකට, මොන හිස්ටෙරිකයා ගැනද කතා කලේ කියා ඇසු විට කොමන්ටුව ඉවත් කර පැන යන්නට තරම් බොළඳ මේ කට්ටියට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය පෙරටුගාමී නමයි. X කණ්ඩායම ගැන මගේ හොඳ හැඟීමක් තිබේ. ඒ වගේම ඉන් කඩාගෙන ගිය කට්ටිය ගැනද එසේමය. ත්‍රිමාණ අපි නිතර කියවන වෙබ් අඩවියකි. Lankaenews හෝ Lankacnews බලලා ලේ කුපිත කරගෙන මොලයට යමක් දා ගන්නට එන්නේ ත්‍රි මානයට හා LankaViews එකටය. දැන් මේකටත් කෙල වෙලාය.
    දැන් මට ප්‍රශ්නය කලින් උපන්නේ කවුද කියාය. කුමාර් ගුණරත්නම් ( පෙ. ස. ප) කලින් උපන්නේ නම් දීප්ති ගේ දෙමාපියන් අතිශයන්ම වැරදිය. නමේ අගට අ යන්න යොදා අනාගත ලංකාවේ වෙන්නට යන පක්ෂ නායකුගේ නමක් සොරා ගෙන තිබේ. දීප්ති කුමාර ගුණරත්න (පෙ. පක්ෂය ) කලින් ඉපදුනේ නම් කුමාර් ගේ අර පුතා ඉල්ලු හැඬු අම්මත් මිය ගිය තාත්තත් වැරදිය. අ යන්න අයින් කර හොර කමට අනාගත ලංකාවේ ශ්‍රේෂ්ට මනෝ රාජික සමාජවාදී දර්ශන වාදියෙකුගේ නමක් සොරා ගෙන තිබේ. සුවර් එකටම ඉන්දියාවේ හෝ ලංකාවේ මලයාලි ගුරුකම් කාරයෙකුගේ හෝ වැල්ලවත්තේ හඳහන් කාරයන් ගෙන් නම බලා ගෙන ඇත.
    දැන් මටත් පැටලිලාය. දීප්ති කුමාර් ගුණරත්නම් පෙ ස පෙ ද. කුමාර ගුණරත්න පෙ ද. නැත්නම් අනිත් පැත්තටද.
    නැත්නම් මේක මාර විහිලුවක්ද.
    අජිත්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා