ඉන්දියාව තවත් එක් රටක් ලෙස පමණක් සලකන්නැයි හෙළ උරුමයෙන් යෝජනාවක්

ජාතික හෙළ උරුමය ආණ්ඩුව ගත යුතු මග පිළිබඳ විකල්ප යෝජනාවලියක් ජනාධිපතිට භාර දීමට නියමිත බව එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා තිබේ. 


එහි විශේෂ ම ලක්ෂණය වන්නේ ඉන්දියාව කලාපයේ තවත් එක් රටක් ලෙස පමණක් සලකන්නැයි ඉල්ලා සිටීමයි. 


මේ වනාහි ලංකාවේ සමස්ත ඉතිහාසයට ම පටහැණි කතාවකි. මන්ද, ලංකාවට කිසිදු කලෙක ඉන්දියාව තවත් එක රටක් පමණක් වි නැත. ඉන්දියාව හැමදාමත් ලංකාව සමග සුවිශේෂ සම්බන්ධයක් තිබුණු රටකි. ඉන්දියාවෙන් ලංකාවට මෙන් ම ලංකාවෙන් ඉන්දියාවටත් සිදු වූ බලපෑම් අති මහත් ය.


ජාතික හෙළ උරුමයේ අඟේ ඉඳන් කන කෑමේ උපාය මෙම යෝජනාවෙන් කදිමට ප්‍රදර්ශනය වේ. අන්තවාදීන් පිරිසකගේ බලය සඳහා වූ පටු පරමාර්ථ සාධනය කර ගැනීම පිණිස ඉදිරිපත් කරන මෙවැනි කේවට්ට උපදෙස් ක්‍රියාත්මක කළහොත් සිදු වනු ඇත්තේ ලෝකයෙන් හුදකලා වි සිටින ලංකාව කලාපයෙන් ද හුදකලා වීම බව පාලකයන්ට වැටහිය යුතු ය. 


තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇත්තටම ඒකනම් ගොන් ම ගොන් තකතීරු යෝජනාවක්

    ReplyDelete
  2. පුදුම වෙන්න කාරනයක් නෑ නොවැ ආයූබෝවන්ඩ. සිවුරේ පිහිටෙන් බලේට ඇවිත් ඒකටත් පයින් ගහන උන් නේ.. මුන් නියෝජනය කරන පන්තියත් ඒ වගේම තමයි. අම්මා තාත්තට සලකන්නේ නැති උන්.

    ReplyDelete
  3. ජාතික හෙළ උරුමය තවත් එක් අවස්ථාවාදී, අමන සහ බලලෝභී දේසපාලුවන් පිරිසක් පමණක් ලෙස සළකන්නැයි කියල මමත් ජනාධිපතිගෙන් ඉල්ලනවා.

    ඒ වගේම නරකද හාංදුන්නේ ඔය එක්කම ඉල්ලුවොත් බුද්දාගමත් තවත් එක් ආගමක් ලෙස පමණක් සළකන්න කියලත්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා