ඉන්දීය අගමැතිවයාගේ ලියුම සිහි බුද්ධියෙන් යුතුව කියවනු

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ලංකාව සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් පසු ඉන්දීය අගමැතිවරයා විසින් ලංකාවේ ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය සිහි බුද්ධියෙන් කියවා බැලීම මේ රටේ පාලකයන්ගේත්, පුරවැසියන්ගේත් යුතුකමකි. (හැම ගැහැනියක් ම මිනිසෙක් ම පුරවැසියෝ නො වෙති.) 


ඉන්දීය අගමැතිවරයාගේ ලිපිය මෙතැනින් කියවන්න. 


යෝජනාවේ වචන වෙනස් කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වූ බව එහි සඳහන් කර ඇත. එයින් පෙනෙන්නේ යෝජනාවේ කලින් අඩංගු වන්නට ඇත්තේ මීට වඩා දැඩි වගන්ති බවයි. 


එසේ ම, ඉන්දීය අගමැතිවරයා පැහැදිලිව ම කියා ඇති පරිදි බලය බෙදා ගැනීම ඔස්සේ ලංකාවේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයා ගත යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව හැම විට ම සිට ඇත. 


මේ ටික තේරුම් නො ගෙන, ලංකාව දිනුවා යි තර්ක කරන සී. ඒ. චන්ද්‍රප්‍රේම පන්නයේ කේවට්ටයන්ගේ උපදෙස් පිළි ගනිමින්, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කළ යුතු යයි තර්ක කරන එස්. එල්. ගුණසේකර වැනි අවලංගු කාසිවල වලංගුභාවය දිනා ගැනීමේ ගැටවලට හසු වෙමින්, ඉන්දියාව පනතට පක්ෂව ඡන්දය දුන්නේ ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ය වැනි ගොන් කතා කියමින් තවත් අවුරුද්දක් ගත කරන්නට ලංකාවට පුළුවන. 


අන්තිමට කී ගොන් කතාව ගැන තවත් යමක් කිව යුතු ය. ඉන්දියාව ඒ රටේ අභ්‍යන්තර හඬට සවන් දෙන එක අපේ පාලකයන්ට තේරුම් ගන්නට බැරි කුණුහරුපයක් වි තිබේ. එහෙත්, ඒ වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ඉන්දියාවේ කවුරුවත් ලංකාවට පක්ෂව ඡන්දය දෙන්නැයි පෙළපාලි ගිය බවක් අපට නම් අසන්නට නො ලැබිණි. 


තව අවුරුද්දකට පසු හෝ ලංකාවට ආපසු ජිනීවා යන්නට සිදු වන  වන බව පාලකයෝ සිහියේ තබා ගත යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ගොන් පාට් දේශපාලනයේ නිමාවක් නැත..

    ReplyDelete
  2. ආණ්ඩුවට සහ දේශප්‍රේමයෙන් මත්වෙලා කඩේ යන ගොන් හැත්තට ඔය සිහියයි , බුද්ධියයි කියන දෙකම නැනේ මහත්තයෝ

    ReplyDelete
  3. "ඉන්දියාව යනු තවත් එක රටක් නොවේ"(don't think that India is just another country) යයි එදා ඉන්දිරා ගාන්ධි ලංකාවේ මහා බලවතා වගේ හිටපු ජේ ආර්ට කීව බව මේ පාලකයන්ට උපදෙස් දෙන විදේශ ප්‍රතිපත්ති උපදේශකයන් යලිත් මතක් කර ගත්තොත් මේ උනේ මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි...අපි ගියේ ජිනීවා නොවේ නිව් දෙල්ලි බව එතකොට තේරුම් ගන්න පුළුවන් වේවි...අන්තිමට ඉන්දියාව දකුණු ආසියාවේ වෙන දේවල් ගැන අපි බල ගන්නම් කියන සුපුරුදු මුලධර්මය ක්‍රියාත්මක කලා...අමෙරිකා යෝජනාව ඉන්දියාව බර ගත්තා...දැන් ඉතින් ඉන්දියාව එක්ක ප්‍රති සන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන කතා කරන්න වෙනවා...නිකන් බයිලා කියන්නේ නැතිව මේ ඇමතිලා ටික රාජ්‍ය තන්ත්රික කියන්නේ මොකද්ද කියල ටියුෂන් පන්තියකටවත් ගිහිල්ල ඉඳගෙන ගතහොත් හොඳා...

    ReplyDelete
  4. mama hitanne api indiyanu mana sikath wayen dan wath midanna ona kiyalai.anduwe 7500/= kata masekata 3 jeewat wanna pulan kiyana balu kiri bipu amathiyo tamai inne......thawat mona kathada......thama anduwa karann ne oluwen hitagana sharira kuthya karana aka.

    ReplyDelete
  5. රැපියල් 7500/=ට 3 දෙනෙකුට ඡිවත්වෙන්න පුලුවන් කියලා ඇමතියො නියන රටෙ...උං හැමදේම කරනන්නෙ ඔලුවෙන් හිටගෙන ...උන්ගේ..මල.උන්ගේ.. ඇගේ..ගැවුනාම,,බත් පැකටි 1 රැපියල්500/= ඇරං කොටුවට ඇවිදින් .....ඡාතික කොඩියේන් පිහදැමිමාම ඔක්කොම හරි...

    ReplyDelete
  6. දේශප්‍රේමී වයලට්….
    http://www.hurulla.com/2012/03/blog-post_26.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා