කෙළ පඩික්කම් නීතිඥයන්ගේ ඔලුවේ නවන හාමුදුරුවෝ හා උපාසක උපාසිකාවෝ

කෝට්ටේ පන්සලක භික්ෂූන් නෙමක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට අමානුෂික ලෙස පහර දී තිබේ.


එම පහර දීම කර ඇත්තේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නිතිඥයන් පෙනී නො සිටිය යුතු බවට අධිකරණයේ උද්ඝෝෂණයක් කළ බෞද්ධ භික්ෂූන්, උපාසක, උපාසිකාවන් ඇතුළු පිරිසේ සිටි අය බව වාර්තා වේ. 


පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත. 


නීතිඥයාට බිම දාගෙන පහර දුන් බව ද වාර්තා වේ.


මෙම පහර දීම ද අර ඝාතනය තරම් ම නින්දිත එකකි. එම ඝාතනය සිදු කළේ ද මෙම උපාසක උපාසිකාවන් වැනි ම වූ පන්සල් පාළුවකු විසින් වීම ද සුවිශේෂ ය. ඔහු පන්සලක අටවන ලද දේවාලයක බස්නායක නිලමේ කෙනෙකු බව ද කියැවිණි. 


බුදු හිමියන් දෙසූ දහම අවිහිංසාවාදී දහමකි. ලංකාවේ අද ඇත්තේ බුදු හිමියන්ගේ බුදු දහම නො වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බිස්නස් කරන හමුදුරු හොරුන්ටයි.. බිස්නස් කරන උපාසක උපාසිකාවන්ටයි තෙරෙන්නේ නැද්ද දන්නේ නෑ. ලෝයර්ලා කරන්නෙත් බිස්නස් එකක් කියලා.. අනික මෙහෙම ගහලා තියෙන්නේ උසාවී බූමීයේදි.. මොන සූත්‍රයේද දන්නේ නෑ. ලෝයර්ලට ගහන්න කියලා තියෙන්නේ..

    ReplyDelete
  2. අද තියෙන්නෙ J.R.ගෙ ධර්මය

    ReplyDelete
  3. ඔය JVP කාරයෝ තමා පන්සල්වලට දේශපාලනේ ගෙනල්ල හාමුදුරුවරු කෑවේ

    ReplyDelete
  4. ලංකාවේ බුද්ධාගම නැහැ කියල මම කියන්නෙ අවුරුදු ගණනාවක් තිස්සෙ. ඒක බොහොම වගකීමෙන් කියන එකක් උනත්, අමිහිරි මාතෘකාවක් නිසා ඒක පිළිබඳ සකච්චාවකට බොහොම දෙනෙක් අකමැතියි. මම නැවතත් කියන්නෙ, ලංකාවේ බුද්ධාගම තියා, ඒකෙ පුලුටක්වත් නැහැ.
    බුදුන් වහන්සෙ ලංකාවට 3 වතාවක් ඇවිල්ලත්, ඒ දැනුම ලංකාවට දුන්නෙ නැහැ. අවසානයේදි පසු කාලීනව ඒක ඉන්දියාවෙන් එවුවත්, ඒකෙන් නියම ප්රපවෝජනය ගන්න තරම් බුද්ධිමතුන් හිටියෙ නැහැ . උදාහරණය තමා රහතන් වහනසේ නිර්වචනය කරල තියන විධිහ. මේ කරුණු මහ වංශයෙත් සඳහන්වෙනවා. ඒ කියන්නෙ මහා වංශය ජාති වාදයේ උපරිමයෙන් කෙරුන ලියවිල්ලක්.
    අද ධර්මය ගැන කතා කරන්නේ මිලියන් ගණන් පොලියට දෙන චීවරධාරියෝ. ඔවුන් සහ මර්වින් සිල්වා වැනද මිනිසු අතර වෙනසක් නැහැ කියන එක අපේ කාලකණ්නි සිංහල බෞද්ධයන් කවදාවත් තේරුම් ගන්නෙ නැහැ. ඔබලා කරන්නේ, ඔබලාගේ ජීවිත කාලය විනාශ කරගන්න එක විතරයි. කාලයෙන් ප්රනවෝජන ගන්න.
    ලංකාව කියන්නේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්. ඒක බිහි වෙලා තියෙන්නේ යම් කිසි අවශ්යෙතාවයකට. ඒක වෙනස් කරන්න හදන්න එපා. එහෙම කරන්නට උත්සහ කරන අයගේ ඉරණම පැහැදිලියි. ලංකාව ලංකාව මිසක් සිංගප්පුරුවක් හෝ එංගලන්තයක් නොවේ. ඒක තේරුම් ගන්න.
    නැවක් ගිලෙනකොට, ප්රගතමයෙන්ම ඔබ බේරෙන්න. ඔබ බේරිලා නම් අනිත් අය ගැන හිතන්න. ඒ වගේම මේ මොහොතේ ප්රටතමයෙන්ම ඔබ ගැන සිතන්න. ඔබ නිදහස් නම් පමණක් අන් අයට උදවු කරන්න. ඔබ නිදහස් නැති නම්, අන් අයට පෙර ඔබ, ඔබ ගැන සිතන්න. අන් අයගේ සිතුවිලි වෙනස් කරන්න ඉස්සර, ඔබ ඔබගේ සිතුවිලි වෙනස් කරගන්න.

    ReplyDelete
  5. ගහපු එක වැරදියි එත් මේවගේ එවුන්ව බේරගන්න ඉදිරිපත් උන එක ඊට වැඩ වැරදියි ඕකට කතා නොකලට හිගාකන්න වෙන්නේ නැනේ

    ReplyDelete
  6. "ඔය JVP කාරයෝ තමා පන්සල්වලට දේශපාලනේ ගෙනල්ල හාමුදුරුවරු කෑවේ"
    අනේ පලයං බං යන්න...එතකොට අර බණ්ඩාරනායකට 50 ගණන්වල වෙඩි තිබ්බ සෝමාරාම ජේවීපී කාරයෙක්ද.... අර තෙල් කටාරම් වල දාලා සංඝයා ඝාතනය කෙරෙව්ව දුටුගැමුණු කාලෙත් ජේවීපි එක තිබුනද?
    යකෝ ජේවීපී එක පන්සල්වලට ගියාට ගනයොන්ට මොන විලම්බෑසියක්වත් වුනේ නැහැ. හැබැයි පන්සල්වලට ගියායින් ජේ වීපී එක නම් විනාස වුනා. ඔය සෝමවංස ගැටයා කාලේ පන්සලක මහණ වෙන්න ගිහිල්ලා දාපු හිටපු ඇබිත්තයෙක්.. විජේවීර තමා ඕකාව ජේවිපී එකට ගෙනල්ලා තියෙන්නේ... දැන් කැවිලා තියෙන්නේ ජේවීපී එකද ? සෑසනේද?....

    ReplyDelete
  7. ඔය JVP කාරයෝ තමා පන්සල්වලට දේශපාලනේ ගෙනල්ල හාමුදුරුවරු කෑවේ"
    අනේ පලයං බං යන්න...එතකොට අර බණ්ඩාරනායකට 50 ගණන්වල වෙඩි තිබ්බ සෝමාරාම ජේවීපී කාරයෙක්ද.... අර තෙල් කටාරම් වල දාලා සංඝයා ඝාතනය කෙරෙව්ව දුටුගැමුණු කාලෙත් ජේවීපි එක තිබුනද?
    යකෝ ජේවීපී එක පන්සල්වලට ගියාට ගනයොන්ට මොන විලම්බෑසියක්වත් වුනේ නැහැ. හැබැයි පන්සල්වලට ගියායින් ජේ වීපී එක නම් විනාස වුනා. ඔය සෝමවංස ගැටයා කාලේ පන්සලක මහණ වෙන්න ගිහිල්ලා දාපු හිටපු ඇබිත්තයෙක්.. විජේවීර තමා ඕකාව ජේවිපී එකට ගෙනල්ලා තියෙන්නේ... දැන් කැවිලා තියෙන්නේ ජේවීපී එකද ? සෑසනේද?....

    ReplyDelete
  8. "මෙම පහර දීම ද අර ඝාතනය තරම් ම නින්දිත එකකි."

    දැන් තමයි ඇත්තටම මගේ මොලේ පෑදුනේ. අපගේ සිතිවිලි අවදි කර නියම මගට යොමුකරන්නාවූ මෙම ලියුම් කරුට ගොඩක් පිං.

    ReplyDelete
  9. ලංකාවෙ බුද්ධාගම තියනවා හැබැයි ඔය හාමුදුරැවො ගාව ‍නේමෙ
    කර්මය කියනදේ කාටත් පොදුයි.
    මෙකරපු දේ වැරදියි,

    ReplyDelete
  10. එහෙමනං අර මර්වින් සිල්වා වගේ කුඩුකාර මිනීමරුවන්ට ආවඩන හාමුදුරුවරුන්ටත් කෙල පඩික්කම් හලන්න ඕන.

    ReplyDelete
  11. බුදු දහමට චු කරන්නෝ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා