බය නො තේරෙන චම්පිකගේ අලුත් දහං ගැටය

ඉරාන තානාපති බදාගෙන
ලංකාවේ සිටින අසංඛ්‍යයක් ඇමතිවරු අතරින් බය නො තේරෙන ම පුද්ගලයා හෝ එහෙම නැතිනම් වැඩි ම උන්නතිකාමී පුද්ගලයා විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක ය. 


විමල් වීරවංශ හා ඔහු අතර ඇති බය නො තේරෙන පුද්ගලයා වීමේ තරගයෙන් මේ වන විට චම්පික රණවක ඉදිරියෙන් සිටියි. 


ඊයේ පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුම සම්මන්ත්‍රණයේදී ඔහු ඇමරිකාවට පලු පැලෙන්නට දුන්නේ ඇමතිකම හා රාජ්‍ය තාන්ත්‍රිකකම බල්ලාට ගියත් කමක් නැහැ ය කියා හිතමිනි. 


ඔනෑම රටක් සමග එක්ව ඇමරිකාවට එරෙහිව සටන් කරන්නට සූදානම් බව ඔහු කීවේ කිනිහිරය වෙනුවට මිටිය වන්නට සූදානම් බවට උපහැරණයක් ද කියමිනි. 


ඇමරිකාවට එරෙහිව මෙතෙක් සැබැවින් කට ඇරිය ආණ්ඩුවේ එක ම නායකයා චම්පික රණවක ය. ඇමරිකාව කොටි සංවිධානය සමග සම්බන්ධ බව ඔහු කෙළින් ම කීවේ ය. 


තමන් වෙනත් ඇමතිවරුන්‍ හා නායකයන් සේ ඇමරිකාවේ, යුරෝපයේ වීසා බලාගෙන බත් මුඛයත් අධෝ මුඛයත්  පියාගෙන ඉන්නා කෙනෙකු නො වන බව චම්පික රණවක පෙන්වා දී ඇත. 


චම්පික දක්ෂ දේශපාලනික උපායික විශේෂඥයෙකි. 2001 ඡන්දය වෙලාවේ ලේඛකයා අනුරාධපුර කඩ පනහේ පැවති සිහල උරුමයේ රැස්වීමක් දුටුවේ ය. එය බලන්නට එක ම මිනිහෙක්වත් සිටියේ නැත. එහෙම තිබුණු තම පක්ෂය ගංගොඩවිල සෝම හිමියන්ගේ මළ සිරුර විකුණමින් ශ්‍රී ලාංකික නාගරික මැද පංතියේ ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදී උම්මත්තක  අදහස් ‍ප්‍රවර්ධනය කරන මට්ටමට ගෙනැවිත්, එම අදහස් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන පුරුක බවට පත් වී 2004 වන විට ප්‍රබල තැනකට ගෙන ඒමට චම්පික සමත් විය. 


චම්පික රණවක ගංගොඩවිල සෝම හිමියන්ට කළ දෙය මහින්ද රාජපක්ෂටත් කරන්නට බැරි හාදයෙක් නො වේ. 


විදුලි බල මණ්ඩලය ලාභ ලබන බව පෙන්වන්නට ගොස් ගණිතයෙන් ඇන ගත් මුත්, දැන් චම්පික බලවත් ඇමතිවරයෙකි. මෙතැනින් එ‍හාට තව ඇමතිකම් වැඩක් නැත. චම්පික මේ රටේ ජනාධිපති විය යුතු ය.


ඔහු වැනි පුද්ගලයන්ගේ වාසනාව රැඳී ඇත්තේ ගැටුම්කාරී තත්වයන් තුළ ය. චම්පික වත්මන් තත්වය තුළ දක්ෂ ලෙස සිය දේශපාලන සූදුව ආරම්භ කර ඇත. යුරෝපයේ පදිංචියට යාමට දත මැදගෙන ඉඳිමින් සිංහල බෞද්ධකමේ ශ්‍රේෂ්ඨත්වය ගැන පුරසාරම් දොඩන ලංකාවේ නාගරික මැදපංතික කුහකත්වයට හා හීනමානයට ගැලපෙන නියම ම දේශපාලන නායකයා තමන් බව ඔහු ඔප්පු කරමින් සිටියි. 


ලිබියාවේ ගඩාෆිගේ සිට ඉරානයේ අමඩිනෙජාඩ් දක්වා පුහු ඇමරිකන් විරෝධී මෝස්තරකාරයන් පේලිය අතර තමන්ට ද ඉඩක් පාදා ගැනීමට චම්පික කැස කවයි. 


අප සිතන පරිදි මේ අර්බුදයෙන් ඔහු 'ගොඩ ඒමට' පොටක් පාදා ගනු ඇත. රටට අබ සරණ ය.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Champika is great if he attacked US openly. US with record of killing millions of civilions has no moral right to ask for accountabillity from other countries.

    ReplyDelete
  2. මචෝ පාඨලී උම්බට ලිංගික අපයෝජනයක් කලාද? උගේ ගෑනිටවත් නැති අමාරුවක් උම්බට තියෙන්නේ දුකයි... මානසික රෝගියෙක්.. උම්බේ බ්ලොග් එකේ 99% තියෙන්නෙ පාඨලී ගැන. පව්..

    ReplyDelete
  3. යකෝ මුට මුස්ලිම් එවුන්ව පෙන්නන්න බෑ කියල මුළු ලංකාවම දන්නවා. බලහන්කො ලජ්ජා නැතුව තමන්ගේ වාසියට බදාගෙන ඉන්න අපුරුව.

    ReplyDelete
  4. ගල් ආඳා වැඩ නම් හොඩක් උන් ගාව තියෙනවා. මෙයා ළඟ විතරක් නෙමෙයි. ඇයි සජිත්. මම කවදාවත් චම්පිකට ඡන්දයක් දෙන එකක් නෑ අනාගතේවත්. නමුත් ප්‍රභාකරන්ට මෙන්ම මොහුටත් මගේ ආදරයක් තිබෙනවා.

    ReplyDelete
  5. චම්පිකට, විමල්ට, අනර්කලීට, පබාට, මර්වින්ට, වැනි අයට ලක්ෂ ගණන් මනාප දෙනන් අපේ ටේ ඉන්නේ හරක් ද මන්දා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා