ජොනී ප්‍රනාන්දුට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

එළවළු මිළ දී ගැනීමේ මිළ පහත වැටීම නිසා එළවළු ගොවීන් මහත් අසීරුතාවට පත් වී සිටිති.


ගොවීන්ගෙන් රුපියලට දෙකට මිළ දී ගන්නා තක්කාලි කිලෝවක් සිල්ලර වෙළඳපොළට යන විට රු. 40ක් පමණ වේ.


ඇතැම් එළවළු වර්ග විකුණා ගන්නට බැරි බව ද ගොවීහු පවසති. එවැනි එළවළු නාස්ති වී යයි. ඒ පසු අස්වනු හානි ය.


පසුගිය දිනවල පසු අස්වනු හානි අඩු කරන්නට යයි කියමින් ප්ලාස්ටික් පෙට්ටි විකුණමින්, ගෝනි නැතිව ගොවීන්ගේ කරේ නැග සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු අභ්‍යන්තර වෙළඳ ඇමතිවරයා දැන් කොහේ ද?


පසු අස්වනු හානි අවම කිරීම කූඩයෙන් පමණක් කළ නො හැකි ය. මෙවැනි එළවුළු සුලබ කාලවල ඒවාට කුමක් කරන්නේ ද යන්න හා ගොවීන්ට පාඩු සිදුවීම වළක්වා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව වැඩපිලිවෙලක් තිබිය යුතු ය.


මෙන්න ආණ්ඩුවේ වැඩසටහන් ගැන ආණ්ඩුවේ ම දිනමිණ පුවත්පත කියන ලස්සන!


"ගොවියාට සිදු වී ඇති මේ පාඩුව සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරියකුගෙන් විමසූ විට හේ පැවසුවේ එළවළු වගාව ඔවුන්ට පාලනය කළ නොහැකි බවයි. ඊට වගකිවයුතු වෙන්නේ වෙළඳ අමාත්‍යාංශය බව ඔවුහු පවසති. සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ සතොස හෝ වෙනත් ලොරි යොදා දුර පළාත්වලට ගොස් ගොවියාගෙන් සෘජුවම එළවළු මිලදීගෙන විකුණා ගැනීමට නොහැකි වුවහොත් විශාල පාඩුවක් සිදුවන බවයි."

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Kauda me boots dekak dagena kumburu karana Cow boy?

    ReplyDelete
  2. කාටද අනේ කියන්නේ. මම නම් කියන්නේ පාරිභෝගිකයන්ගේ වැරැද්ද එළවළු නොකෑවයි කියලා මැරෙනවයි. එහෙම නොකා ඉන්නවනම් ගොවියෝ එළවළු වවන්නේ නෑනේ. ඒ කියන්නේ ඉල්ලුම නැති උනාමා සැපයුපත් නැති වෙන්වා, එතකොට ඒ ව්‍යාපාරිකයින් ලාබ ලබන වෙනත් දේ වැවුමට යොමුවෙනවා. පොපි මල්, කංසා, දුම්කොල වගේ. කොහොමද මගේ ආර්ථික දැණුම. හෙහ් හෙහ් මම බන්දුල සර්ගේ ගෝලයෙක්.

    ReplyDelete
  3. kalakanni..hal paruwan visin palanaya karana rataka arumaya...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා