බොරු සහනාධාර එපා තෙල් මිල අඩු කරනු

ඉන්ධන මිල සංශෝධනයට එරෙහිව මීගමු ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ වුවමනාවට නොව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවට බව ද “සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යනුවෙන් එහි වූ එක් සටන් පාඨයක සඳහන් වී තිබීමෙන් ඒ බව තහවුරු වන බව ද ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවස යි.


තෙල් මිල සංශෝධනය නිසා ජනතාවට යම් අසාධාරණයක් වුණා නම් ජනතාව මුලින්ම කළ යුතු වන්නේ තමන්ට වූ අපහසුව පියවා ගැනීමට අවශ්‍ය තරම් සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම බව හිටපු මාක්ස්වාදියකු වන මේ ඇමතිවරයා පෙන්වා දෙයි.


මේ ඇමතිවරයා වනාහි කලකට ඉහතදී ලෝක වෙළඳපොළේ මිළ ගණන් ඉහළ යන විට රටේ ද මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ අයෙකි.


“සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යන සටන් පාඨය වැරදි ද?


ඔන්න මේ දිනවල මහා සද්දයක් දමමින් භූමිතෙල් සහනාධාර කූපන් වගයක් බෙදා දෙමින් තිබේ. ඒවා දෙන්නේ විදුලිය නැති නිවාසවල ජීවත් වන පවුල්වලට ය. එක පවුලකට මසකට රු. 200ක් ම වටිනා කූපන් දෙනු ලැබේ. කඩුවෙලදී විමල් වීරවංශ ඇමතිතුමා සහභාගි වූ උත්සවයේදී 150කට මෙසේ භූමිතෙල් කූපන් දුන් බව වාර්තා වේ. ඒ අනුව රු. 30,000ක් ම වටිනා භූමිතෙල් කූපන් දී තිබේ. ඒවා බෙදා දුන් උත්සවයට අඩු ගණනේ රු. ලක්ෂ තුනක්වත් බිල් දමන්නට ඇත.


දැන් මේ කූපන්ලාභීන්ට කූපන් එකත් අතේ තියාගෙන දවස පුරා කරන්නට වැඩ තිබේ. දැන් ඔවුන් සමුපකාර කඩයට භූමිතෙල් එන්නේ කවදාදැයි නිතර සොයා බැලිය යුතු ය. එසේ එන දවසට උදෙන් ම ගොස් පෝලිමේ සිටිය යුතු ය. සහනාධාර භූමිතෙල් කවදා හෝ සමුපකාර කඩයට එන තෙක් පොඩි එවුන්ගෙන්, මීයන්ගෙන් කූපන් පත පරිස්සම් කර ගත යුතු ය. භූමිතෙල් කූපන් නො ලැබුණු දුප්පත්තු කූපන් ගන්නට අයදුම් කළ යුතු ය. අභියාචනා ලියාගෙන කන්තෝරු ගානේ යා යුතු ය.


මේවා කරන්නට ගිය විට දවසේ කුලියක් කර ගතමනාවක් සොයා ගන්නට ලැබෙන්නේ නැත.


මීට කලින් ත්‍රිරෝද සඳහා මෙවැනි ඉන්ධන සහනාධාරයක් හඳුන්වා දෙන ලදී. කිසිවෙක් එය ලබා ගත්තේ නැත. ඒ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ආණ්ඩුවේ කන්තෝරුවලින් එකී සහනාධාර ලබා ගන්නට වන්නට සිදු වන රස්තියාදුවේ මිළ ඉන්ධන සහනාධාරයට වඩා බෙහෙවින් වැඩි නිසා ය.


ආණ්ඩුවට මේ සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නට හොඳ තැනක් ඇත. ඒ ලංගමයි. ආණ්ඩුවට මෙසේ කරන්නට පුළුවන. වැඩි කළ ලංගම බස් ගාස්තුව අඩු කළ හැකි ය. ලංගමට ඉන්ධන සහනාධාරයක් දිය හැකි ය. එසේ නො කර ලංගම බස් ගාස්තුව වැඩි කළේ ඇයි?


ලංගම සේවකයෝ බස් ගාස්තුව වැඩි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කළේ නැත. බොරු සහනාධාර එපා, බස් ගාස්තු අඩු කරන්නැයි උද්ඝෝෂණ කළේ ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම වැනි බස් මුදලාලිලා පමණි. විමල් වීරවංශගේ තර්කය එතැනට අදාළ නැද්ද? එතැනදී ක්‍රියාත්මක වුණ රාජ්‍ය නො වන සංවිධානය කුමක්දැයි ඇමතිවරයා රටට කියනවා ද?


ජනතාව මේ බොරු සහනාධාර ප්‍රතික්ෂේප කළ යුතු ය. මේවා ලැබෙන ඒවා නො වේ. ලැබුණත් ලැබෙන්නේ සුළු පිරිසකට පමණි. ඒ සුළු පිරිසට ද එකී සහනාධාරය ගැනීම සඳහා විඳින්නට සිදු වන පාඩුව අධික ය.


ආණ්ඩුව සහනාධාර දෙන්නට කරදර වන්නට ඕනෑ නැත. කළ යුත්තේ ඉන්ධන මත පනවා ඇති අධික බදු අඩු කිරීම හා තෙල් සංස්ථාවේ කටයුතු කාර්යක්ෂම කිරීම පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බෝතල් දෙකක්වත් ගන්න මදි සහනාධාරේ දන ගහල වැඳලා ගන්න එවුන් ඉන්න රටක මොන විප්ලවද.. මේ කාළකන්නි කන්න නැතුවම මැරිලා යන්න ඕන..

    ReplyDelete
  2. ක්‍රිෂ්ණාFebruary 20, 2012 at 8:32 PM

    වීරවංසයා කවදාවත් මාක්ස් වාදියෙක්ව හිටියේ නෑ ඌ අම්බ ගොත්‍රිකවාදියෙක්.

    ReplyDelete
  3. මෙයා කලකට පෙර ලෝක බැංකුවෙන් ප්ලග් එක ගැලවීය. ප්ලග් එක නිකන් තිබුනාට වැඩක් නැත .එය කොහේ හෝ ගැසිය යුතුය . මට හිතෙන හැටියට ඒක වෙන කොහාට හරි ගසා ඇත . මේ ප්‍රශ්න ඔක්කොම ඒ නිසාය . අපි ඒකත් ගලවමුය. එතකොට හරිය . ඔබට සුබ අනාගතයක් !

    ReplyDelete
  4. This writer does not understand basic economic fundamentals. If he were our president, we would have nice and happy life but our kids will not have a country to live in. your arguments are ridiculous and this government will not reverse their decision. Simply you are wasting your cheap time and this forum won't build your political aspirations.

    ReplyDelete
  5. Wrtter Piyal knows nothing, he looks die hard now bankrupt govt. supporter.
    This country's economy is run by donkeys. Why can't they understand Kerosine is used by poor people ?
    White Elephants like Hambantota Harbour (with a mammoth stone), Chinese coal power plant (with used machinery), southern high way (cost over Rs.100 billion)have never brought any good to this country.
    Unwise projects & waste , corruption by ruling junta have brought in present sad situation & poor people have to pay for their sins.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා