පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප් වහා වැඩි කරනු!

රුපියල් 50,000 ක පමණ වැටුපක්‌ද, ඉන්ධන දීමනා ලෙස රුපියල් 18000 ක්‌ ද, රුපියල් 3000 ක දුරකතන දීමනාවක්‌ සහ විනෝදාස්‌වාදය වෙනුවෙන් දීමනාවක්‌ ද ආදී වයෙන් රු. 80,000ක පමණ වැටුපක් හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ජීවත් වීමට එය ප්‍රමාණවත් නො වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න "පාර්ලිමේන්තුවේ විශිෂ්ට සම්ප්‍රදායන් පිළිබඳ ජාතික හමුව 2012" නම් සමුළුවකදී පවසා තිබේ.


පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකුට හොඳ වාහනයක්‌ සමග රුපියල් ලක්‍ෂයක, ලක්‍ෂ දෙකක පමණ වන වැටුපක්‌ හිමි වේ.


ඇත්ත ය. එහෙත්, ඒ වෘත්තිකයාට එකී පෞද්ගලික ආයතනය හිමි සේවායෝජකයා එකී වැටුප ගෙවන්නේ ඔහු එම ආයතනයට ඵලදායී සේවාවක් සපයන නිසා ය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවායෝජකයා මහජනතාවයි. මහජනතාව මොවුන්ට ගෙවන මේ වැටුප ද වැඩි ය. හේතුව ‍මන්ත්‍රීවරුන්ගෙන් සිදු වන ඵලදායී සේවාවක් නැති බැවිනි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාමාන්‍යයෙන් පිළිවෙලකට පාර්ලිමේන්තු රැස්වීම්වලට හෝ සහභාගි නො වෙති. ඔවුහු සාමාන්‍යයෙන් පාර්ලිමේනුතවේදී හෝ හරවත් කතාවක් කො කරති. මහජන මතය නියෝජනය නො කරති.


ඔවුහු එක පැත්තකින් ඡන්දය දිනා වාසිය පිණිස අනෙක් පැත්තට කරනම් ගසති. ආණ්ඩුවට සම්බන්ධ වී කොන්ත්‍රාත් ආදී ව්‍යාපාරවලින් හතර වරම් යටි මඩි ගසති.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ඇත්තෙන් ම ලැබිය යුත්තේ සිරගෙදර සිරකරුවන්ට ගෙවන වැටුපයි.


එරාන් වික්‍රමරන්න වැනි වෘත්තිකයන් දේශපාලනයට එනවා නම් ඔවුන් උත්සාහ කළ යුත්තේ එහි භාවිතාව වෙනස් කරන්නට ය. එය පටන් ගත යුත්තේ වැටුපෙන් නො වේ.


සාමාන්‍ය මිනිසුන් සොරුන් වනුයේ ජීවත් වීමට සරිලන වැටුපක් නොමැති නිසා විය හැකි ය. එහෙත්, දේශපාලකයන් යන පිරිස සාමාන්‍ය මිනිසුන්ට වඩා කුමක් හෝ විශිෂ්ටත්වයක් ඇති පිරිසක් විය යුතු ය.


අපේ රටේ සිදු වන්නේ සොරුන් දේශපාලකයන් වීම ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙය අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතුය. ජනතාවට සේවය කිරීමට ඇප කැප වී සිටින අයට සලකන හැටි පුදුම සහගතය. 2000 සිට ඔවුනට හිග මුදල් ද වහ ලබා දිය යුතුය.මේ සඳහා මම සතියක වැටුප ප්‍රධානය කිරීමට සූදානම්.

    ReplyDelete
  2. මෙය අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතුය. ජනතාවට සේවය කිරීමට ඇප කැප වී සිටින අයට සලකන හැටි පුදුම සහගතය. 2000 සිට ඔවුනට හිග මුදල් ද වහ ලබා දිය යුතුය.මේ සඳහා මම සතියක වැටුප ප්‍රධානය කිරීමට සූදානම්.

    ReplyDelete
  3. මේ කාළකන්ණි දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕකුන්ට උවමනාවක් නෑ. එරාන්ලා ට්‍රයි කරන්නේත් කීයක් හරි හම්බකර ගන්න. විශ්‍රාම වැටුප් නැති. වාහන නැති කලින් තිබුන ක්‍රමේ තියෙන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නම වෙනවා. ජනතාවට සේවයක් කරන්න බැරිනම්. තියෙන දෙයක් කාලා වෙන දේ බලන් උන්නම් ඉවරනේ. පාර්ලීමේන්තු එන්නේ නැතුව. හැම එකාම මනාප ක්‍රමේට. ආරක්ෂාව අයින් කරනවට විරුද්ධ ඒකයි.

    ReplyDelete
  4. නිහාල් ගුරුසිංහට නං සති දෙකකම වැටුප දෙන්න වෙනව...හෙහ්...හෙහ්...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා